Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඇමැති ප්‍රසන්න රණතුංගට තලවතුගොඩ හෝටලයකදී ජනතාවගෙන් හූ ප්‍රහාරයක්?

    2021-12-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන්ට වැඩිවන ජීවන වියදම හමුවේ ජනතාව විවිධාකාරයෙන් විරෝධය පළ කරන බවට වන ප්‍රචාර වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යනවා.මේ එවන් සිදුවීමක් පිළිබදව අප විසින් සිදු කළ කරුණුසොයා බැලීමක් . සමාජ ජාලා සටහන්  ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඇමැති ප්‍

    ආණ්ඩු පක්ෂයේ දේශපාලන නායකයන්ට වැඩිවන ජීවන වියදම හමුවේ ජනතාව විවිධාකාරයෙන් විරෝධය පළ කරන බවට වන ප්‍රචාර වේගයෙන් සමාජ ජාලා හරහා පැතිර යනවා.මේ එවන් සිදුවීමක් පිළිබදව අප විසින් සිදු කළ කරුණුසොයා බැලීමක් .

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් ඇමැති ප්‍රසන්න රණතුංගගේ ඡායාරූපයක් සමගින් සටහනක් එක්කරමින් සදහන් කර තිබුණේ තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයක රාත්‍රී ආහාරය සදහා ගිය ප්‍රසන්න රණතුංග කැබිනට්  ඇමැතිවරයා ඇතුලු ඔහුගේ පවුලේ සාමාජිකයින්ට ජනතාව හූ තබමින් විරෝධය පළකිරීම නිසා එම ස්ථානයෙන් පිටව යාමට සිදුවූ බවයි. 

    Facebook | Archived

    මෙම පුවත විවිධාකාරයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබු අතර වට්ස් ඇප් හරහාද මේ හා සමාන සටහන් හුවමාරුවී තිබුණේ පහත ආකාරයෙන් වීඩියෝවක් ද සමඟයි.

    එසේ හුවමාරු වී තිබු වීඩියෝව පහතින් .

    මෙම පුවත විවිධාකාරයෙන් සමාජ මාධ්‍ය මෙන්ම වෙබ් අඩවි ඔස්සේ ද හුවමාරු වී තිබු අතර මෙම සිද්ධිය සඳහා මුහුණපෑමට සිදුවුයේ රාජ්‍ය අමාත්‍යවරයෙකු බවට ද ඇතැම් වාර්තාවල දැක ගන්නට ලැබුණි. 

    දෙසැම්බර් 23 වැනිදා ලංකා සී නිව්ස් වෙබ් අඩවිය එම පුවත වාර්තා කර තිබුණේ මේ ආකාරයෙනුයි. 

    Lanka C News | Archived

    එම පුවත පදනම් කර ගනිමින් තවත් වෙබ් අඩවියක් මේ ආකාරයට පුවතක් වාර්තා කර තිබුණා. 

    Sinhalanews | Archived

    ඉංග්‍රීසි බසින් පලව තිබු එම වාර්තාවේ සඳහන් වන්නේ තලවතුගොඩ Monarch Imperial නම් සුපිරි අවන්හලට ආහාර ගැනීම සදහා දෙසැම්බර් 23 රාත්‍රී 9 ට පමණ ඇතුළු වූ රාජ්‍ය අමාත්‍යවරයෙක්ට එල්ලවූ ජනතා විරෝධය නිසා ආහාර නොගෙනම ආපසු හැරී යාමට සිදුවූ බවක්.

    මෙසේ හූ තැබීමේ සිදුවීමක් තලවතුගොඩ පිහිටි Monarch Imperial නම් හෝටල් පරිශ්‍රයේ දී සිදුවූ බව දක්වා තිබු නිසා අප මේ සම්බන්ධයෙන් එහි කළමනාකාරිත්වයෙන් විමසීමක් කළා. එහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා අපට සදහන් කර සිටියේ සමාජ ජාල සටහන්වල දැක්වෙන ආකාරයේ සිදුවීමක් Monarch Imperial පරිශ්‍රෙය් දී දෙසැම්බර් 23 හෝ ඒ ආසන්න දිනයකදී සිදු නොවුනු  බවයි. ඔහු තවදුරටත් පවසා සිටියේ දේශපාලන නායකයන් තම හෝටලය වෙත පැමිණීම අහඹු සිදුවීමක් නොවුණ ද සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන ආකාරයට රාජ්‍ය අමාත්‍යවරයෙකුට හෝ කැබිනට් අමාත්‍යවරයෙකුට මෙසේ ප්‍රසිද්ධියේ හූ තැබීමේ සිද්ධියක් මෑතකදී පැනනැගුණේ නැති බවත් මෑතකදී ආරම්භ කරන ලද Monarch Imperial අවන්හල වෙත බොහෝ දුරට ආහාර ගැනීම සඳහා පවුල් වශයෙන් පැමිණෙන අතර සාමාන්‍යයෙන් කලහකාරී හැසිරීම් දක්නට ලැබෙන්නේ ද නැති බවයි

    කෙසේවෙතත් අප මේ පිළිබදව අදාළ හෝටලයේ ආරක්ෂක අංශයෙන්ද විමසා සිටි අතර එහි ආරක්ෂක නිලධාරී මහතෙකු ද පවසා සිටියේ මෙවන් ප්‍රශ්නයක් වාර්තා වී තිබුනේ නැති බවයි.

    ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේමාධ්‍ය ලේකම් වරයාගෙන් ද අප මේ පිළිබදව විමසා සිටි අතර ඔහු ද මේ පිළිබදව පවසා සිටියේ අමාත්‍යවරයා පසුගිය දින කිහිපයේ දී අදාළ හෝටල් පරිශ්‍රය වෙත ගොස් තිබුනේ නැති බවත් සමාජ ජාලාවල සදහන්වන ආකාරයේ අකරතැබ්බයකට මුහුණදීමට සිදුනොවූ බවයි .

    ප්‍රසන්න රණතුංග ඇමැතිවරයාට එල්ලවූ විරෝධය යයි හගවමින් සමාජ ජාලාවල පළවන වීඩියෝවට සමාන වීඩියෝවක් ලංකා සී නිව්ස් වෙබ් අඩවියේ පළව තිබෙනු දැකගත හැකිවුණා. එහි සදහන්ව ඇත්තේ රජයේ ආයතනයක සභාපතිවරයෙකුට එහි සේවකයින්ගෙන් එල්ලවන විරෝධය ලෙසයි. එම වීඩියෝ වේ පසුබිම පරීක්ෂා කිරීමේ දී ද එය තලවතුගොඩ ඉහත දැක්වූ හෝටල් පරිශ්‍රයේ සිදුවීමක් නොවන බව පෙනී යනවා.

    C News  | Archived

    මේ පිළිබදව විමසා බැලීමේදී පැහැදිලි වන කාරණය නම් රාජ්‍ය අමාත්‍යවරයෙකුට සිදුවූ අකරතැබ්බයක් මෙන්ම ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාට සිදුවූ අකරතැබ්බය ලෙස සමාජ ජාල සටහන් මෙන්ම ඇතැම් මාධ්‍ය වාර්තාවල දැක්වෙන මෙම සිදුවීම්  යම් පොදු කරුණු අතින් සමාන බවයි. තලවතුගොඩ ප්‍රදේශය, එහි පවතින අවන්හලක් ආදිය මෙහි පොදු කරුණු ලෙස ගත හැකියි.

    පසුගියදා මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග Truth With Chamuditha වැඩසටහනට එක්වූ ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා තමන්ට ජනතාව හූ කී බවට වන සටහන ප්‍රතික්ෂේප කර තිබුණා .ඔහු පවසන්නේ තමන් තලවතුගොඩ ප්‍රදේශයේ සෑම හෝටලයටම ගමන් නොගන්නා බවත්, තමන් විවේකයේදී යන්නේ තලවතුගොඩ Monarch හෝටලයට පමණක් බවත් එහිදී තමන්ටසමාජ ජාලා සටහනේ සටහන් පරිදි ජනතාව විසින් හූ කියා අපහාස කර නොමැති බවයි.ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට ජනතාව විසින් හූ කියා එලවන බවට මතයක් නිර්මාණය කිරීමට ජනතා විමුක්ති පෙරමුණ මගින් උත්සාහ කරන බවත්, කෙසේ වෙතත් තමන්ට එවැනි විරෝධයක් නොමැති අතර  ගමට යන්නේ එක් ආරක්ෂක නිලධාරියෙක් සහ රියැදුරා පමණක් කැටිව බවයි ඇමැතිවරයා වැඩසටහනේදී පැවසුවේ .එම වීඩියෝ කොටස  පහතින්. 

    ප්‍රසන්න රණතුංග ඇමැතිවරයා සහභාගීවූ සම්පූර්ණ වැඩසටහන යූ ටියුබ් ඔස්සේ නැරඹිය හැකියි මෙතනින් .(28-30 මිනිත්තු අතර බලන්න .)

    මෙම සිදුවීම සම්බන්ධයෙන් යයි හුවමාරු වන්නේ තලවතුගොඩ හෝටල් පරිශ්‍රයක සිදුවීමක් නොවන අතර ඇතැම් වාර්තාවල දැක්වුණු Monarch Imperial අවන්හලේ කාර්ය මණ්ඩලය ද මෙම සිදුවීම ප්‍රතික්ෂේප කර සිටිනවා.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-12-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.