Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    රිෂාඩ් බදියුද්දින් බලශක්ති අමාත්‍ය ධුරයට යෝජනා වේ?

    2022-03-08
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දින් මහතා බලශක්ති අමාත්‍ය ධුරය සඳහා යෝජනා වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සහ වෙබ් අඩවියක වාර්තා වී තිබීමත් සමග මෙහි සත්‍ය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා. සමාජ මාධ්‍ය සටහන් : “සෞදි අරාබියේ තෙල් ණයට ගැනීමේ කොන්දේසිය

    හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුද්දින් මහතා බලශක්ති අමාත්‍ය ධුරය සඳහා යෝජනා වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සහ වෙබ් අඩවියක වාර්තා වී තිබීමත් සමග මෙහි සත්‍ය සොයා අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “සෞදි අරාබියේ තෙල් ණයට ගැනීමේ කොන්දේසිය යටතේ රිෂාඩ් බද්යුදීන්ට ඇමතිකමක්

    ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වලට අනුව මැද පෙරදිග රටවලින් ඛනිජ තෙල් ණයට ගැනීමේ කොන්දේසිය යටතේ රිෂාඩ් බද්යුදීන් මන්ත්‍රීවරයාට ඇමතිකමක් ලබාදීමට යෝජනා වී ඇති බව වාර්තාවේ.

    ඒ අනුව ඔහුට බල ශක්ති අමාත්‍ය ධූරය හිමිවීමට ඉඩ ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ දිනවල රිෂාඩ් බද්යුදීන් මන්ත්‍රීවරයා මැද පෙරදිග රටවල සංචාරයක යෙදී ඇති බවද මීට පෙර වාර්තා විය.”

    Facebook | Archived Link

    එම සටහනට පාදක වූ වෙබ් අඩවියේ දක්වා තිබූ වාර්තාව මෙතනින්. Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු පසුගිය මාර්තු 03 වන දා ගාමිණී ලොකුගේ මහතා බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා. 

    බල ශක්ති අමාත්‍යාංශයේ නව විෂය භාර අමාත්‍යවරයා වැඩ භාර ගැනීමෙන් දින කිහිපයකට පසු නැවතත් එම ධුරය සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා යෝජනා වී ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබේද යන්න අප නිරීක්ෂණය කළ අතර එලෙස කිසිදු පුවතක් ප්‍රධාන මාධ්‍ය වාර්තා පළ කර නොතිබුණි.

    මෙම පුවතේ නිරවද්‍යතාවය විමසීම සඳහා අප මේ පිළිබඳව රිෂාඩ් බදියුදීන් මහතාගෙන් විමසීමක් කරනු ලැබුවා. තමන් මේ දිනවල එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක යෙදී සිටින බව සත්‍ය මුත් ඉහත පුවතේ දැක්වෙන පරිදි තමන්ට බලශක්ති අමාත්‍ය ධුරය ලබා දීමක් පිළිබඳව යෝජනා වී ඇති බවට පළ වන්නේ අසත්‍ය කරුණක් බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  යටතේ ජනාධිපතිට අමාත්‍යවරයෙකු පත් කිරීම හා ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් බලතල හිමි වන බැවින් අප ඉහත ආකාරයේ යෝජනාවක් සිදුවී තිබේදැයි ජනාධිපති මාධ්‍ය අංශයෙන්ද විමසීමක් කරනු ලැබුවා. ඔවුන් සඳහන් කළේ ද, එවන් වෙනස්කමක් පිළිබඳ යෝජනා වී නොමැති බවයි.

    ACMC පක්ෂ නායක රිෂාඩ් බදියුදීන් පසුගිය පාර්ලිමේන්තු කිහිපයේ දී ම අමාත්‍ය ධුර හොබවා තිබූ අතර මෙවර පාර්ලිමේතුවේ ද විපක්ෂ මන්ත්‍රීධුරයක් හොබවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දින් මහතා බලශක්ති අමාත්‍ය ධුරය සඳහා යෝජනා වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවට බදියුද්දීන් මහතා මෙන්ම ජනාධිපති මාධ්‍ය අංශයද පැවසුවා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-08

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.