Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: වියත්මග සභාපතිකම නාමල්ට ලබාදීම පිළිබඳ සාකච්ඡාවක්?

    2021-06-24
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    වියත්මග සභාපතීත්වය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ලබා දීමට වියත්මග විද්වතූන් අතර සාකච්ඡාවක් සිදු වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා වුණා.  එම පුවත වාර්තා වීමත් සමග බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවූ අතර මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප වෙත ඉල්ලීම්ද ලැබ

    වියත්මග සභාපතීත්වය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ලබා දීමට වියත්මග විද්වතූන් අතර සාකච්ඡාවක් සිදු වූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් වාර්තා වුණා. 

    එම පුවත වාර්තා වීමත් සමග බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවූ අතර මෙහි නිරවද්‍යතාවය සෙවීමට අප වෙත ඉල්ලීම්ද ලැබුණා. මෙම පුවතේ කරුණු සනාථ කිරීමට අප කළ විමර්ශනයයි මේ. 

    සමාජ මාධ්‍ය සටහන් :

    Lanka C news ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ, ‘වියත්මග’ සභාපතිකම නාමල්ට? යනුවෙනි.

    Facebook | Archived Link

    එම ෆේස්බුක් පිටුව වෙත එක්කළ තිබූ ඉහත සබැඳියේ පුවතින් දැක්වුණේ පහත සටහනයි. එම වාර්තාව මෙතනින්.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද වියත්මග සංවිධානයේ සභාපති ධූරය නාමල් රාජපක්ෂ මහතාට පැවරීම සඳහා සාකච්ඡා කර ඇතැයි අන්තර්ජාල මාධ්‍ය වාර්තා කර ඇත.

    එම සංවිධානයේ ඉහළ පෙළේ හමුවකදී මෙම යෝජනාව ඉදිරිපත් වී ඇතැයි ද සඳහන්ය.

    කෙසේ නමුත් එම යෝජනාවට ලැබී ඇත්තේ මිශ්‍ර ප්‍රතිචාර බවත් එනිසා ඒ පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැති බවත් වාර්තාවේ සඳහන් වෙයි.

    Archived Link

    එමෙන්ම මේ පුවත සම්බන්ධයෙන් වෙනත් ෆේස්බුක් පිටුවල දැක්වුණේ මෙලෙසිනි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත සඳහන් බොහෝ සටහන් වල දක්වා ඇත්තේ මූලාශ්‍රයක් නොමැති අන්තර්ජාලයේ සඳහන් වූවායැයි සඳහන් කළ තොරතුරුයි.

    කෙසේ වෙතත් අප මේ සම්බන්ධයෙන් වියත්මග සංවිධානයේ සාමාජිකයෙකු වන සඳමාලි ඒකනායක මහත්මියගෙන් අප විමසා සිටියේ වියත්මග සභාපති ධූරය අමාත්‍ය නාමල් රාජපක්ෂට පිරිනැමීමට එකඟතාවක් හෝ සාකච්ඡාවක් සිදු කළාද යන්නයි.

    එවන් එකඟතාවයක් සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් සිදු නොවුනු අතර එහි සභාපතීත්වය උසුලන්නේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් එහි කිසිදු වෙනසක් මේ මොහොතේ සිදු කිරීමට අදහස් කර නොමැති බවත් අවධාරණය කළා.

    කෙසේවෙතත් මෑතකදී දේශපාලන අධිකාරිය හා වියත්මග සභිකයින්ගේ එකතුවෙන් ඉදිරියට වැඩකටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇමතිතුමා සමඟ සාකච්ඡාවක් පැවති අතර එයට මෙසේ වෙනත් අර්ථකථනයක් ලබා දී ඇති බවයි ඒ මහත්මිය අපට සඳහන් කළේ. කිසිවිටෙකත් වියත්මඟ සංවිධානයේ සභාපතීත්වය අමාත්‍ය නාමල්ට ලබා දීම සම්බන්ධයෙන් සාකාච්ඡාවක් නොපැවැත්වූ බව ඇය නැවතත් අවධාරණය කළා.

    අප මේ සම්බන්ධයෙන් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශයෙන්ද විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ ද, සමාජ ඔස්සේ පැතිරෙන පුවතේ කිසිඳු සත්‍යතාවක් නොමැති බවයි.

    Conclusion (අවසාන නිගමනය) :

    මේ අනුව අපට පෙන්වා දිය හැක්කේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වියත්මග සංවිධානයේ සභාපතීත්වය සඳහා යෝජනාවක් එම සංවිධානයේ සාකච්ඡාවකට බඳුන් වූ පුවත අසත්‍යයක් බවයි. 

    එහි සාමාජික සඳමාලි ඒකනායක මහත්මිය තහවුරු කළේ එවන් සාකච්ඡාවක් සිදු නොවූ බවයි. මෑතකදී දේශපාලන අධිකාරිය හා වියත්මග සභිකයින්ගේ එකතුවෙන් ඉදිරියට වැඩකටයුතු කිරීම සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ ඇමතිතුමා සමඟ සිදුවූ සාකච්ඡාවකට මෙසේ වැරදි අර්ථකතනයක් ලබාදී ඇති බවත් සඳහන් කර සිටියා.

    එමෙන්ම නාමල් රාජපක්ෂ මහතාගේ මාධ්‍ය අංශයද එම පුවතේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව තහවුරු කළා.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-06-24

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.