Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ශ්‍රී ලංකාව තුළ සුවඳ විලවුන් ගැල්වූ කඩදාසි ආශ්‍රිතව සිදුවන සංවිධානාත්මක පැහැරගැනීම් පිළිබඳව කිසිඳු සාක්ෂියක් නැහැ!

    2023-12-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ශ්‍රී ලංකාව තුළ පැහැර ගැනීම් සහ අපරාධමය සිදුවීම්, එම දේවල්  කෙරෙහි මහජනතාවගේ ඇති අවදානය වැඩි දියුණු කරමින් ඉදිරියටම සිදුවෙමින් පවතිනවා. අවාසනාවකට, සමාජ මාධ්‍යවල ආගමනයත් සමඟ මෙවැනි සිදුවීම

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ශ්‍රී ලංකාව තුළ පැහැර ගැනීම් සහ අපරාධමය සිදුවීම්, එම දේවල්  කෙරෙහි මහජනතාවගේ ඇති අවදානය වැඩි දියුණු කරමින් ඉදිරියටම සිදුවෙමින් පවතිනවා. අවාසනාවකට, සමාජ මාධ්‍යවල ආගමනයත් සමඟ මෙවැනි සිදුවීම් සම්බන්ධ විවිධ වැරදි සහ ව්‍යාජ කතා පැතිරීම ඉහළ ගොස් තිබෙනවා.

    මෙම ව්‍යාජ සහ වැරදි තොරතුරු, සාමාන්‍ය ජනතාව ඇතුළු සමාජය තුළ අනවශ්‍ය බියක්, තැතිගැනීමක් ඇති කරනවා. අපගේ විමර්ෂණයේ අරමුණ වන්නේ මෙවැනි ප්‍රෝඩාවන් නිසි ලෙස හඳුනාගෙන , තොරතුරුවල සත්‍ය අසත්‍යතාව තහවුරු කරමින්, ප්‍රජාව තුළ ඇතිවන අනවශ්‍ය භීතිය සහ පීඩාව වැලැක්වීමට කටයුතු කිරීමයි.

    සමාජ මාධ්‍ය සටහන්

    ශ්‍රී ලංකාවේ ඇතැම් සමාජ මාධ්‍යජාලා ඔස්සේ සැරිසරන එක් පණිවුඩයක් මඟින් කියැවෙන්නේ, කඩදාසියක් මත සුවඳ විලවුන් තවරා සාම්පල ලෙස ලබා දෙන මුවාවෙන්, යම් කල්ලියක් විසින් එම කඩදාසි මත යම් මත්ද්‍රව්‍යක් ආලේප කර නාඳුනන පුද්ගලයින්ට ලබාදී, ඔවුන්ට ඒවා ආඝ්‍රාණය කිරීමට සලස්වන අන්දමේ වංචාවක් මේ වන විට රට තුළ ක්‍රියාත්මක බවයි. මෙලෙස මත් කරවන පුද්ගලයින් පැහැරගැනීම්, මංකොල්ලකෑම් හෝ ඊටත් වඩා භයානක ප්‍රතිඵල ලැබෙන අන්දමේ තත්ත්වයන් පවා මෙහිදී ඉදිරියට ක්‍රියාත්මක වන බව මෙම පණිවුඩයේ සඳහන් වෙනවා.

    පහත දැක්වෙන්නේ මෙලෙස ආන්දෝලනාත්මකව WhatsApp සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූ පණිවුඩයක්.

    මෙය FaceBook ඔස්සේද විශාල වශයෙන් හුවමාරු වෙනු අපට දැකගැනීමට ලැබුණා.

    මේ පිළිබඳව කරුණු විමර්ෂණයක් සිදු කිරීමට අපි තීරණය කළා.

    Fact Check (කරුණු විමර්ෂණය)

    මේ සම්බන්ධව පොලිස් වාර්තා හෝ පැමිණිලි වාර්තා වී නැහැ:

    ශ්‍රී ලංකා පොලිස් මාධ්‍ය ඒකකය නිල වශයෙන් සමාජය දැනුවත් කරමින් ප්‍රකාශ කලේ මෙවැනි සිදුවීම් සම්බන්ධව කිසිඳු පැමිණිල්ලක් හෝ වාර්තාවක්, රටේ කිසිදු ප්‍රදේශයකින් මේ වන විටත් වාර්තා වී නොමැති බවයි. ඒ අනුව නිල තොරතුරු ලබා දෙන නාලිකා මත විස්වාසය තබමින්, යම් සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳව ලැබෙන සාක්ෂි වහාම ශ්‍රී ලංකා පොලීසිය වෙත වාර්තා කරමින් කටයුතු කරන ලෙස පොලිසිය විසින් ප්‍රජාව දිරිමත් කර සිටිනවා.

    ජාත්‍යන්තරව වසර ගණනාවක් තිස්සේ හුවමාරු වන ප්‍රෝඩාවක්:

    මෙම පණිවුඩයට සමාන තොරතුරු දැක්වෙන පණිවුඩ මීට පෙර සිටම විවිධ රටවල්වල සංසරණය වී තිබෙනවා. මෙහිදී රටේ නම පමණක් වෙනස් කරමින්, පණිවිඩයේ ඉතිරි කොටස් සමාන ලෙස ප්‍රචාරය වී තිබෙන බව අපට සොයා ගැනීමට හැකි වුණා. නමුත් මෙවැනි තොරතුරුවල කිසිදු සත්‍යතාවක් හෝ පදනමක් නොමැති බව පෙන්වාදීමට අසල්වැසි ඉන්දියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය වැනි රටවල කරුණු විමර්ශකයන් ද මීට පෙර කටයුතු කර  තිබෙනවා. මේ පිළිබඳව ජාත්‍යන්තර තොරතුරු පරීක්ෂාවන් මෙතනින් සහ මෙතනින් | Archived, Archived 

    තවද, ශ්‍රී ලංකාව තුළ මේ වන විට සංසරණය වන පණිවිඩය, මීට වසර කිහිපයකට පෙරද මෙලෙසම ලංකාව තුළ ව්‍යාප්ත වී තිබෙනවා. 2019 වසරේ සිට එලෙස රටතුළ සංසරණය වන පණිවිඩයක් මෙතනින්. Archived

    මෙවැනි සිදුවීම පිලිබඳවිටින් විට මාධ්‍ය වාර්තා තිබුණ ද මේ ආකරයේ ක්‍රමයක් පුද්ගලයකුට හානි පැමිණවීමේ අවදානම ඉතාම අඩුයි.

    බොහෝ වසර වල දී විවිධ පුද්ගලයින් මේ ආකාරයේ පත්‍රිකා ඔස්සේ නිරාවරණය වීම නිසා එහි අතුරුඵල ලෙස හෝ අධිමාත්‍රා ශරීරගත වීම හේතුවෙන් සංකූලතාවලට ලක් වීමේ පුවත් පිලිබඳ කතා කිහිපයක් වරින් වර වැඩි අවදානයකට ලක් හුවමාරු වී තිබුණද, ඒ පිලිබඳව පිළිගත තහවුරු කිරීම් හෝ අනන්‍යතාවයක් පවතින බවකට සාක්ෂිද නැහැ.

    ඇමරිකාවේ ද විශේෂයෙන්ම මුදල් නෝට්ටු මත fentanyl වැනි රසායනික ද්‍රව්‍ය එකතුකර පුද්ගලයින් විෂ කිරීම පිලිබඳ ඇතැම් වාර්තා පළවූ අතර, රොයිටර් පුවත් සේවය සමඟ සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදී ක්ලීව්ලන්ඩ් රෝහල් විශ්වවිද්‍යාලයේ විෂ විද්‍යාව සහ ඇබ්බැහිවීම් පිළිබඳව අධ්‍යක්ෂ, වෛද්‍ය රයන් මැරිනෝ විසින් ප්‍රකාශ කෙරුණේ යමෙකුට ෆෙන්ටයිල් අධික ලෙස භාවිතා කිරීමට හැකියාවක් නොමැති බවයි.

    “ෆෙන්ටැනයිල් වැනි ඖෂධ ඔබට ස්පර්ෂ කිරීම පමණක් ඔස්සේ අධික මාත්‍රාවක් ශරීරගත කර ගන්නට හැකියාවක් නැහැ. එමෙන්ම, එය ආශ්‍රිතව සිටීමත් ඒවා ශරීරගත වීමට හේතුවක් වන්නේ නැහැ. එය වාතයට එක් වී මිනිසුන්ගේ ශරීරවලට ඇතුළුවීමක් සිදු වන්නේ නැහැ.” යනුවෙන් එතුමා එහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුණා. එම සම්පුර්ණ වාර්තාව මෙතනින්

    ඒ පිලිබඳ තවත් වාර්තාවක් මෙතනින්.

    අපගේ නවතම කරුණු විමර්ෂණ සමඟ යාවත්කාලීනව සිටින්න.

    Facebook | Twitter |Instagram | Google News | TikTok

    අවසන් නිගමනය

    ශ්‍රී ලංකාවේ සුවඳ විලවුන් සම්බන්ධ පැහැරගැනීමේ වංචාවක් පිළිබඳව දැක්වෙන ප්‍රකාශය පදනම් විරහිත වන අතර, එය සනාථ කිරීම සඳහා කිසිඳු සාක්ෂියක් පවතින්නේ නැහැ. මෙම පණිවිඩය මීට පෙරද වරින් වර ජාත්‍යන්තර කරුණු පරීක්ෂකයන් විසින් පදනම් විරහිත එකක් බව පෙන්වා දී තිබෙනවා. කෙසේ නමුත්, මෙවැනි පණිවිඩ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කරගැනීමට පෙර ඒවායේ සත්‍යතාවය බව තහවුරු කරගෙන කටයුතු කිරීම පුරවැසියන් වශයෙන් අපගේ වගකීමක්.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-12-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.