Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    විශාරද නන්දා මාලිනිය මියගිය බවට අසත්‍ය සටහනක්!

    2025-06-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. විශාරද නන්දා මාලිනිය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් මාතෘකා වලට ඈදා ගනිමින් පළ වනු ලබනවා. මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය වේදිකාවන් වල ඇඩ්මින් වරුන් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්/පි

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    විශාරද නන්දා මාලිනිය පිළිබඳ අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් මාතෘකා වලට ඈදා ගනිමින් පළ වනු ලබනවා. මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය වේදිකාවන් වල ඇඩ්මින් වරුන් තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්/පිටුවල නාලිකාවන් වල රීච් වැඩි කර ගැනීමට අසත්‍ය තොරතුරු විශේෂයෙන් කලා කරුවන් මිය ගිය බවට පුවත් පළ කරනු ලබනවා. එලෙසින් නන්දා මාලිනිය සම්බන්ධයෙන් පළ වූ සටහනක නිරවද්‍යතාව සොයා අප විමර්ශකයක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “ගීත කෝකිලාවිය දිවි ගමනට සමුදෙයි, රටම අඬවමින් නන්දාමාලිනී අවසන් ගමන් යයි!” යනුවෙන් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණා.

    මේ සටහන සඳහා Youtube සබැඳියක් දක්වා තිබෙනවා.

    Facebook | Archived Link

    මෙහි නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් සිදු කළා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනිය මිය ගිය බවට කිසිදු ප්‍රධාන මාධ්‍යයක් වාර්තා කර නොතිබුණි.

    මේ හේතුවෙන් ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ විමසීමට අප ඇයව සම්බන්ධ කර ගැනීමට කිහිපවරක් උත්සහ දැරුවත් එම අවස්ථාවන් ව්‍යර්ථ විය.

     කලාකරුවෙකු මෙන් ම ගායන ශිල්පී දයාන් විතාරණ මහතා විසින් සිය ෆේස්බුක් පිටුවේ නන්දා මාලිනි මහත්මිය මිය ගිය බවට පළ වන වාර්තා අසත්‍ය බවට සටහනක් එක් කර තිබෙනු අපට දැක ගැනීමට හැකි වුණා.

    Archived Link

    අප මේ පිළිබඳව තව දුරටත් තහවුරු කර ගැනීම සඳහා දයාන් විතාරණ මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත් අතර ඔහු තහවුරු කළේ නන්දා මාලිනියන් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම පුවත අසත්‍ය බව ට ඇයගේ නිවැසියන් දැන් වූ බව ත්, නන්දා මාලිනියන් සුවෙන් පසුවන බව ත් ප්‍රකාශ කළ බවයි. 

    එමෙන් ම නන්දා මාලිනිය විසින් පසුගිය මැයි මස නිලි රැජිණ මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහයට අවසන් ගෞරවය දැක්වීමට පැමිණි අවස්ථාව පහතින්  

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනිය මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන පුවත් අසත්‍ය බවට ඇයගේ පවුලේ ඥාතීන් තහවුරු කරයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-06-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.