Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ගර්භණීත්වය පරීක්ෂා කරන Clearblue පරීක්ෂණ කට්ටලය ඇතුළේ අමුතු පෙත්තක්? 

    2025-10-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ගර්භණීත්වය පරීක්ෂා කරනු ලබන Clearblue වෙළඳ නාමය යටතේ ඇති පරීක්ෂණ කට්ටලවල කිසියම් පෙත්තක් සඟවා ඇති බව පෙන්වන වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී. මීට පෙත්ත යන

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ගර්භණීත්වය පරීක්ෂා කරනු ලබන Clearblue වෙළඳ නාමය යටතේ ඇති පරීක්ෂණ කට්ටලවල කිසියම් පෙත්තක් සඟවා ඇති බව පෙන්වන වීඩියෝ දර්ශන පෙළක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී. මීට පෙත්ත යන වචනය භාවිත කිරීම නිසා බොහෝ පරිශීලකයින් එය ඖෂධයක් හෝ උපත් පාලන ක්‍රමයක් බවට උපකල්පනය කර ඇති ආකාරයක් පෙන්නුම් කරයි. ඒ අනුව අප නිර්වද්‍යතාව පරීක්ෂා කිරීමට පියවර ගත්තේ ය.  

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ගර්භණීත්වය පරීක්ෂා කරන කට්ටලවල සැඟවුණු පෙත්ත යනුවෙන් සඳහන් කරමින්  සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩීයෝව පළ කර ඇති අතර වීඩියෝවට අනුව  Clearblue ගර්භණී පරීක්ෂණ කට්ටලයක් විවෘත කර එහි ඇතුළත සුදු පැහැති පෙත්තක්  ඉවතට ගන්නා අකාරය දැකගත හැකියි.  මෙම වීඩියෝවල ඇති අදහස් පළ කරීම් අනුව පෙනී යන්නේ,  අදාළ පරීක්ෂණ කට්ටල ඇතුළත සඟවන ලද ඖෂධයක් ඇති බවට ඇතැමුන් අනුමාන කර ඇති බවත් ඒ පිළිබඳව කිසියම් සැකසංකා මතුව ඇති බවත් ය.   

    Facebook | Archive

    Instagram| Archive

    ඒ අනුව සැබෑ ලෙසම Clearblue ගර්භණීත්ව පරීක්ෂණ කට්ටල තුළ මෙවැනි පෙත්තක් තිබේ ද සහ එලෙස තිබේ නම් සත්‍ය ලෙසම එය කුමක් ද යන්න පිළිබඳව අප මෙලෙස කරුණු පරීක්ෂා කර බැලීමට පියවර ගත්තා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    Clearblue වෙළඳ නාමය යටතේ ගර්භනීත්වය පරීක්ෂා කරන මෙම කට්ටල මෙරට ඔසු සළවල විකිණීමට ඇත් ද යන්න අප මේ පිළිබඳව ඔසු සළවල් කිහිපයකින් විමසීමක් කළ අතර ඔවුන් පැවසුවේ එම වෙළඳ නාමය යටතේ මෙම කට්ටල විකිණීමට නොමැති බවයි. නමුත් මාර්ග ගත වෙළඳපොළයන්හි මෙම සන්නාමය යටතේ ඇති ගර්භනීත්වය පරීක්ෂා කරන කට්ටල මිලදී ගැනීමේ අවස්ථා ඇති බව මෙලෙසින් සහ මෙලෙසින් දැක ගන්නට ලැබුණා.

    කෙසේ වෙතත් පාරිභෝගික අධිකාරිය ද, අප කළ විමසීමේදී සඳහන් කළේ, ගර්භනීත්වය පරීක්ෂා කරන කිසිදු කට්ටලයක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී නොමැති බවයි.

    Clearblue සමාගමේ නිල ප්‍රකාශය 

    මේ සම්බන්ධව Clearblue සමාගම සිය නිල වෙබ් අඩවිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් සිය ප්‍රතිචාරය දක්වා තිබේ.  ඔවුන් පවසන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩීයෝ දර්ශන සම්බන්ධව සිය සමාගමේ අවධානය යොමු ව ඇති බවයි. 

    Clearblue ගර්භණීත්ව පරීක්ෂණ කට්ටලවල අන්තර්ගත ද්‍රව්‍ය තෙතමනය අවශෝෂණය කර ගැනීම සඳහා වන desiccant එකක් බවත් එය ආහාරයට නොගත යුතු බවත් ය. තවද සමාගම අවධාරණය කර සිටින්නේ, සිය නිෂ්පාදනවල කිසිදු ඖෂධයක් අඩංගු නොවන බවත් එය Plan B හෝ ගැබ් ගැනීම  වැළැක්වීමේ හදිසි ඖෂධයක් එහි අන්තර්ගතව නොමැති බවයි.  

    විශේෂඥ ප්‍රතිචාර 

    මේ අතර සෞඛ්‍ය විශේෂඥයින් මේ පිළිබඳව අදහස් දක්වමින් අනතුරු අඟවා සිටින්නේ, පරීක්ෂණ කට්ටල තුළ ඇති සුදු පැහැති ද්‍රව්‍ය ඖෂධයක් නොවන බවයි. වෛද්‍ය Myro Figura සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ සම්බන්ධව අදහස් දක්වමින් පවසා ඇත්තේ,  සමාජ මාධ්‍යයේ  සංසරණය වන තොරතුරු නොමඟ යවන සුළු තොරතුරු බවයි. ඔහු සිය කරුණු පැහැදිලි කිරීමේදී වැඩිදුරටත් පවසා ඇත්තේ, එය අහාරයට නොගත යුතු ද්‍රව්‍යක් බවයි. 

    Clearblue පරීක්ෂණ කට්ටල නිෂ්පාදනය කරන ආයතනය මේ සම්බන්ධව ප්‍රතිචාර දක්වා ඇති අතර  Swiss Precision Diagnostics හි වෛද්‍ය Fiona Clancy පැහැදිලි කිරීමක් සිදු කරමින් පවසා ඇත්තේ, තම ආයතනය නිෂ්පාදනය කරන සියලුම පරීක්ෂණ කට්ටල සඳහා desiccant එකක් ඇතුළත් කිරීම සමාන්‍ය ක්‍රමයවේදය බවයි. එමගින් පරීක්ෂණ කට්ටලයේ ඇති තෙතමනය අවශෝෂණය කර ගන්නා බවත් ඒ අනුව පරීක්ෂණ කට්ටලය භාවිතයට වලංගු කාලය තුළදී  නිසි ක්‍රියාකාරීත්වයක් පෙන්වන බවයි.  desiccant එක විෂ සහිත නොවූව ද ශරීරගත වුවහොත්  වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව ද එම ආයතනය පවසයි. වැඩි විස්තර 

    මේ අනුව තහවුරු වන්නේ Clearblue පරීක්ෂණ කට්ටල තුළ ඇති පෙතත් වැනි දෙය උපත් පාලන ක්‍රමයක් හෝ ඖධයක් නොවන බවත් අදාළ කට්ටලයේ තෙතමනය අවශෝෂණය සඳහා යොදා ඇති ද්‍රව්‍යයක් බවයි. ඒ අනුව මෙය පෙත්තක් ලෙස හැඳින්වීමේදී එහි ඖෂධීය අරමුණක් ඇති බවට වන නොමග යැවීම සිදු වේ. 

    Clearblue ගර්භණීත්ව පරීක්ෂණ කට්ටලයේ අන්තර්ගගතය 

    පරීක්ෂණ කට්ටලය තුළ ඇති පෙත්තක් වැනි ද්‍රව්‍ය තෙතමනය අවශෝෂණය කර ගැනීම සඳහා වන ද්‍රව්‍යක් වන අතර එය ඇතුළත් කර ඇත්තේ, Clearblue ගර්භණීත්ව පරීක්ෂණ කට්ටලය තෙතමනයෙන් ආරක්ෂා කිරීමටත්, ගැබ්ගෙන ඇති බව තහවුරු කෙරෙන HCG හෝර්මෝනය නිවැරදිව හඳුනා ගැනීම සහතික කිරීම සඳහායි. මෙම ද්‍රව්‍ය කිසිදු ආකාරයේ උපත් පාලනයට යොදා ගන්නා ද්‍රව්‍යක්, හෝර්මෝන හෝ ඖෂධ කොටසක් නොවේ. අදාළ පෙත්ත වැනි ද්‍රව්‍ය රසායනිකව විෂ සහිත ද්‍රව්‍යක් නොවන නමුත් ශරීරගතවීම සුදුසු බවට අනුමත නොකෙර්. නිෂ්පාදකයින් පවසන්නේ, එය ගිල දැමීමක් සිදු කළ හොත් හුස්ම ගැනීමේ අපහසුවක් හෝ සුළු උදරයේ අපහසුතාවයක් ඇති විය හැකි බවයි. වැඩි විස්තර මෙතැනින් 

    තව ද Clearblue සමාගම පවසන්නේ, සිය පරීක්ෂණ කට්ටලය තුළ ගර්භණීත්වය පරීක්ෂා කරන පටිය, තෙතමනය අවශෝෂණය කර ගැනීම සඳහා වන පෙත්තක් වැනි ද්‍රව්‍ය පමණක් ඇතුළත් බවයි. HCG හෝර්මෝනය හඳුනා ගැනීමට අවශ්‍ය කරන රසායනික ද්‍රව්‍යවලට අමතරව වෙනත් කිසිදු ඖෂධයක්, වෙනත් ආකාරයේ ක්‍රියාශීලී ද්‍රව්‍යක් නොමැති බවයි. තව ද ප්‍රමාණයෙන් විශාල වෙනත් නිෂ්පාදන ඇසුරුම්වල මෙම ද්‍රව්‍ය තෙතමනය අවශෝෂණය කරනු ලබන ද්‍රව්‍යක් බවට සඳහන් කර ඇතැයි බව ද සමාගම පවසයි. වැඩි විස්තර මෙතැනින් 

    Desiccant එකක් සාමාන්‍යයෙන් silica gel (තෙතමනය අවශෝෂණය කර ගැනීමට භාවිත කරන කුඩා ගුලි ආකාරයේ ද්‍රව්‍ය) ආහාර, විදුලි උපකරණ සහ වෛද්‍ය ඇසුරුම් වල බහුලව භාවිත කෙරේ. ඒවා “Do not eat” යනුවෙන් සඳහන් වන්නේ, ශරීරගත වුවහොත් හුස්ම ගැනීමේ අපහසුව , උදරයේ අපහසුතා ඇතිවිය හැකි නිසා මිස එහි ක්‍රියාකාරී ඖෂධයක් අඩංගු නිසා නොවේ. වැඩි විස්තර මෙතැනින්  විශේෂයෙන් මෙම ද්‍රව්‍ය ළමුන්ට ශරීරගතත වීමක් හෝ  හෝ රෝග ලක්ෂණ මතු වුවහොත්  වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු වේ. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :ගර්භණීත්වය පරීක්ෂා කරනු ලබන Clearblue කට්ටලවල පෙත්තක් අඩංගු බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් නොමඟ යවනසුළු වන අතර  එම කට්ටලය තුළ  කිසියම් ආකාරයේ කුඩා පෙත්තක් වැනි ද්‍රව්‍යක් තිබුණ ද, එය තෙතමනය අවශෝෂණය කර එම කට්ටලයේ භාවිතයට වලංගු කාලය තුළ  100%ක් නිවැරදි පරීක්ෂණ ප්‍රතිඵලයක් තහවුරු කිරීමේ අරමුණින් ඇතුළත් කරන ලද  ද්‍රව්‍යයකි. එය “පෙත්තක්” ලෙස හඳුන්වා තිබීම කිසියම් කුතුහලයක්  ඇති වීමට බලපා ඇත. තව ද අදාළ ද්‍රව්‍ය ඖෂධයක් නොවන බවත්  ආහාරයට ගත යුතු දෙයක් නොවන බවත් පැහැදිලි වේ.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-10-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.