දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.
රටේ කීර්තියක් අත්කරගත් ජනප්රිිය පුද්ගලයින් පිළිබඳ තොරතුරු දැන කියා ගැනීම සඳහා සමාන්ය ජනතාව ද දක්වන්නේ, දැඩි කැමැත්තක් මෙන්ම උනන්දුවකි. ඒ නිසාම ඔවුන් හා සම්බන්ධ සුළු හෝ පුවතක් ඉතා ශීඝ්රයෙන් ඇතැම් අවස්ථාවල නොමගයවන සුළු ආකාරයෙන් පවා සමාජ මාධ්ය ජාලා ඔස්සේ, සංසරණය වන ආකාරයක් දැකගත හැකියි. මේ එලෙස මෙරට ප්රවීණ මාධ්යවේදියෙකු සම්බන්ධව සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳ සිදු කළ විමසා බැලීමක්.
සමාජ මාධ්ය සටහන් (Social Media Posts) :
ජ්යෙෂ්ඨ මාධ්යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා ස්වර්ණවාහිනියට යනුවෙන් සඳහන් කරමින් සිරස සහ ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවල ලාංඡන ද සහිතව මාධ්යවේදී චන්දන සූරිය බණ්ඩාර මහතාගේ ඡායාරූපයක් ද සහිතව පළකර ඇති මෙම ෆේස්බුක් සටහනේ දැක්වෙන්නේ, මීට පෙර සිරස මාධ්ය ජාලයේ සේවය කළ මාධ්යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා ස්වර්ණවාහිනී ආයතනය හා එක්ව ඇති බවයි. එහි ලක්ෂපති ආරයේ වැඩ සටහනක් ද නිර්මාණය වීමට නියමිත බවට වාර්තා වන බව ද එහි සඳහන් ය.


