Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    Fact Check: සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙක් ආණ්ඩු පක්ෂය සමඟ එකතුවුණා ද?

    2021-03-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද පසුගියදා උපදෙස් ලබාදී තිබු බවක් වාර්තා වුනා. මෙවන් පසුබිමක යම් යම් පක්ෂවල කැපී පෙනෙන චරිත වෙනත් පක්ෂ වෙත මාරු වීම හා සම්බන්ධ පුවත් සහ අනාවැකි ද පලවෙමින් තිබෙනවා මේ ආ

    පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ද පසුගියදා උපදෙස් ලබාදී තිබු බවක් වාර්තා වුනා. මෙවන් පසුබිමක යම් යම් පක්ෂවල කැපී පෙනෙන චරිත වෙනත් පක්ෂ වෙත මාරු වීම හා සම්බන්ධ පුවත් සහ අනාවැකි ද පලවෙමින් තිබෙනවා

    මේ ආකාරයෙන් හෝ මාරු වී තිබූ සටහන් පෙළක දක්වා තිබුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තනි කරමිනි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් අටදෙනෙක් ආණ්ඩුව සමග එකතු වීමට තීරණය කර ඇති බවක්. කෙසේ නමුත් මේ පිළිබඳව සිදුකළ විමර්ශනයේදී පැහැදිලි වුයේ එවන් කිසිදු තීරණයක් මේ වන තෙක් විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ගෙන නොමැති බවයි

    සමාජ මාධ්‍ය සටහන්:

    “සජිත් ව තනි කරමින් මන්ත්‍රී වරු පිරිසක් ආන්ඩුව ට” යන තේමාවෙන් හුවමාරු වූ සටහනක පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ලියකියවිල්ලක් භාරදෙන ආකාරය පෙන්වා දී තිබුනා. එහි තවදුරටත් පෙන්වා දී තිබුනේ “සජිත්ගේ මන්ත්‍රී වරු 8ක් ආණ්ඩුවට” එකතු වීමට නියමිත බවක්.

    Facebook | Archived

    විවිධාකාරයේ ඡායාරුප යොදාගනිමින් මෙම සටහන් හුවමාරු වී තිබු තවත් අවස්ථා කිහිපයක් පහතින්

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙබඳු ආකාරයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විසින් ආණ්ඩු පක්ෂ වෙත එකතුවීමේ කටයුත්තක් වුණා නම් එය අනිවාර්යයෙන්ම ප්‍රධාන මාධ්‍ය හරහා බොහෝ දුරට හුවමාරු වන අතර ඒ පිළිබඳව අප පරීක්ෂා කල ද කිසිදු නිල පුවත් වාර්තාවක එය දැකගන්නට ලැබුණේ නැහැ

    ඉහත ඡායරුපය Reverse Image සෙවුමක් හරහා පරික්ෂා කිරීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සහිත ඡායාරූපය මීට වසර දෙකකට පමණ පෙර ලබා ගන්නා ලද ඡායාරූපයක් බව දැකගන්නට ලැබුණා. 

    එම අවස්ථාව එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවියේ සහ සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබෙන අයුරු අපට දැකගන්නට ලැබුණා.

    එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන කතෝලික මන්ත්‍රීවරුන්, පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අස්ථාවර හා අනාරක්‍ෂිත වී තිබෙන අප රට එම තත්වයෙන් මුදවා ගැනීම සඳහා යෝජනා මාලාවක් ඇතුළත් ලිපියක පිටපතක් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් එවකට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරිනැමූ අවස්තාවක් බව එහි දක්වා තිබුණි.

    MahindaRajapaksa.lk | Mahinda Rajapaksa FB 

    එසේම පාස්කු චුදිතයින් ට විරුද්ධව පියවර වත්මන් ආණ්ඩුව විසින් නොගැනීම පිලිබඳ දිගින් දිගටම හඬක් නැඟූ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා, මෙවන් අවස්තාවක ආණ්ඩුව සමඟ එක්වීමට තීරණය කිරීම විශ්වාස කිරීමට අපහසු කරුණකි.

    මේ පිළිබඳව අප පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගෙන් ද විමසා සිටි අතර සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පුවත් වල කිසිදු සත්‍යතාවක් නොමැති බව අපට තහවුරු කර සිටියා 

    “සමගි ජන බලවේගයේ අභිමානවත් පළමු සැමරුම” යන තේමාවෙන් පළකර තිබු සමගි ජන බලවේගයේ වසරක් සපිරීම නිමිත්තෙන් හයිඩ්පාක් පිටියේදී පසුගිය මාර්තු 15 වැනිදා (සමාජ මාධ්‍ය සටහන් හුවමරු වූ දිනට පසු දින) සංවිධානය කර තිබු උත්සවය සඳහා එම පක්ෂයේ ප්‍රබලයින් සෑම දෙනෙක් ම වාගේ සහභාගී වී තිබු බවක් ද දැක ගන්නට ලැබුණා. එම උත්සවයේ පිළිගැනීමේ කතාව කරන්නේ ඉහත එක් සටහනක පෙන්වා දී තිබු සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා බව ද දැක ගන්නට ලැබෙනවා. එම සම්පුර්ණ වීඩියෝව මෙතනින්

    එම උත්සවය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාද එකතු වී තිබු බව ඡායාරුප ද සමඟින් සමාජ මාධ්‍ය සටහනකින් දක්වා තිබුනේ මෙලෙසින්

    මෙලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමක් පක්ෂයෙන් ඉවත්ව යාමේ සුදානමක් පිළිබඳව අප සමගි ජනබලවේගයේ මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කර සිටියා. එහිදී අපට දැන ගන්නට ලැබුණේ මේ ආකාරයෙන් කාවින්ද ජයවර්ධන මහතා හෝ වෙනත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ආණ්ඩු පක්ෂය වෙත යාමේ තීරණයක් මේ වන තෙක් දන්වා නොමැති බවත් හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවත් පෙළක් බවත්ය.

    Conclusion (අවසාන නිගමනය)

    ඒ කරුණු විමර්ශණයෙන් පැහැදිලි වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා හෝ වෙනත් විපක්ෂය මන්ත්‍රී කණ්ඩායමක් ආණ්ඩුව පක්ෂය සමඟ එකතුවීමට තීරණය කර ඇති බව දක්වමින් හුවමාරු වන්නේ ව්‍යාජ පුවතක් බවයි. මේ වන තෙක් එබඳු කිසිදු තීරණයක් විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් ලබාගෙන නොමැති බව සමගි ජන බලවේගයේ මාධ්‍ය අංශය තහවුරු කර සිටිනවා.

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 8 දෙනෙක් ආණ්ඩු පක්ෂය සමඟ එකතුවුණා ද?

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-03-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.