Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: කිරි සමන් සහෝදරයාගේ සහායත් මාලිමාවට ?

    2022-01-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනතා  විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිරෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය සහ ළමා අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් මෑතක අත්අඩංගුවට ලක්වූ කිරි සමන් හෙවත් ඕශක නිලාන්ව  ඈදාගනිමින් සකස්කළ  එවැනි අසත්‍ය

    ජනතා  විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බලවේගය සම්බන්ධ අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය ජාලා හරහා පැතිරෙනවා. මේ ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය සහ ළමා අපචාර සිදුවීමක් සම්බන්ධයෙන් මෑතක අත්අඩංගුවට ලක්වූ කිරි සමන් හෙවත් ඕශක නිලාන්ව  ඈදාගනිමින් සකස්කළ  එවැනි අසත්‍ය පුවතක් සම්බන්ධයෙන් අප විසින් සිදු කළ විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පළ කර තිබුණු පෝස්ටුවකි මේ . එහි සදහන්ව තිබුණේ ,”රටේ දූෂිත දේශපාලනයට තිත තියන්න ඕනෙ නම් ,මාලිමාවට ඡන්දය දෙන්න”-ඕශක නිලාන් (කිරිසමන් සහෝදරයා ),ලෙසයි.

    Facebook | Archived 

    මේසම්බන්ධයෙන් තවත් සටහනක් පළව තිබුණු ආකාරයයි මේ. මෙය පළව තිබුණේ පුවත්පත් ලිපියකින් කළ උපුටා ගැනීමක් ලෙසයි.

    “ජෙප්පොඉන්නේ මානසික පීඩනයකින්…හැමතැනම විනාශය …මුං නම් රටට සාපයක් බං ..පොඩි එකෙකුටවත් ඉන්න දෙන්නේ නැහැ. “

    මෙයින් හැගවීමට උත්සාහ කර තිබෙන්නේ ළමා අපචාරයක සැකකරුවෙකු ලෙස පොලිස් අත්අඩංගුවට ලක්වූ කිරි සමන් නමැත්තා ජවිපෙ/ජාතික ජන බලවේගයේ සාමාජිකයකු බවයි. 

    Facebook | Archived 

    මෙම සටහන් පිළිබදව ගවේෂණයක් කිරීමට අප තීරණය කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම. 

    අප මුලින්ම විමසා බැලුවේ ,”කිරි සමන් “ ලෙස හැඳින්වෙන පුද්ගලයා පිළිබදව ඇති මෑතකාලීන මාධ්‍ය වාර්තා පිළිබදවයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ ඔහු ටික් ටොක් සමාජ මාධ්‍ය හරහා නිතර වීඩියෝ පට නිකුත් කරන ඕෂක නිලාන් නමැත්තකු වන බවයි. එමෙන්ම ඔහුගේ ෆේස්බුක් පිටුවේ සඳහන්ව ඇත්තේ ඔහු රියැලිටි රූපවාහිනී වැඩසටහන් සඳහා සම්බන්ධ වන නර්ථන ශිල්පියකු වන බවයි. කෙසේ වෙතත් මෑතක ඔහුට එල්ලවූ 11 හැවිරිදි දැරියක අපයෝජනය කිරීම හා සබැදි සිදුවීම නිසා ඔහුව පොලිස් අත්අඩංගුවට ලක්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් වන හිරු ටී.වී.වීඩියෝව පහතින්.

    සමාජ ජාලා සටහන්වල දැක්වෙන පුවත්පත් වාර්තාවක ඡායාරූපය පිළිබඳවද අප විමසා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ පුවත්පතක තිබුණු වාර්තාවක් සංස්කරණය කොට සමාජ ජාලාවල පළව ඇති බවයි. අදාළ පුවත්පත් වාර්තාව පළව තිබුණේ අරුණ පුවත්පතේ වන අතර එහි වෙබ් අඩවියේ සම්පූර්ණ ලිපිය පළව තිබුණා .එහි කිසිදු අවස්ථාවක කිරි සමන් ජාතික ජන බලවේගයේ හෝ ජවිපෙ සාමාජිකයෙකු බව පළව නොතිබුණු අතර මාලිමාව සලකුණ සඳහන් ඡායාරූපද පළව තිබුණේ නැහැ. එම පුවත්පත් වාර්තාවට පිවිසිය හැකියි පහතින්.

    Web | Archived 

    ඉන්පසුව අප විමසා බැලුවේ කිරි සමන් ලෙස හැදින්වෙන මෑතකදී ලමා අපචාර සිද්ධියක සැකකරුවකු  බවට පත්වූ රංගන ශිල්පියකු වන ඕෂක නිලාන් ජාතික ජන බලවේගයට සහාය පළකරන ආකාරයේ ප්‍රකාශ නිකුත් කර ඇතිද යන වගයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ ඔහු විසින් එවැනි ප්‍රකාශ සිදුකර නොමැති බවයි.ඔහුගේ ෆේස්බුක් පිටුවේද එවැනි දේ සටහන්ව තිබුණේ නැහැ. ඔහුගේ ෆේස්බුක් පිටුව මෙතනින්. 

    අප මේ ප්‍රකාශ පිළිබඳ ජවිපෙ මාධ්‍ය අංශයෙන් විමසා බැලූවිට ඔවුන්ද පැවසුවේ , මේවා අසත්‍ය ප්‍රචාර බවයි.

    ඉන්පසුව අප මේ පිළිබදව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූවගෙන්ද විමසා සිටියා.ඔහු පැවසුවේ කිරි සමන් ජවිපෙට හෝ ජාතික ජන බලවේගයට සම්බන්ධ බව පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වී නොමැති බවයි.

    සැ.යු. මෙම පුද්ගලයාගේ පෞද්ගලික දේශපාලන මතවාදය අපට ස්වාධීනව සත්‍යාපනය කල නොහැකි කරුණකි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී දක්නට ලැබුණේ  කිරි සමන් ජාතික ජන බලවේගයට හෝ ජනතා විමුක්ති පෙරමුණට සහාය පළ කරන ලෙස ඉල්ලීම් සිදු කර නොමැති බව ජාතික ජන බලවේගය ,ජනතා විමුක්ති පෙරමුණ තහවුරු කරන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයාද පවසා සිටියේ එවන්නක් පිලිබද අනාවරණ නොවු බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-01-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.