Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: අනුර කුමාර නායකත්වයෙන් ඉවතට? නව නායක බිමල් රත්නායක?

    2021-09-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් වන විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. මින් ඇතැම් ප්‍රචාර සත්‍ය වන අතර ,ඇතැම් ප්‍රචාර අසත්‍යයි. මේ ජ.වි.පෙ නායකත්වය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාලවල පැතිරෙන අසත්‍ය  ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ ගවේෂණයක්. ස

    ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධයෙන් වන විවිධ ප්‍රචාර සමාජ මාධ්‍ය හරහා පැතිරෙනවා. මින් ඇතැම් ප්‍රචාර සත්‍ය වන අතර ,ඇතැම් ප්‍රචාර අසත්‍යයි. මේ ජ.වි.පෙ නායකත්වය සම්බන්ධයෙන් මේ දිනවල සමාජ ජාලවල පැතිරෙන අසත්‍ය  ප්‍රචාරයක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ ගවේෂණයක්.

    සමාජ ජාල සටහන් :

    “නව නායකතුමාට ජය වේවා “, ලෙස සටහනක් එක්කරමින් ජ.වි.පෙ මධ්‍යමකාරක සභික බිමල් රත්නායක හිටපු මන්ත්‍රීවරයාගේ ඡායාරූපයක්ද සහිතව පළව තිබූ ෆේස්බුක් සටහනකුයි මේ.

    Facebook| Archived

    ඒ හා සමාන වූ තවත් සටහනක් පළව තිබුණේ මෙලෙසින්.

    Facebook| Archived

    බොහෝ දෙනෙකුගෙන් ලද ඉල්ලීම් නිසා මේ පිළිබඳවසොයා බැලීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මේ පිළිබඳව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වල කරුණු සටහන් වී ඇත්දැයි අපසොයා බැලුවා.එහිදී දැනගන්නට ලැබුණේ කිසිදු ප්‍රධාන ධාරාවේ මාධ්‍යයක් මෙවැනි පුවතක් පළ කර නොමැති බවයි.

    අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය අංශයෙන්ද මේ පිළිබදව විමසා බැලුවා. ඔවුන් පැවසුවේ, නායකත්වය හා සම්බන්ධයෙන් වන මෙවන් වෙනසක් පිළිබදව පක්ෂ අභ්‍යන්තරයේ හෝ කිසිදු කතිකාවතක් මෙතෙක් ඇතිවී නොමැති බවක්. මධ්‍යමකාරක සභාවේ පවා මෙවැනි වෙනසක් පිළිබඳව සාකච්ඡාවට ගෙන නොමැති බවද ඔවුන් පැවසුවා.

    එමෙන්ම පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් තීරණය කරන්නේ පක්ෂ සම්මේලනයකදී වන අතර අවසාන වශයෙන් පක්ෂ සම්මේලනයක් පැවතියේ 2015 වසරේදීයි බවත් අනුරකුමාර සහෝදරයා නායකත්වයට පත්වූයේ එවන් පක්ෂ සමුලුවකදී බවත් සඳහන් කළා. සාමාන්‍යයෙන් වසර 5 න් 5 ට සමුලු පවත්වන නමුත් රටේ පවතින වත්මන් තත්ත්වය හමුවේ,ඊලග පක්ෂ සම්මේලනයක් පැවැත්වෙන්නේ කුමන වකවානුවකදැයි නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි ජ.වි.පෙ. මාධ්‍ය අංශයෙන් වැඩිදුරටත් සඳහන් කළේ.

    බිමල් රත්නායක මහතාද මෙය ව්‍යාජ පුවතක් බවට අප කළ විමසීමේදී සඳහන් කළා.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කළ කරුණු විමසීමේදී තහවුරු වූයේ, ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදුව නොමැති බව සහ ඒ සඳහා සූදානමක්ද පවතින් බවට පළ වන පුවත් අසත්‍ය බවයි. ඒ බව බිමල් රත්නායක මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය අංශය විසින් තහවුරු කරනු ලැබුවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-09-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.