Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ජාතික ජන බලවේග ආණ්ඩුව බලය ලබා ගැනීමෙන් අනතුරුව ඩීසල් මිල රුපියල් 120  කින් අඩු කළාද?

    2025-09-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. 2025 සැප්තැම්බර් මාසයට අදාලව සිදු කරන ඉන්ධන මිල සංශෝධනයත් සමග ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූ දින සිට මේ දක්වා කාල පරිච්ඡේදය තුළ ඩීසල් මිල රුපියල් 120කින් සහ ඒ හා සමාන මුදලකින් අනෙකුත් ඉ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    2025 සැප්තැම්බර් මාසයට අදාලව සිදු කරන ඉන්ධන මිල සංශෝධනයත් සමග ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වූ දින සිට මේ දක්වා කාල පරිච්ඡේදය තුළ ඩීසල් මිල රුපියල් 120කින් සහ ඒ හා සමාන මුදලකින් අනෙකුත් ඉන්ධන මිල අඩු වූවා යැයි ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යය නාමල් කරුණාරත්න මහතා විසින් සිදුකළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනය කිරීම

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා විසින් පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ මාසයට අදාළව ඉන්ධන සංශෝධනය පිළිබඳව සිය අදහස ප්‍රකාශ කරන ලද එහිදී ඔහු විසින් සඳහන් කරනු ලැබුවේ ජාතික ජන බලවේග ආණ්ඩුවෙන්ම ගිය වසරේ සැප්තැම්බර් මස බලය ලබා ගැනීමෙන් පසුව මේ දක්වා කාල පරිච්ඡේදය තුළ ඉන්ධන මිල පිළිබඳව සංසන්දනය කළහොත් රුපියල් 120 කින් ඩීසල් මිල අඩුවී ඇති බවත් ඒ හා සමානව අනෙකුත් ඉන්ධන වර්ගයන් වල මිලද අඩුවී ඇති බව ඔහු විසින් සඳහන් කර සිටියා. මේ පිළිබඳව සමාජ මාධ්‍ය තුළ පහත ආකාරයෙන් සඳහන් විය.

    Facebook

    මේ සම්බන්ධව තව දුරටත් සමාජ මාධ්‍ය තුළ විවිධ අදහස් පළවී ඇති ආකාරය අපට දැක ගැනීමට හැකි වුණා.

    Facebook 

    මේ සම්බන්ධව අප විසින්ම විශ්ලේෂණය කරන ලදී.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    අප විසින්ම මූලිකවම මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය  පිළිබඳව ප්‍රථමයෙන් අවධානය යොමු කරන ලදී. ඒ අනුව මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය අනුව සැප්තැම්බර් මාසයට අදාළව ඉන්ධන මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

    ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලිටරයක් රුපියල් 6කින් අඩු කර ඇති අතර නව ලීටරයක මිල රුපියල් 299ක් වනවා.

    ලංකා සුදු ඩීසල් (auto) ලිීටරයක් රුපියල් 6කින් අඩු කර ඇති අතර නව මිල 283ක් වනවා.

    සුපිරි ඩීසල් ලීිටරයක් රුපියල් 12කින් අඩු කර ඇති අතර නව මිල 313ක් වනවා.

    එමෙන්ම ලංකා භූමිතෙල් මිලෙහි වෙනසක් සිදු වී නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම් දී තිබෙනවා.

    අවසාන ඉන්ධන මිල සංශෝධනය 2025 ජූලි මාසයේදී නිවේදනය කළා. මිල සූත්‍රයට අනුව මාසිකව තෙල් මිල නිවේදනය කළ යුතු නමුත්, අගෝස්තු මාසය සඳහා මිල ගණන් වල වෙනසක් සිදු වුණේ නැහැ.

    එම නිවේදනය පහතින්,

    Website Link

    නියෝජ්‍ය ඇමතිතුමා නාමල් කරුණාරත්න මහතා දක්වන පරිදි ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මේ දක්වා කාල පරිච්ඡේදය තුළ ඩීසල් මිල රුපියල් 120 කින් අඩුවී ඇතිදැයි යන්න පිළිබඳව අප ඉන් පසුව අවධානය යොමු කරන ලදී.

    ඒ අනුව ජාතික ජන බලවේගය ආණ්ඩුව බලයට පැමිණෙන්නේ 2024 සැප්තැම්බර් මස 15 වන දින පැවැති ජනාධිපතිවරණය ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඉදිරිපත් වූ එම පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙරට නමවන විධායක ජනාධිපතිව ලෙස දිවුරුම් දීමෙන් අනතුරුවය.

    ඒ අනුව අප විසින් 2024 සැප්තැම්බර් මස කාල පරිච්ඡේදයේ පැවැති ඉන්ධන මිල පිළිබඳව අවධානය යොමු කරන ලදී.

    ඔක්ටේන් 92 ලංකා පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 332 ක් වනවා. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් මිල රුපියල් 377 ක්,ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 307 ක්,ලංකා සුපිරි ඩීසල් ලීටරයක් මිල රුපියල් 352 ක් බවට ලංකා කනිජ සංස්ථාව විසින් නිවේදනයක් නිකුත් කරමින් සිදුකර ඇති මිල සංශෝධනය පහතින් දක්වා ඇත. මේ පිළිබඳව සඳහන් තවත් තොරතුරු කිහිපයක් අපට හමුවිය. මෙතනින්, 

    ඒ අනුව ඉහත දැක්වෙන නිවේදනය මගින් පෙන්වා දෙන්නේ ජාතික ජන බලවේගය විසින් මෙරට ආණ්ඩු බලය ලබා ගැනීමට ප්‍රථමයෙන් පැවති ඉන්ධන මිලවල තත්ත්වයයි.

    ඒ අනුව 2024 සැප්තැම්බර් මාසයේ පැවැති ඉන්ධන මිල හා දැන් පවතින ඉන්ධන මිල සමග සංසන්දනාත්මක තත්ත්වයක් අප විසින් ගොඩනඟන ලදී 

    2024 සැප්තැම්බර් සහ 2025 සැප්තැම්බර් කාලය දක්වා ඉන්ධන මිල සංසන්දනය.

    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් 2024 සහ 2025 සැප්තැම්බර් මාස සඳහා නිකුත් කරන ලද ඉන්ධන මිල ගණන්වලට අනුව, මිලෙහි සැලකිය යුතු වෙනස්කම් කිහිපයක් දක්නට ලැබේ.

    2024 සහ 2025 සැප්තැම්බර් මාසවල ඉන්ධන මිල ගණන් වල වෙනස්වීම් පිළිබඳ සංසන්දනාත්මක සටහන පහත වගුවේ දක්වා ඇත.

    ඉන්ධන මිල සංසන්දනය: 2024 සහ 2025 සැප්තැම්බර්

    ඉන්ධන වර්ගය2024 සැප්තැම්බර්  (රු.)2025 සැප්තැම්බර්  (රු.)මිල වෙනස (රු.)ප්‍රතිශත වෙනස 
    ලංකා සුපර් ඩීසල්352.00313.00-39.00-11.08%
    ලංකා Auto ඩීසල්307.00283.00-24.00-7.82%
    ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන්377.00341.00-36.00-9.55%
    ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන්332.00299.00-33.00-9.94%
    ලංකා භූමිතෙල්202.00185.00-17.00-8.42%

    මෙම දත්තයන්ට අනුව, 2024 සැප්තැම්බර් මාසයේ  සිට 2025 මේ  දක්වා කාලය තුළ සියලුම ඉන්ධන වර්ගවල මිල පහත වැටී ඇති බව පැහැදිලිය.

    • ලංකා සුපර් ඩීසල් මිල රු. 39.00 කින් අඩු වී ඇති අතර, එය 11.08% ක අඩුවීමකි.
    • ලංකා ඔටෝ ඩීසල් මිල රු. 24.00 කින් අඩු වී ඇති අතර, එය 7.82% ක අඩුවීමකි.
    • ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන් මිල රු. 36.00 කින් අඩු වී ඇති අතර, එය 9.55% ක අඩුවීමකි.
    • ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් මිල රු. 33.00 කින් අඩු වී ඇති අතර, එය 9.94% ක අඩුවීමකි.
    • ලංකා භූමිතෙල් මිල රු. 17.00 කින් අඩු වී ඇති අතර, එය 8.42% ක අඩුවීමකි.

    මෙම දත්තවලට අනුව,2024 සැප්තැම්බර් මාසයේ සිට 2025 සැප්තැම්බර් මාසයට අදාල ඉන්ධන මිල සංශෝධනය දක්වා කාලපරිච්ඡේදයේ ලංකා සුපර් ඩීසල් ඉන්ධන වර්ගය, රු. 39.00 කින් සහ 11.08% ක ප්‍රතිශතයකින් වැඩිම මිල අඩුවීමක් පෙන්නුම් කරයි.ලංකා ඔටෝ ඩීසල් මිල රු. 24.00 කින් අඩු වී ඇති අතර, එය 7.82% ක අඩුවීමකි.

    එහෙත් ජාතික ජන බලවේග ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යය නාමල් කරුණාරත්න මහතා දක්වන පරිදි ජාතික ජන බලවේගය ආණ්ඩුව බලය ලබා ගැනීමෙන් පසුව කාල පරිච්ඡේදය තුළ රුපියල් 120 කින් අඩුවී ඇති බවට සඳහන් කරන කාරණාව එසේ සිදුවී නොමැති බව පැහැදිලිය.

    මෙසේ රුපියල් 120කින් මිල ගණන් අඩුවී නැති බවට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ද අදහස් පලවී ඇති ආකාරය අපේ සිදුකළ විශ්ලේෂණයේ දී දැකගැනීමට හැකියාවක් ලැබුණා. මෙතනින් 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගත් 2024 සැප්තැම්බර් මාසයේ සිට මේ දක්වා කාල පරාසය තුල ඉන්ධන මිල අඩුවීමක් දක්නට ලැබුණද නියෝජ්‍ය අමාත්‍යය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළ පරිදි ඩීසල් ඇතුළු කිසිදු ඉන්ධන වර්ගයක් රුපියල් 120 කින් අඩුවී නොමැති බවට අප කළ විශ්ලේෂණය තුළින් පැහැදිලි වූ අතර ප්‍රකාශය අසත්‍ය බවට මෙයින් අපට පෙන්වා දිය හැකිය.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    L

    Lakshan

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2025-09-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.