Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමේ තීරණයක්?

    2022-03-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පසුගිය කාලවකවාණුවේ සිට නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වුණා. නැවතත් ඒ පිළිබඳ අවධානය යොමු වෙමින් සංසරණය වූ සටහන් වල දැක්වූයේ නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමේ තීරණයක් රජය ගෙන ඇති බවයි. මෙහ

    අග්‍රාමාත්‍ය ධුරය සම්බන්ධයෙන් පසුගිය කාලවකවාණුවේ සිට නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර මතු වුණා. නැවතත් ඒ පිළිබඳ අවධානය යොමු වෙමින් සංසරණය වූ සටහන් වල දැක්වූයේ නව අග්‍රාමාත්‍ය ධුරය සඳහා සජිත් ප්‍රේමදාස මහතා පත් කිරීමේ තීරණයක් රජය ගෙන ඇති බවයි. මෙහි සත්‍ය සොයා අප කළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “සජිත් ප්‍රේමදාස මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරීමට රජය තීරණය කර ඇත” යනුවෙන් සඳහන් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම තේමාවෙන් පළ වූ වීඩියෝවක්ද ෆේස්බුක් ඔස්සේ හුවමාරු වුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන්ම මේ පිළිබඳව ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කර ඇත්දැයි නිරීක්ෂණය කළ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නව අගමැති ලෙස පත් කිරීමේ තීරණයක් සම්බන්ධයෙන් වාර්තා කර නොතිබුණි.

    අප මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් ද විමසීමක් කළ අතර ඔවුන් ද, සඳහන් කළේ. මෙම පුවත අසත්‍ය බවත් මේ වනවිටත් අග්‍රාමාත්‍ය ධුරය වෙනස් කිරීමේ තීරණයක් රැගෙන නොමැති බවත්  මහින්ද රාජපක්ෂ මහතා තවමත් අග්‍රාමාත්‍ය ධුරය හොබවන බවයි.

    මේ පිළිබඳව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන්ද අප විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේද, මෙය සම්පූර්ණයෙන්ම අසත්‍ය තොරතුරක් බවයි.

    පසුගිය ජනවාරි මස දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් වන බවට ද සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනය මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අගමැති ධුරයට පත් කිරීමේ තීරණයක් රජය විසින් ගෙන ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා අසත්‍ය බවයි. විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය ලේකම් වරයා මෙන්ම ජනාපති මාධ්‍ය අංශයද මෙම පුවත අසත්‍ය බවට පැවසුවා.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.