Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අරක්කු නිවසටම ?

    2021-06-14
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    කෝව්ඩ් හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති මෙම වකවානුවේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් විසින් අවසර ලබාදුන්නා. එමෙන්ම අන්තර්ජාලය හරහාද භාණ්ඩ ඇනවුම් කොට ලබාගැනීමේ හැකියාව පවතිනවා.  මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඔන්ලය

    කෝව්ඩ් හේතුවෙන් සංචරණ සීමා පනවා ඇති මෙම වකවානුවේදී අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට බලධාරීන් විසින් අවසර ලබාදුන්නා. එමෙන්ම අන්තර්ජාලය හරහාද භාණ්ඩ ඇනවුම් කොට ලබාගැනීමේ හැකියාව පවතිනවා. 

    මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඔන්ලයින් ක්‍රමයට (අන්තර්ජාලය හරහා)  මධ්‍යසාර ගෙන්වා ගැනීමට හැකියාව පවතින බවට පැවසූ බවට දිවයින පුවත් වෙබ් අඩවිය අද දින වාර්තා කිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ මේ පුවත ඉතා වේගයෙන් සංසරණය වුණා. මෙහි නිරවද්‍යතාවය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ඔන්ලයින් අරක්කු නිවසටම යනුවෙන් සඳහන් කරමින් Divaina ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණා.

    Facebook | Archived Link

    එම පුවත් වෙබ් අඩවියේ දැක්වූණේ මෙලෙසින්.

    Divaina | Archived Link

    මෙම පුවත සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්‍රයෙන් සංසරණය වූයේ මෙලෙසින්.

    අප මෙම පුවතේ නිරවද්‍යතාවය සොයා කළ විමර්ශනය පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් මේ සම්බන්ධයෙන් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙවන් නිවේදනයක් , සඳහනක්, ප්‍රකාශයක් නිකුත් කළාද යන්න නිරීක්ෂණය කළෙමු.

    එම දෙපාර්තමේන්තුවේ සමාජ ජාලා ගිණුම්වල හෝ එලෙස කිසිදු සඳහනක් දක්වා නොතිබුණි.

    ඉන්අනතුරුව අප එම දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශයේ නිලධාරියෙකුගෙන් මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ මෙම පුවත අසත්‍ය බවත් එවන් නිවේදනයක් හෝ ප්‍රකාශයක් සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මෙතෙක් නිකුත් නොකළ බවයි.

    එසේම එතුමා තවදුරටත් පවසා සිටියේ මේ ආකාරයේ යෝජනා කිහිපයක් ම ලැබී තිබුණ ද මේ අවස්ථාව වන තෙක් එබඳු තීරණයක් ගෙන නොමැති බවයි. ඉදිරියේ එවන් අවස්ථාවක් සඳහා කටයුතු සැලසේ දැයි මේ අවස්ථාවේ දී පැවසීම කාලෝචිත නොමැති බවත් අවධාරණය කර සිටියා.

    මේ වන විට දිවයින පුවත් වෙබ්අඩවියේද එම පුවත ඉවත් කර ඇති නමුත් සමාජ මාධ්‍ය ඔස්සේ ඒ සම්බන්ධයෙන් පළ වන පුවත් ඇතුළු සටහන් ඉතා සීඝ්‍රයෙන් එම පුවත මුල්කර ගනිමින් නිර්මාණය වූ සටහන් ව්‍යාප්ත වෙමින් පවතිනවා.

    දිවයිනේ පුවත් පතේ සබැඳිය මෙතනින්. එසේම “ඔන්ලයින් අරක්කු පරක්කු වෙයි” යන තේමාවෙන් නව පුවතක් ද දිවයින වෙබ් අඩවියේ මෙසේ පළවී තිබුණා.

    Update : ජුනි මස 17 වැනි දා කොවිඩ්19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබුනේ ඔන්ලයින් (online) ක්‍රමයට මත්පැන් අලෙවි කිරීමට අවසර නොදෙන බවයි. ඒ පිලිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපර්තම්නේතුවේ නිල නිවේදනය මෙතනින්

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව පෙන්වා දිය හැක්කේ දිවයින පුවත් වෙබ් අඩවිය ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඔන්ලයින් ක්‍රමයට අරක්කු නිවසටම ගෙන්වා ගැනීමට අද (ජුනි 14) සිට හැකියාව පවතින බවට සුරාබදු දෙපාර්තමේන්තුව විසින් පැවසූ බවට සඳහන් පුවත අසත්‍ය බවයි. සුරාබදු දෙපාර්තමේන්තුව තහවුරු කළේ මේ අවස්ථාව වන තෙක් එබඳු තීරණයක් ගෙන නොමැති බවයි. මේ හේතුවෙන් ජනතාව නොමග ගොස් තිබෙන බවක් පෙන්වා දිය හැක.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-14

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.