Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    “දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා”, සුනිල් වටගලගෙන් ‘මව්බිම’ පුවත්ටපතට ප්‍රකාශයක්? 

    2026-01-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අභාවය හා සම්බන්ධ කර ගනිමින් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වූ අතර එවැනි නොමග යන සුළු සටහනක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් (Soci

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩගේ අභාවය හා සම්බන්ධ කර ගනිමින් ව්‍යාජ සමාජ මාධ්‍ය සටහන් සංසරණය වූ අතර එවැනි නොමග යන සුළු සටහනක් පිළිබඳ අප සිදු කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා” යනුවෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් මව්බිම පුවත් පතට කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් පුවත් පතේ ලිපියක ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පරීක්ෂාව සිදු කරනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    මව්බිම පුවත් පතේ වාර්තාවක් නැහැ

    මහජන ආරක්ෂාව පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල මහතා මෙවන් ප්‍රකාශයක් සිදු කර තිබුණේ ද, යන්න පිළිබඳ අප මව්බිම ඊයේ(11) දින පුවත්පත හරහා පරීක්ෂා කරනු ලැබුවා. නමුත් එවැනි පුවතක් පළ වී ඇති බවට දැක ගන්නට නොලැබුණි.

    මේ හේතුවෙන් අප මේ පිළිබඳ මව්බිම පුවත්පතේ කර්තෘගෙන් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, නියෝජ්‍ය අමාත්‍ය වටගල මහතා හා සම්බන්ධ මෙවැනි ලිපියක් පසුගිය 11 වන දා මව්බිම පුවත් පතේ පළ කර නොමැති බවයි. එමෙන් ම මෙවැනි සම්මුඛ සාකච්ඡාවක් ද, එම පුවත් පතේ පළ කර නොමැති බවයි.

    තවද මෙම සම්මුඛ සාකච්ඡාව සිදු කළ බවට හඟවා තිබූ මව්බිම මාධ්‍ය වේදිනි අනුරාධා හේරත්ගෙන් ද, අප මේ පිළිබඳව තවදුරටත් විමසා සිටි අතර ඇය තහවුරු කළේ ද, මේ ආකාරයෙන් සම්මුඛ සාකච්ඡාවක් සුනිල් වටගල මහතා සමගින් සිදු කර නොමමැති බවත්, එවැනි ලිපියක් ද, පළ කර නොමැති බවයි.

    වටගල සඳහන් කළ බවට වෙනත් මාධ්‍ය වාර්තා ද නැහැ

    සුනිල් වටගල මහතා විසින් දර්ශන හඳුන්ගොඩ ජීවිතක්ෂයට පත් වීම සම්බන්ධයෙන් මේ ආකාරයෙන් ප්‍රකාශයක් වෙනත් මාධ්‍යකට හෝ දේශපාලන වේදිකාවකදී හෝ ප්‍රකාශ කර තිබුණේ ද, යන්න අප පරීක්ෂා කරනු ලැබුවත් අමාත්‍යවරයා විසින් එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැති බවට දැක ගන්නට ලැබුණා.

    නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය අංශය

    තව ද, ඔහුගේ මාධ්‍ය සම්බන්ධීකාරක විසින් ද, ප්‍රකාශ  කළේ, සුනිල් වටගල මහතා විසින් රාජපක්ෂවරු සම්බන්ධ කර ගනිමින් දර්ශන හඳුන්ගොඩගේ මරණය සම්බන්ධ ප්‍රකාශයක් කිසිදු අවස්ථාවක සිදු කර නොමැති බව ත්, පුවත්පතේ පළ වූ ලිපයක් ආකාරයෙන් හැඟවීමට ව්‍යාජ ලෙස සිදු කළ ඡායාරූප සංස්කරණයක් බවයි.

    2025 නොවැම්බර් මස ‘මව්බිම’ පුවත් පිටුවක් යොදාගනිමින් සිදුකළ සංස්කරණයක්!

    මේ අනුව ඉහත ව්‍යාජ සටහන් නිර්මාණය වූ ආකාරය පිලිබඳව අප පරීක්ෂාවක් සිදුකළ අතර ‘අපි වෙඩි කීයක් නවත්තලා තියෙනවාද ?’ යන තේමාවෙන් 2025 නොවැම්බර් 23 වැනි දා ‘මව්බිම’ පුවත්පතේ පළවූ පුවත් සාකච්ඡාවක් මහජන ආරක්ෂක සුනිල් වටගල මහතා මෙසේ හුවමාරු කරගෙන තිබුණා. එම පුවත් පිටුව සහ සමාජ මාධ්‍ය ඔස්සේ වයිරල් වූ සංස්කරණයේ සංසන්දයනක් පහතින්.

    දර්ශන හඳුන්ගොඩ ජනවාරි 10 වැනිදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත් වූවා

    ‘SL Deshaya’ Youtube නාලිකාවේ මෙහෙයවුම්කරු, මාධ්‍යවේදී දර්ශන හඳුන්ගොඩ මහතා පසුගිය 10 වන දා අභාවප්‍රාප්ත වී තිබුණා.

    කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු කොළඹ ජාතික රෝහලේදී ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙසින් ජීවිතක්ෂයට පත් වූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කළ බව මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙලෙසින්.

    අභවප්‍රාප්ත වන විට ඔහු 55 වන වියේ පසු වූවා. එමෙන් ම තම අසනීප තත්ත්වය පිළිබඳ දර්ශන හඳුන්ගොඩ මහතා විසින් ම සිය YouTube නාලිකාවේදී මීට මාස පහකට පමණ පෙර ප්‍රකාශ කර තිබුණේ මෙලෙසිනි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, “දර්ශන හඳුන්ගොඩ මැරුවේ රාජපක්ෂලා” යනුවෙන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල විසින් මව්බිම පුවත් පතට කළ ප්‍රකාශයක් ලෙසට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන සටහන් අසත්‍ය බවයි. එවැනි පුවතක් මව්බිම පුවත්පතේ පළ වී නොමැති අතර එය පුවත්පතේ පළ වූ ලිපයක් ආකාරයෙන් හැඟවීමට ව්‍යාජ ලෙස සිදු කළ ඡායාරූප සංස්කරණයක් බව පෙන්වා දිය හැක. එමෙන් ම අමාත්‍යවරයා ද, එවැනි ප්‍රකාශයක් සිදු කර නොමැත.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-01-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.