Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    Explainer: Google Map හි ජුබිලි කණුව හන්දිය, පිස්සට හූ කියපු හන්දිය ලෙස වෙනස් වුණාද?

    2022-01-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දේශාපලන වේදිකාවේ මෙන්ම දේශපාලනය හා ඈඳෙන කාලීන සිදුවීම් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ වන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. එවන් සිදුවීමක් මුල් කොටගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් පහතින්.  සමාජ මාධ්‍ය

    දේශාපලන වේදිකාවේ මෙන්ම දේශපාලනය හා ඈඳෙන කාලීන සිදුවීම් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් සටහන් පළ වන අයුරු අපට සුලබව දක්නට ලැබෙනවා. එවන් සිදුවීමක් මුල් කොටගෙන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසා බැලීමක් පහතින්. 

    සමාජ මාධ්‍ය සටහන් :

    නුගේගොඩ, ජුබිලි කණුව හන්දිය, Google Map හි දක්වා ඇත්තේ, ‘Jubilee Post (පිස්සට හූ කියපු හන්දිය)’ ලෙසින් බවට Google Mapහි ඡායාරූප දෙකක් පෙන්වමින් ෆේස්බුක් සටහනක් ඉදිරිපත් කර තිබුණා.

    Facebook | Archived Link

    Facebook | Archived Link

    සැබවින්ම Google Map හි කොළඹ, නුගේගොඩ ප්‍රදේශයේ ‘ජුබිලි කණුව හන්දිය’ නැතහොත් ‘Jubilee Post’ මෙලෙසින්  ‘Jubilee Post (පිස්සට හූ කියපු හන්දිය)’ ලෙසින් වෙනස් කර ඇත්දැයි අප Google Map ඔස්සේ නිරීක්ෂණය කරනු ලැබුවා.

    අපට දැකගන්නට ලැබුණේ, එලෙසින් ‘ජුබිලි කණුව හන්දිය’ නැතහොත් ‘Jubilee Post’ Google Map හි මේ දක්වා වෙනසක් නොමැති බවකි.

    එමෙන්ම Google Street View ඔස්සේ ද ජුබිලි කණුව ඉහත සටහනේ දැක්වෙන පරිදි ‘පිස්සට හූ කියපු හන්දිය’ ලෙසින් නම් කර නොතිබුණි.

    එමෙන්ම එම ස්ථානය සත්‍ය වශයෙන්ම සඳහන් කර ඇත්තේ “Jubilee Post-‍ ඵෙතිහාසික මංසලකුණ” ලෙසයි.

    මේ වන විට ‘පිස්සට හූ කියපු හන්දිය’ ලෙසින් ජුබිලි කණුව හන්දිය Google Map හි දක්නට නොලැබුණත් ‘පිස්සට හූ කියපු හන්දිය’ ලෙසින් Google Map Search ඔස්සේ පරීක්ෂා කිරීමේදී එහි ජුබිලි කණුව නොහොත් ජුබිලි පෝස්ට් හි සිතියම් ස්ථානය පෙන්නුම් කරනු ලැබුවේ මෙලෙසින්.

    කෙසේ වෙතත් Google Mapහි ජුබිලි කණුව හන්දිය ‘පිස්සට හූ කියපු හන්දිය’ ලෙසින් වෙනස් වී ඇති බවට ෆේස්බුක් පරිශීලකයින්ද ප්‍රතිචාර දක්වා තිබුණේ මෙලෙසින්.

    මේ වන විට Google Map හරහා දැක ගන්නට ලැබෙන්නේ, Jubilee Post පමණක් බැවින් එම ස්ථානය Google Map හි පෙර සංස්කරණය කර තිබුණේ ද යන්න සහ සංස්කරණය කරන ලද්ද කොපමණ වේලාවක් Google Map ඔස්සේ පෙන්නුම් කර තිබුණේද යන්න තොරතුරු තහවුරු කර ගැනීම සඳහා අප Google ආයතනයෙන් විමසීමක් කළ අතර එම පිළිතුර සමගින් මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

    පසුගියදා 29 වන දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රැගත් රථ පෙළ නුගේගොඩ ජුබිලි කණුවේ පිහිටි ‘පැලවත්ත’ කිරි පිටි අලෙවිසැල අසලින් ගමන් කරමින් සිටියදී ජනතාව හූ හඬ නැගූ බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමත් සමග මෙලෙසින් Google Map හි ජුබිලි කණුව ස්ථානය උපහාසාත්මක කෝණයෙන් වෙනස් කර ඇති බවට උපකල්පනය කළ හැක.

    මෙම ලිපිය යාවත්කාලීන කරන ලදී.

    Also Read:

    ජුබිලි කණුවේ කිරි පෝලිම් ගැන අසත්‍ය තොරතුරු පැතිරවූ ජවිපෙ සාමාජිකයින් දෙදෙනෙකු CID භාරයට ??

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-01-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.