Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK: මුදල් ඇමති රසායනික පොහොර ගෙන්වීමේ තීරණයක්?

    2021-07-13
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    නව මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර ආනයනය නවතා කාබනික පොහොර භාවිතය සඳහා ගෙන ඇති තීරණය වෙනස් කොට නැවත රාසායනික පොහොර ආනයනය කිරීමේ සූදානමක් ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්ස

    නව මුදල් අමාත්‍ය ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රසායනික පොහොර ආනයනය නවතා කාබනික පොහොර භාවිතය සඳහා ගෙන ඇති තීරණය වෙනස් කොට නැවත රාසායනික පොහොර ආනයනය කිරීමේ සූදානමක් ඇති බවට ඇතැම් වෙබ් අඩවිවල මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද පුවත් පළ වුණා. මෙහි නිරවද්‍යතාවය අප කළ කරුණු පරීක්ෂාව පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Samantha Amarathunga පුද්ගලයෙක් විසින් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණේ,

    සළුපට අහසට ..     තහනම ඉවතට ??? 😂😂

    රසායනික පොහොර ආනයනය කිරීමට බැසිල් තීරණය කරයි.

    ඒ අනුව පාදෙණිය හෙට සිට එහි ගුණාත්මක බව වර්ණනා කිරීමට ඉඩ ඇත.

    යනුවෙනි.

    Facebook | Archived Link

    මේ සම්බන්ධයෙන් පළ වූ Lanka News Web වාර්තාව මේ වන විට ඉවත් කර ඇති අතර එම වාර්තාව AGAMYA නම් වෙනත් වෙබ් අඩවියක දක්වා තිබුණේ මෙලෙසින්.

    Archived Link

    Keerthi Wijebahu විසින් පුද්ගලයෙක් විසින් ජනපතිගේ රසායනික පොහොර තහනම බැසිල් රිවස්කරයි..වස විස කන්න සූදානම් වෙයල්ලා ! යනුවෙන් සඳහන් වූ සටහනක් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් මෙරට කෘෂිකාර්මික කටයුතු සඳහා කාබනික පොහොර ආනයනය අත්හිටුවා රසායනික පොහොර ආනයන කිරීමට පියවර ගත් බවට ප්‍රධාන මාධ්‍ය ධාරාවල පළ වූවාද යන්න අප නිරීක්ෂණය කළ අතර එවැනි පුවතක් වාර්තා වූ බවට සඳහන් වූයේ නැහැ.

    රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිසේත් ඉඩ නොතබන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසූ බවට පුවත් වාර්තා පළ වී තිබුණේ මෙලෙසින් සහ මෙතනින්.

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම පුවත සම්බන්ධයෙන් දැඩි ලෙස විවේචනයන් එල්ල වූ අතර රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර හා පළිබෝධ නාශක ආනයන තහනම ඉවත් කිරීමට ගත් තීරණයේ කිසිදු වෙනසක් නොමැති බවත් නව මුදල් අමාත්‍යවරයා විසින් එම තීරණය වෙනස් කොට රසායනික පොහොර ගෙන්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත් අසත්‍ය බවත් එම නිවේදනයේ දැක්වුණා.

    එම නිවේදනය පහතින්.

    https://www.facebook.com/DepartmentOfGovernmentInformation/posts/4117826904997478

    Archived Link

    එමෙන්ම මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ ද රසායනික පොහොර ගෙන්වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන පුවත් අසත්‍ය බවයි. 

    Archived Link

    මුදල් අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේද එම අසත්‍ය පුවත් සම්බන්ධයෙන් පළ වූයේ මෙලෙසින්.

    “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බවටත් ජනාධිපති  කාර්ය සාධක බලකායේ සාමාජිකයන් සමග මැයි 11 වනදා පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී ජනාධිපති තුමා සඳහන් කළ බවට ජනාධිපති මාධ්‍ය අංශයේ පළ වූ පුවතක් මෙතනින්.

    Conclusion (අවසාන නිගමනය) :

    මේ අනුව අපගේ විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ මුදල් අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතා විසින් රසායනික පොහොර ආනයනය කිරීමට පියවර ගන්නා බවට සමාජ මාධ්‍ය ඔස්සේ හා ඇතැම් වෙබ් අඩවිවල පළ වූ පුවත අසත්‍ය බවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා සහ මුදල් අමාත්‍යංශය නිල නිවේදනයක් මගින් පෙන්වා දී තිබු බවයි. රජයේ කාබනික පොහොර විප්ලවය ආපසු හැරවීමට කිසිසේත් ඉඩ නොතබන බව අමාත්‍යවරයා සඳහන් කර ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වල දැක්වෙනවා. 

    එබැවින් මේ වන විට රසායනික පොහොර ආනයනය කිරීම සඳහා නව මුදල් අමාත්‍ය  බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවට හුවමාරු වන්නේ අසත්‍ය පුවතක් බව අපට පෙන්වා දිය හැක. මේ ආකාරයේ කිසිඳු තීරණයක් මේ දක්වා දෙන නොමැති බව රජයේ පාර්ශව අවධාරණය කර සිටියි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-13

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.