Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    සජිත් – රනිල් එකතු වුණොත් සාගල – වජිර නාමල් ළඟට? 

    2025-12-19
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය පක්ෂ දෙක එක්වීමට සූදානම් බවත්, ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත දෙකක් නාමල් රාජපක්ෂ සමග එකවීමට සූදානම් වන බවත් පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සං

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය පක්ෂ දෙක එක්වීමට සූදානම් බවත්, ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත දෙකක් නාමල් රාජපක්ෂ සමග එකවීමට සූදානම් වන බවත් පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් සංසරණය වෙමින් පවතී.  ඒ පිළිබඳව අප සිදු කරන කරුණු පරීක්ෂාවක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    එජාප භූත දෝෂය නිමා වීමට ඉතා ආසන්න බවත්, කොළ පාට රටක් වෙනුවෙන් අප සැම එකාවන්ව පෙළ ගැසී සිටින්නෙමු. යනුවෙන් සඳහන් මෙම සමාජ මාධ්‍ය සටහන පළ කර ඇත්තේ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ ඡායාරූප ද සහිතවයි. අද දෙරණ  ලාංඡනය ද සහිත සටහනේ වැඩිදුරටත් දැක්වෙන්නේ, රනිල් – සජිත් එකතු වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ වජිර අබේගුණවර්ධන සහ සාගල රත්නායක පාක්ෂිකයින් සමග නාමල් රාජපක්ෂ සමග එක්වීමට සූදානම් බවටයි. 

    Facebook | Archived Link

    සැලකිය යුතු පිරිසක් අදහස් පළ කර තිබූ මෙම සටහනේ සත්‍යතාව විමසා ලද ඉල්ලීම්  ද මුල් කර ගනිමින් අප කරුණු විමසීමක් සිදු කලා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    කරුණු විමර්ශනයේදී මූලිකවම අද දෙරණ පුවත් නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂාවට කල් කළ ද අද දෙරණ ෆේස්බුක් පිටුවේ සමා මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ සටහනක් පළ කර නොමැති බව පැහැදිලි විය. 

    ඒ අනුව අනෙකුත් ප්‍රධාන ධාරාවේ පුවත් වාර්තා පිළිබඳ අවධානය යොමු  කළ අතර එහිදී රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බවට වන පුවතක් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වාර්තා කර තිබෙනු දැකගත හැකි විය. 

    එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග පක්ෂය එක්වීමට සිය තනතුර බාධාවක් නම් පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට සූදානම් බවට එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති පුවතක් මාධ්‍ය වාර්තා කර තිබුණා.  එහි දැක්වෙන්නේ, පසුගිය 17 වැනිදා සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ප්‍රකාශය සිදු කර ඇති බවයි. එහිදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර ඇත්තේ,  ඉක්මනින් ඒ පිළිබඳ එකඟතාවකට පැමිණිය යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණ ද ගොඩ නගන සන්ධානය පිළිබඳ සජිත් ප්‍රමදාස මහතාගේ ප්‍රතිචාරය තවමත් ලැබී නොමැති බව ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබුණා. මීට අදාළව පළවී තිබූ තවත් පුවතක් මෙතැනින්   කෙසේ වෙතත් පක්ෂ 2 එකතු වීමේ අවසන් තීරණයකට එළැඹ ඇති බවට හෝ වජිර අබේවර්ධන සහ සාගල රත්නායක පක්ෂයෙන් ඉවත්ව පොදුජන පෙරමුණ වෙත එනම් නාමල් රාජපක්ෂ සමග එක්වීමට සූදානමක් ඇති බවට තොරතුරු එම පුවත්වල අඩංගුවී නොමැත. 

    මේ අනුව සමාජ මාධ්‍ය සටහනේ ඇතුළත් කරුණුවල සත්‍ය අසත්‍යතාව තහවුරු කර දැනගනීම සඳහා අප අදාළ පාර්ශවයන් සම්බන්ධ කර ගැනීමට පියවර ගත්තා. 

    වජිර අබේගුණවර්ධන – එක්සත් ජාතික පක්ෂය 

    රනිල් – සජිත් සන්ධානගත වුවහොත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේගුණවර්ධන මහතා නාමල් රාජපක්ෂ සමග එක්වීමට සූදානමක් තිබේදැයි, අප වජිරගේ අබේගුණවර්ධන මහතාගේ මාධ්‍ය සම්බන්ධීකාරකවරයාගෙන් විමසා සිටියා. ඔහු සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම සටහන සම්පූර්ණයෙන්ම ව්‍යාජ සටහනක් බවයි. තව ද පක්ෂ දෙක අතර සන්ධානගතවීමක් සිදු වුව ද වජිර අබේගුණවර්ධන මහතා නාමල් රාජපක්ෂ සමග එක්වීමේ  කිසිදු සූදානමක් නොමැති බව ද මාධ්‍ය සම්බන්ධීකාරකවරයා තහවුරු කර කියා සිටියා. 

    සාගල රත්නායක – එක්සත් ජාතික පක්ෂය

    එජාපය සහ සජබ පක්ෂ සන්ධානාගත වුවහොත් නාමල් රාජපක්ෂ සමග එක්වීමේ සූදානමක් තිබේදැයි අප එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සාගල මහතාගෙන් ද විමසීමක් සිදු කළේ ය.  ඔහු ප්‍රකාශ කළේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන අසත්‍ය සටහනක් බවත් එය ජනතාව අතර වැරදි මතයක් නිර්මාණය කර  සමාජය නොමග යැවීමේ අරමුණින් පළ කරන ලද සටහනක්  බවත් ය.  

    සජිත් ප්‍රේමදාස – සමගි ජන බලවේගයේ නායක 

    මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනේ ඇතුළත් කරුණු පිළිබඳව අප සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය අංශයෙන් ද විමසීමක් සිදු කළා.  එම මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, සමාජ මාධ්‍යයේ සංසරණය වන සටහන අසත්‍යය බවයි. ඒ අනුව අප සමගි ජන බලවේග – එක්සත් ජාතික පක්ෂ සන්ධානගතවීමක් පිළිබඳව අප කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයාගේ මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ, එය තවමත් සාකච්ඡා මට්ටමේ පවතින්නක් බවයි. 

    රනිල් වික්‍රමසිංහ – එක්සත් ජාතික පක්ෂ නායක 

    සමාජ මාධ්‍ය ඔස්සේ සංරණය වන සටහන් පිළිබඳව අප එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මාධ්‍ය අංශයෙන් විමසීමක් සිදු කළා. අදාළ සටහන අසත්‍යක් බව ඔවුන් ප්‍රකාශ කළා. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්වීමට තීරණයක් ගෙන තිබේදැයි අප සිදු කළ විමසීමේ ද ඔවුන් සඳහන් කළේ, පක්ෂ දෙක අතර සාකච්ඡා කඩිනමින් අවසන් කර, විපක්ෂයේ කාර්යභාරයන්ට අවධානය යොමු කළ යුතුව ඇති බවට රනිල් වික්‍රමසිංහ මහතා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ප්‍රකාශ කළ බවයි. 

    පක්ෂය නායකත්වය ලබා දිය යුත්තේ කාට ද යන්න සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස සහ තමන් ඉල්ලා අස්වීමට සූදානම් බවත් එහිදී ඔහු ප්‍රකාශ කර ඇතැයි, එම මාධ්‍ය අංශය වැඩිදුරටත් කියා ප්‍රකාශ කළා. 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනය අනුව පෙන්වා දෙන්නේ, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය සන්ධානගතවීම සඳහා මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි. එමෙන්ම එවැනි සන්ධානගතවීමක් සිදු වුව හොත් සාගල රත්නායක සහ වජිර අබේගුණවර්ධන පක්ෂයෙන් ඉවත්වී නාමල් රාජපක්ෂ සමග එක්වීමට සූදානම් බවට වන සටහන් ද පදනම් විරහිත අසත්‍ය සටහන් බවයි. බවයි. 

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-12-19

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.