Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ප්‍රියන්ත කුමාර ඝාතනයේ චූදිතයන්ට මරණ දණ්ඩනය ලබා දුන්නද?

    2022-01-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කොට් කම්හලේ කළමනාකාර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය මෙහෙයවූ අපරාධකරුවන්ට එරට සෙනට් සභාව විසින් මරණීය දණ්ඩනය නිර්දේශ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප කළ විමසීමයි මේ.  සමාජ මාධ්‍ය

    පාකිස්තානයේ සියල්කොට්හි රාජ්කොට් කම්හලේ කළමනාකාර ප්‍රියන්ත කුමාර දියවඩන මහතාගේ ඝාතනය මෙහෙයවූ අපරාධකරුවන්ට එරට සෙනට් සභාව විසින් මරණීය දණ්ඩනය නිර්දේශ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් සම්බන්ධයෙන් එහි නිරවද්‍යතාව සොයා අප කළ විමසීමයි මේ. 

    සමාජ මාධ්‍ය සටහන් :

    “ප්‍රියන්ත කුමාර ඝාතනයේ සියලු වැරදිකරුවන්ට පාකිස්ථාන සෙනෙට් සභාවෙන් මරණ දඬුවම නිර්දේශ කරයි” යන තේමාවෙන් සටහන් කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    Facebook | Archived Link

    මෙම සටහන් සඳහා ෆේස්බුක් පරිශීලකයින් විසින් දක්වා ඇති ප්‍රතිචාර වලින් පෙනී යන්නේ, මෙහි සත්‍ය පුවතක් බවට ජනතාව නොමග ගොස් ඇති බවයි.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ එම පුවතේ සත්‍යතාවය පිළිබඳ විමර්ශනය කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    පසුගිය දෙසැම්බර් මස පාකිස්ථානයේ සියල්කොට්හිදී ප්‍රියන්ත කුමාර මහතාට පහරදී ගිනි තබා ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් එරට අධිකරණය විසින් චූදිතයින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ බවට පළ වූ දෙස් විදෙස් වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ප්‍රියන්ත කුමාර මහතාගේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන්  අතරින් 13 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනු ලැබුවා. එම අවස්ථාවේ වීඩියෝවක් පහතින්.

    නමුත් මෙම චූදිතයන්ට මරණ දඬුවම ලබා දුන් බවට විදෙස් මාධ්‍ය වාර්තා හෝ මෙරට මාධ්‍ය වාර්තා කළ බවට අපගේ නිරීක්ෂණයේදී දැක ගන්නට නොලැබුණි. 

    සෙනට් සභාව විසින් එවන් තීරණයක් ගත් බවට කිසිදු මාධ්‍ය වාර්තාවත් අපට දැක ගන්නට නොලැබුණු අතර ප්‍රියන්ත කුමාර ඝාතනය කිරීම හෙළා දකින යෝජනාවක් පකිස්ථාන සෙනෙට් සභාවේදී සභාගත කර ඒකමතිකව අනුමත කර ඇති බවට වාර්තා වනවා.

    සෙනට් සභා නායක ෂාසාඩ් වසීම් විසින් ඉදිරිපත් කරන ලද එම යෝජනාව මගින් ප්‍රියන්ත කුමාර මහතා ඝාතනයට සම්බන්ධ වූවන්ට එරෙහිව පියවර ගන්නා ලෙස පකිස්ථාන රජයෙන් ඉල්ලා ඇති බවත්, එවැනි ම්ලේච්ඡ ක්‍රියාවන් සමග ආගමේ සම්බන්ධයක් නොමැති බවත් මෙම බිහිසුණු ම්ලේච්ඡත්වයේ අවාසනාවන්ත සිදුවීම පිළිබිඹු කරන්නේ, පාකිස්ථානයේ සාමකාමී ප්‍රතිරූපය පමණක් නොව ඉස්ලාම් දහම ද කැළැල් කර ඇති අපේ සමාජයේ පවතින අන්තවාදී කොටස්වල මානසිකත්වයයි යනුවෙන් අදාළ යෝජනාවේ සඳහන් වන බව පකිස්ථාන මාධ්‍ය අනාවරණය කරනු ලැබුවා. ඒ බවට පළ වූ පාකිස්ථාන මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    අප මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීමට පාකිස්ථානයේ ඉස්ලාමාබාදයේ පිහිටි ශ්‍රී ලංකානු තානාපති කාර්යාලයෙන්ද විමසීමක් කළ අතර එම පිළිතුර සමග මෙම ලිපිය යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වෙමු.

    කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් පිරිසගෙන් ප්‍රධාන සැකකරුවන්ට හෝ මරණීය දණ්ඩනය ලබා දීමට පාකිස්ථානයේ සෙනට් සභාව තීරණය කළාද යන්න පිළිබඳව අප එරට මාධ්‍යවේදියෙකු වන Ghulam Abbas Shahගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ එලෙස තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි. මෙතෙක් චෝදනා පත්‍ර ගොනු කර නොමැති බවත්, චෝදනා පත්‍ර පිරවීමෙන් පසු නඩු විභාගය ආරම්භ වීමට නියමිත බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

    ශ්‍රී ලාංකිකයෙකු වන ප්‍රියන්ත කුමාර ඝාතන නඩුවේ සැකකරුවන් 85 දෙනාගේ  රිමාන්ඩ් කාලය තවත් දින 14 කින් දීර්ඝ කිරීමට ගුජ්රන්වල විශේෂ ත්‍රස්ත විරෝධී අධිකරණය (ATC)නියෝග කර තිබුණා.

    සියල්කොට් පොලිසිය සිද්ධියේ සැකකරුවන් 85 දෙනා ගුජ්රන්වල ATC.යට ඉදිරිපත් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා ඔවුන්  රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉල්ලා තිබෙනවා.

    ATC විනිසුරු නතාෂා නසීම් මහත්මිය පොලිස් ඉල්ලීම පිළිගනිමින් සැකකරුවන් තවත් දින 14කට පොලිස් භාරයට පත් කළ අතර සැකකරුවන් ජනවාරි 17 වැනිදා යළි අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ATC පොලිසියට නියෝග කර ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේ. එම මාධ්‍ය වාර්තාව මෙතනින්. Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    ප්‍රියන්ත කුමාර ඝාතනයේ චූදිතයන්ට මරණ දණ්ඩනය ලබා දීමට සෙනට් සභාව විසින් නිර්දේශ කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් නොමග යවන සුළු වේ. එවැන් තීරණයක් සෙනට් සභාව විසින් මෙතෙක් රැගෙන නොමැති බවටත් අත්අඩංගුවට පත් සැකකරුවන් අසූපස් දෙනා මේ වන විට පොලිස් භාරයේ පසුවන අතර ලබන ජනවාරි 17 වනදා යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනු ලබනවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-01-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.