Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දැරියගේ මවට පාඨලීගෙන් දුරකතන ඇමතුම් 143ක් ?

    2021-07-15
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිදුවීම අළලා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවත් සම්බන්ධයෙන්ද අප අවධානය යොමුකළ අතර එම තොරතුරු තහවුරු කරමින් සත්‍ය තොරතුරු ගෙන ඒම සිදු කළ අතර එවන් නොමග යවන සුළු පුවතක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනය ප

    15 හැවිරිදි දැරියක් අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීමේ සිදුවීම අළලා සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවත් සම්බන්ධයෙන්ද අප අවධානය යොමුකළ අතර එම තොරතුරු තහවුරු කරමින් සත්‍ය තොරතුරු ගෙන ඒම සිදු කළ අතර එවන් නොමග යවන සුළු පුවතක් සම්බන්ධයෙන් අප සිදු කළ විමර්ශනය පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Leaks LK නම් ෆේස්බුක් පිටුවක දැක්වු‍ණේ, සමූහ දූෂණය වූ දැරියගේ මවට පාටලී කෝල් 143ක් ගත්තේ සුවදුක් විමසන්නලු !!!  යනුවෙන් සඳහන් කළ සටහනක්.

    එම සටහන සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ඡායාරූපයක්ද යොදාගෙන තිබුණු අතර එහි දක්වා තිබුණේ අපයෝජනයට ලක් වූ 15 හැවිරිදි දැරියගේ මවට සිව්මසක් ඇතුළත රණවක මහතා දුරකතන ඇමතුම් 143ක් ගෙන ඇති බවයි.

    Facebook | Archived Link

    මෙම ඡායාරූප සටහන ෆේස්බුක් ඔස්සේ හුවමාරු කර තිබූ තවත් සටහනක් මෙතනින්.

    Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අන්තර්ජාලයේ දැන්වීම් ඔස්සේ අලෙවි කළ අපයෝජනයට ලක් වූ 15 හැවිරිදි දැරියගේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන කටයතු ළමා හා කාන්තා කාර්යාංශය විසින් මෙහෙයවනු ලබනවා.

    මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සමාජය තුළ සත්‍ය තොරතුරු මෙන්ම අසත්‍ය තොරතුරුද සමාජය තුළ වේගවත්ව පැතිරුණු අතර මෙලෙස සංසරණය වූ ව්‍යාජ පුවත් හා නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් අප කරුණු පරීක්ෂාවන් සිදු කරනු ලැබුවා. එම අවස්ථාවන් පහතින්.

    FACT CHECK: දැරියක් අපයෝජන කළ සිද්ධියට හෘද රෝග විශේෂඥ වෛද්‍ය වජිර සේනාරත්න අත්අඩංගුවට ගත් බවට ව්‍යාජ පුවතක්!

    FACT CHECK: 15 හැවිරිදි දැරිය ලිංගික කටයුතුවලට යොදා ගැනීම සම්බන්ධ ලැයිස්තුවේ කොටුවේ පොඩි නමත් ඇතුළත් ද?

    FACT CHECK: 15 හැවිරිදි දැරිය අපයෝජනය කිරීමේ සිද්ධිය හේතුවෙන් අත්අඩංගුවට පත් වූ පුද්ගලයින්ගේ ලැයිස්තුව ඇත්තක් ද?

    පසුගිය දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ තවත් සටහනක දක්වා තිබූ ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අදාළ දැරියගේ මවට සිව් මසක් තුළ දුරකතන ඇමතුම් 143 ක් ලබා ගත් බවට විමර්ශනයේදී කරුණු හෙළිවූවාද යන්න පිළිබඳ අප පොලිස් මාධ්‍ය සම්බන්ධීකරණ අංශයේ අධ්‍යක්ෂවරයාගෙන් විමසීමක් කළා.

    අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ එවැනි කරුණක් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ බවයි. 

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ දක්වා තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    අන්තර්ජාලයෙන් අළෙවි වූ බාලවයස්කාර දැරිය භාවිත කළ ජංගම දුරකතනයේ සහ දැරිය තැරැව් කළ බවට සඳහන් ප‍්‍රධාන සැකකරුගේ ජංගම දුරකතනයේ වසරක කාලයකට අදාළ කුළුණු වාර්තා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය විසින් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම මහත්මිය වෙත ඊයේ (14) දිනයේදී බාර දුන් බවට පළ වූ පුවතක් මෙතනින්.

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් සඳහන් කළ හැක්කේ 15 හැවැරිදි දැරිය අපයෝජනය කිරීමේ සිදුවීමේ පොලිස් විමර්ශන කටයුතු වලදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී රණවක මහතා අදාළ දැරියගේ මවට දුරකථන ඇමතුම් ලබා ගත් බවට මෙතෙක් සිදු කළ විමර්ශන වලදී අනාවරණය නොවී ඇති බවයි. ඒ බවට පොලිස් මාධ්‍ය සම්බන්ධීකරණ අංශයේ අධ්‍යක්ෂකවරයා අප කළ විමසීමේදී තහවුරු කරනු ලැබුවා. ඒ අනුව මන්ත්‍රීවරයා දැරියගේ මවට සිව් මසක් තුළ දුරකතන ඇමතුම් 143 ක් ලබා ගත් බවට පළ වූ සටහන් මෙතෙක් සිදු කළ පොලිස් විමර්ශන වලට අනුව අසත්‍ය හා නොමග යවන සුළු බවට සඳහන් කළ හැක.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-07-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.