Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මීගොල්ල – මීගහකිවුල නායයෑමකින් රෝහලකට හානි වූ බවට හුවමාරු වන සටහන් අසත්‍යයි !

    2025-12-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රට තුළ උද්ගත වී ඇති ආපදා තත්ත්වය සමඟ ඇතිවූ ආපදා තත්වයන් ඇතැම් අවස්ථාවල දී උද්දීපනය කරමින් නොමග යවන සුළු සහ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ  හුවමාරු වනවා. එවැනි සටහන් පෙලක් සම්බන්ධයෙන් අප ව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    රට තුළ උද්ගත වී ඇති ආපදා තත්ත්වය සමඟ ඇතිවූ ආපදා තත්වයන් ඇතැම් අවස්ථාවල දී උද්දීපනය කරමින් නොමග යවන සුළු සහ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය තුළ  හුවමාරු වනවා. එවැනි සටහන් පෙලක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ කරුණු පරීක්ෂා කිරීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “මීගොල්ල නායයෑමෙන් එම රෝහලට බරපතලයි. දොස්තරලා නර්ස්ලා රැසක් අවතැන්” යනුවෙන් සටහනක් සමාජ මාධ්‍ය තුළ පළවී තිබූ අතර එම සටහන බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්,

    Facebook | Archived FB

    එම අන්තර්ගතය සහිත තවත් සටහන් බහුලව හුවමාරු වී තිබුණේ මෙලෙසින්,

    Facebook Facebook Facebook

    මීගොල්ල ප්‍රදේශයේ නාය යෑමක් සිදුවී ඇත්ද යන්න සහ එමගින් රෝහලකට හානියක් සිදුවී ඇත්ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම):

    මීගොල්ල ප්‍රදේශයේ නාය යෑමක් සිදුවී ඇත්ද යන්න සහ එමගින් රෝහලකට හානියක් සිදුවුණි ද යන්න තහවුරු කර ගැනීම සඳහා අප විසින් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ E.M.L.V කුමාර මහතා ගෙන් විමසීමක් සිදුකළා. එහිදී ඔහු විසින් සඳහන් කළේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරහෙල, මීගොල්ල ප්‍රදේශයේ නාය යෑම් ස්ථානයක් දෙසැම්බර් 10 අලුයම යළි සක්‍රිය වී ඇති බවයි.

    මීගොල්ල නායයෑමෙන් රෝහලකට හානියක් සිදු වී නැහැ!

    කෙසේවුවත් බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂකතුමා සඳහන් කලේ සිදුවූ නායයෑමෙන් ඒ අවට තිබු කිසිදු හෝ රෝහලකට හානියක් වී ඇති බවට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සම්පූර්ණයෙන් අසත්‍ය බවයි. අදාළ නාය යාම හේතුවෙන් ජීවිත හෝ දේපල හානි කිසිවක් වාර්තා නොවන බව ද ඔහු තවදුරටත් සඳහන් කලා.

    මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්

    අප විසින් මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්තුමියගෙන් ද මේ සම්බන්ධයෙන් විමසීමක් සිදු කලා. එහිදී ඇය සඳහන් කළේ නායයෑම සිදුවූ ස්ථානයට ආසන්නයේ රෝහලක් නොමැති බවත්, එම ප්‍රදේශයේ ජනතාව වෛද්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා මීගහකිවුල රෝහල සහ ලුණුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තිබෙන මැටිගහතැන්න රෝහල භාවිතා කරන බවත් ය. සිදු වූ නායයෑමෙන් එම රෝහල් වෙත කිසිඳු හානියක් සිදු වී නොමැති බව ඇය සඳහන් කලා.

    අප Google Maps ඔස්සේ සිදුකළ පරික්ෂාවේ දී ද තහවුරු වුයේ නායයෑම සිදුවූ මොරහෙල, මීගොල්ල ප්‍රදේශයෙන් සිට මීගහකිවුල දිසා රෝහලට මෙන්ම මැටිගතැන්න දිසා රෝහලටත් සැලකිය යුතු දුරක්, එනම් කිලෝමීටර දහයකටත් වැඩි දුරක්, ප්‍රතිවිරුද්ධ දිශාවන්ට ඇති බවයි

    මීගහකිවුල සහ මැටිගහතැන්න ප්‍රාදේශීය රෝහල්

    මීගහකිවුල ප්‍රාදේශීය රෝහලේ හිටපු ස්ථානභාර වෛද්‍ය නිලධාරි තුමාගෙන් ද මේ පිළිබඳව විමසු අතර ඔහු පවසා සිටියේ කිසිදු ආකාරයේ හානියක් එම රෝහලට සිදුව නොමැති බවයි. 

    මැටිගතැන්න දිසා රෝහල විසින් ද තහවුරු කර සිටියේ මොරහෙල ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් එම රෝහල් වෙත කිසිඳු හානියක් සිදු වී නොමැති බවයි.

    එසේම මීගොල්ල ප්‍රදේශයේ දෙසැම්බර් 10 දිනයේ සිදුවූ නාය යෑම සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය විසින් ද වාර්තා කර තිබුණා. එම මාධ්‍ය වාර්තා තුළ ද රෝහලකට හානි සිදු වූ බවක් සඳහන් වන්නේ නැහැ. සිදුවුන නාය යෑමෙන් දේපළ හෝ ජීවිත හානි සිදුවී නොමැති බව එම මාධ්‍ය වාර්තා ඔස්සේ ද සඳහන් කර තිබෙනවා. එම වාර්තා මෙතනින් , මෙතනින් සහ මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) : 

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ දෙසැම්බර් 10 දිනයේ මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මොරහෙල, මීගොල්ල ප්‍රදේශයේ නායයෑමක් සිදු වී ඇති නමුත්, එම නායයෑමෙන් රෝහලකට හානි සිදු වී ඇති බවට සඳහන් වන සටහන් අසත්‍ය බවයි. සිදු වූ නායයෑමෙන් කිසිඳු දේපල හෝ ජීවිත හානියක් සිදු වී නොමැති බවට තහවුරු වුණා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PH

    Pavithra Hansani

    Political Correspondent

    Political correspondent with expertise in Sri Lankan government affairs and policy analysis.

    Published: 2025-12-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.