Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    FACT CHECK : ෆේස්බුක් සටහනකට කමෙන්ට් කර ශෙයාර් කිරීමෙන් එම ආයතනය විසින් මුදල් ලබාදීමක් සිදුවන්නේ නැත!

    2020-10-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ෆේස්බුක් සහ වට්සැප් වැනි ආයතන මඟින් පරිශීලකයින් වෙත නොයෙකුත් ආකාරයේ ත්‍යාග හෝ ආධාර මුදල් පිරිනමන බවට සාවද්‍ය සටහන් අපට නොයෙකුත් අවස්ථාවන්හිදී දැකගනන්ට ලැබෙනවා.  මේ අතර @Facebook:DONATE ලෙස කමෙන්ට් කිරීමෙන් ෆේස්බුක් ආයතනය මඟින් ඔබට රිලෝඩ් ලෙස මුදල් ලබාදෙන

    ෆේස්බුක් සහ වට්සැප් වැනි ආයතන මඟින් පරිශීලකයින් වෙත නොයෙකුත් ආකාරයේ ත්‍යාග හෝ ආධාර මුදල් පිරිනමන බවට සාවද්‍ය සටහන් අපට නොයෙකුත් අවස්ථාවන්හිදී දැකගනන්ට ලැබෙනවා. 

    මේ අතර @Facebook:DONATE ලෙස කමෙන්ට් කිරීමෙන් ෆේස්බුක් ආයතනය මඟින් ඔබට රිලෝඩ් ලෙස මුදල් ලබාදෙන බවට සම්පුර්ණයෙන්ම අසත්‍ය පුවතක් පිලිබඳ කරුණු අනාවරණය කිරීමට අපට හැකි වුණා.

    සමාජ මාධ්‍ය හරහා හුවමාරු වන සටහන් :

    පසුගිය දිනෙක Kavindya communication නම් ෆේස්බුක් පි‍ටුවකින් වෙනස් ආකාරයේ පුවතක් හුවමාරු කරගෙන තිබුණා. එයින් කියවුනේ ෆේස්බුක් ආයතනය ඔවුන් උපයාගත් මුදල් වලින් 12% තම පරිශීලකකයින් වෙත රීලෝඩ් ලෙස ලබා දීමට තීරනය කර ඇති බවයි.ඒ සඳහා මෙම සටහන පළවූ ෆේස්බුක් පිටුව ලයික් කර @Facebook:DONATE ලෙස කමෙන්ට් කර එම පුවත ශෙයාර් කරගන්නා ලෙසත් ඉල්ලා තිබුණා. එවිට පැයක් ඇතුලත ෆේස්බුක් ඉන්බොක්ස් වෙත එන පණිවුඩයට ඔබේ දුරකතන අංකය ලබා දුන් විට එසේ රීලෝඩ් මුදල් ලැබෙන බවට එහි තවදුරටත් සඳහන් ව තිබුනා.

    FacebookArchived LinkFacebookArchived

    මේ ආකාරයේ පුවත් බොහොමයක් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය සංසරනය වන බව අපට නිතර දැකගන්න පුලුවන්.ඒ බොහොමයක් අවස්ථාවල වැරදි කරුණු සංසරණය වන බට අප කිහිප විටක්ම තහවුරු කර සිටියා.

    Also Read:

    Tillykke ලෙස කමෙන්ට් කර ජංගම දුරකථනය Original එකක්දැයි බැලීමට ක්‍රමයක් නොමැත 

    ෆේස්බුක් ගිණුමේ ආරක්‍ෂිත බව තහවුරු කිරීමේ ක්‍රමයක් ලෙස පළවූ ව්‍යාජ සටහනක් ! 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    මෙහි සත්‍ය තත්වය පිලිබඳව සොයා බැලීමට අප පලමුව එම ෆේස්බුක් පේක් එකට ලයික් කර එසේ පුවත පලවූ සටහනට @Facebook:DONATE ලෙස කමෙන්ට් එකක් එකතු කලා .ඉන් පසුව එම සටහන හුවමාරු කර ෆේස්බුක් ආයතනයෙන් මැසේජ් එකක් ලැබෙන්නේ දැයි නිරීක්ශනය කලා. මේ අයුරට අහඹු ලෙස ෆේස්බුක් ගිනුම් යොදාගනිමින් කිහිප වරක් උත්සහ කලත් රීලෝඩ් ලබාදෙන බවට සඳහන් කර ෆේස්බුක් වෙතින් මැසේජයක් පැමිනියේ නෑ.ඒ අනුව මෙම සටහන ව්‍යාජ එකක් බවට පැහැදිලි වෙනවා.

    ලංකාවේ ජංගම දුරකතන පාරිභෝගිකයෙක් නම් මෙරට ලියාපදිංචි සන්නිවේදන සැපයුම්කරුවන් හරහා රීලෝඩ් මුදල් ලැබිය යුතු බැවින් ෆේස්බුක් සමාගම එම සන්නිවේදන සැපයුම් කරුවන් සමඟ යම් කිසි එකඟතාවයකට පැමින ඇත්දැයි අප පරීක්ෂා කර බැලුවා. එවැනි කිසිඳු අවස්තාවක් ෆේස්බුක් ආයතනය මගින් දේශීයව ක්‍රියාත්මක වන සන්නිවේදන ආයතන වෙත ලබා දී නොමැති බව එහිදී අපට තහවුරු කර ගැනීමට හැකි උනා.

    මේ ආකාරයේ ව්‍යාජ පුවත් වලින් වැලකී සිටීමට ෆේස්බුක් වෙබ් අඩවිය නිරන්තරයෙන් උපදෙස් ලබා දෙන බව එහි Help කොටසට ගියොත් අපට දැකගන්නට පුලුවන්. මේ ආකාරයේ ව්‍යාජ පුවත් හුවමාරු වීම අවම කිරීමට ඔවුන් දී ඇති උපදෙස් අඩංගු ලිපියක් මෙතනින්

    ෆේස්බුක් ආයත්නය මගින් විවිධ ආකාරයේ දායකත්වයන් (Donations) ලබා දෙන නමුත් මේ ආකාරයේ කිසිඳු කටයුත්තකට මුදල් ලබා දෙන බවට කිසිඳු පුවතක් වාර්තා වෙන්නේ නෑ.මෑත කාලීනව ෆේස්බුක් ආයතනය කොරෝනා තත්වය විසින් අපහසුතවයට ලක් වූවන් වෙත මුදල් දායකත්වයක් දැක්වූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර ඇති ආකාරය අපට දැකගන්නට ලැබුනා.

    එම පුවත් පහතින්.

    www.businessinsider.comArchived
    www.cnbc.comArchived

    එසේම ෆේස්බුක් මැසෙන්ජර් හරහා මුදල් යැවිය හැකි ක්‍රමයක් ඇත්දැයි පරීක්ෂා කිරීමේදී අපට දැනගන්නට ලැබුනේ එය දැනට රටවල් කිහිපයකට පමණක් සීමා වූ සේවාවක් ලෙස පවතින බවයි.

    Image by Theresa Chiechi © The Balance 2020

    මැසෙන්ජර් හරහා මුදල් යැවීමේ සුරක්ෂිතභාවය පිළිබඳව පළවූ තවත් ලිපියක් මෙලෙසින්

    තවද අරමුදල් සම්පාදනය කරගැනීමට (Fundraisers) සහ පරිත්‍යාග කිරීමට (Donations) වැනි ක්‍රම ෆේස්බුක් ආයතනය විසින්ම හඳුන්වා දී තිබෙනවා. ඒ පිලිබඳ විස්තර මෙතනින්

    Conclusion (අවසාන නිගමනය)

    ඉහත කරුනු කාරනා සලකා බැලීමේදී යම්කිසි ෆේස්බුක් සටහනකට කොමෙන්ට් කර හුවමාරු කර ගත් පමණින් ෆේස්බුක් ආයතනය විසින් රීලෝඩ් ලෙසට මුදල් බෙදා දෙන බව කියමින් පල කර ඇති පුවත් පාඨකයා මුලා කරන සම්පුර්ණයෙන්ම අසත්‍ය සටහන් බව තහවුරු කල හැක

    .container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
    Avatar

    Title:ෆේස්බුක් සටහනකට කමෙන්ට් කර ශෙයාර් කිරීමෙන් එම ආයතනය විසින් මුදල් ලබාදීමක් සිදුවන්නේ නැත!

    Fact Check By: Sahan Perera 

    Result: False

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2020-10-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.