Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : උසස් පෙළ හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග දිනයන්හි මේ දක්වා කිසිඳු වෙනසක් නැත!

    2020-10-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිගු කාලයකට පසු ලංකාවේ සමාජය තුළ කොරෝනා ව්‍යාප්තිය සීමා වී නව ආසාදිතයින් වාර්තා වුනේ විදේශයන්ගෙන් පැමිණි අය සහ ඔවුන්ගේ සමීපතයන් ගෙනි. නමුන් පසුගියදා දිවුලපිටියේ කොරනා ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් නැවතත් දිවයිනම සම්පුර්ණයෙන්ම වාසා දැමෙන බවට අසත්‍ය පුවත් ර

    දිගු කාලයකට පසු ලංකාවේ සමාජය තුළ කොරෝනා ව්‍යාප්තිය සීමා වී නව ආසාදිතයින් වාර්තා වුනේ විදේශයන්ගෙන් පැමිණි අය සහ ඔවුන්ගේ සමීපතයන් ගෙනි. නමුන් පසුගියදා දිවුලපිටියේ කොරනා ආසාදිත කාන්තාවක් වාර්තා වීමත් නැවතත් දිවයිනම සම්පුර්ණයෙන්ම වාසා දැමෙන බවට අසත්‍ය පුවත් රැසක් හුවමාරු විය. එසේම දින කිහිපයකින් පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය මෙන්ම උසස් පෙළ විභාගයද කල් දමා ඇති බවට ද තහවුරු නොකරන ලද සටහන් හුවමාරු වූ අතර සෞඛ්‍යාරක්ෂණ විධිවිධාන යටතේ සැලසුම් කල පරිදි විභාගය පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යවරයා දැනුම්දීමත් සමඟම එම සටහන් සියල්ල ව්‍යාජ බව තහවුරු විය.

    ව්‍යාජ සටහන්:

    දිවුලපිටියේ කොරනා ආසාදිත කාන්තාව පිලිබඳ පුවත් වාර්තා වූ දිනයේම වෙබ් අඩවියක පලවී තිබුනේ උසස් පෙළ හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග කල් දැමීමට රජය තීරණයක් ගෙන ඇති බවයි. තවදුරටත් එහි පෙන්වා දී තිබුනේ මෙසේ විභාගයන් කල් දැමීමේ තීරණයක් ගත් බව අධ්‍යාපන අමාත්‍යංශයේ අනුෂා ගොකුළ මහත්මිය ප්‍රකාශ කල බවයි. එම පුවත පහතින්

    LinkArchived Link

    දමිළ බසින් ද එම සටහන් මෙසේ හුවමාරු වී තිබුනා

    LinkArchived

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මීට පෙරද කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් කල් දැමුණු මෙම විභාග කල් දම තිබේ දැයි බොහෝ දෙනා විමසිලිමත් වී තිබුනා. එයට පිළිතුරු වශයෙන්, ඊයේ (ඔක්තෝබර් මස 07 වැනිදා) අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් සහභාගී වූ පුවත් සාකච්ඡාවේදී ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය නොවෙනස් පරිදි ඔක්තෝබර් මස පැවැත්වෙන බව දැනුම් දී තිබුනා 

    News.lkArchived

    කෙසේ වෙතත් කොවිඩ් වෛරස් තත්වය අවිනිශ්චිත බවත් මේ පිළිබඳ දැනට රජයේ තීරණය නොවෙනස් පරිදි අදාළ විභාග පැවැත්වී බවත් අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා අවධාරණය කර තිබුණි. සෞඛ්‍යාරක්ෂණ ක්‍රම අනුගමනය කරමින් විභාග පැවැත්වීමට අදහස් කරන ආකාරය පිළිබඳව ද පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනු දැකගන්නට ලැබුණි. එම මාධ්‍ය සාකච්ඡාවේ කොටසක් පහතින්.

    මේ අනුව කලින් සැලසුම් කල පරිදි එළඹෙන ඔක්තෝබර් මස 11 වැනිදා ශිෂ්‍යත්ව විභාගයද ඔක්තෝබර් 12 සිට නොවැම්බර් මස 06 වැනිදා දක්වා උසස් පෙළ විභාගය ද පැවැත්වෙනු ඇත.

    “දරුවන්ගේ උපරිම සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය නියමිත දිනයන්හිදී පැවැත්වීමට පියවර” යනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය විසින් ද මේ පිළිබඳ විස්තාරාත්මක සටහනක් පල කර තිබුණා.

    https://www.facebook.com/moe.gov.lk/posts/2735511053435699?__cft__[0]=AZVVkgIBo7aD5YunPYQ1TVpyT36mexsFrxFly2yG6jpdNJHL5GOqcoDwOUgidwWXzN-FJ_48GY62SziHTXrLu-lFKr8mrZIBi4we6bvel57VuXPd70HeK2F3znNE1hTmX4tL4ia-B9wcd7VFHAliT1Gn-j7tIvCN–YQW5oJR3rAfraIw87JKkpXj9esbcOaCrY&__tn__=%2CO%2CP-R

    Fb Link | Archived

    කෙසේවෙතත් ඉහත ව්‍යාජ පුවත් සටහන් වල බව අධ්‍යාපන අමාත්‍යංශයේ අනුෂා ගොකුළ මහත්මියගේ ප්‍රකාශයක් පාදක කරගනිමින් මෙම විභාග කල් දැමීමේ පුවත් නිර්මාණය වී තිබු බැවින් මේ පිලිබඳ අප විභාග කොමසාරිස් සනත් පුජිත මහතා ගෙන් කල විමසීමක දී ඔහු පවසා සිටියේ තමා ද ඇයගෙන් මෙවැනි ප්‍රකාශයක් සිදු කළාදැයි විමසා සිටි අතර එවැන්නක් සිදී නොකළ බව ඇය තහවුරු කල බවයි. 

    මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට සහ 05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් සඳහා විභාග දෙපාර්තමේන්තුව විසින්  විශේෂ උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බවද වාර්තා වී තිබුනා.

    Dinamina | Archievd

    Conclusion (අවසාන නිගමනය)

    අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ කලින් සැලසුම් කල පරිදි එළඹෙන ඔක්තෝබර් මස 11 වැනිදා ශිෂ්‍යත්ව විභාගයද ඔක්තෝබර් 12 සිට නොවැම්බර් මස 06 වැනිදා දක්වා උසස් පෙළ විභාගය ද පැවැත්වෙනු ඇති බවයි. එම විභාග කල් ගිය බවට පළවූ සටහන් බොහොමයක් මේ වන විට ඉවත් කරගෙන ඇති අතර ඒවා සියල්ලක්ම සාවද්‍යයි

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:උසස් පෙළ හා 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාග දිනයන්හි මේ දක්වා කිසිඳු වෙනසක් නැත!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.