Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ලංකාවේ 4කින් 3ක් දුගී බව දිලිත් ජයවීර මහතා කළ ප්‍රකාශය සත්‍යද?

    කරුණු පැහැදිලි කිරීම
    2026-09-15
    7 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න. ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සියත “ත්‍රිකෝණය” වැඩසටහනට සහභාගී වෙමින්, වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ආණ්ඩුවට ඡන්දය ලබාදුන් ඡන්දය දුන් නිර්ධන පන්තිකයාගේ ප්‍රතිශතය දෙගුණයකින් වැඩි කරග

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

    ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සියත “ත්‍රිකෝණය” වැඩසටහනට සහභාගී වෙමින්, වර්තමාන ආණ්ඩුව බලයට පත් වීමෙන් පසුව ආණ්ඩුවට ඡන්දය ලබාදුන් ඡන්දය දුන් නිර්ධන පන්තිකයාගේ ප්‍රතිශතය දෙගුණයකින් වැඩි කරගෙන ඇති බව ත්, එයින් අදහස් වන්නේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 4 දෙනෙකුගෙන් 3 දෙනෙක් දුගී වී ඇති බවත් ප්‍රකාශ කරනු ලැබීය. මෙම ප්‍රකාශය සමාජ මාධ්‍ය ඔස්සේ බහුල ලෙස සංසරණය වූ අතර, එහි සත්‍යතාව පිළිබඳව අප විසින් සිදු කළ කරුණු විමර්ශනයක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Facebook | Archived Link

    මෙම වැඩසටහනේදී දිලිත් ජයවීර මහතා කළ මෙම ප්‍රකාශය සත්‍ය ද, යන්න සොයා බලන ලෙස  ලැබුණු පාඨක ඉල්ලීම් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ සොයා බැලීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්. 

    Fact-Check (කරුණු විමර්ශනය කිරීම):

    පසුගිය සැප්තැම්බර් 2වන දින සියත TV හි පැවැති “ත්‍රිකෝණය” වැඩසටහනේදී සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා සහභාගී වී තිබුණා. ඔහු එහිදී ප්‍රධාන වශයෙන්, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණයේ ස්වාධීනත්වය, ජාත්‍යන්තර හා සමාජයීය විරෝධය, වත්මන් රජයේ ක්‍රියාකලාපය සහ ආර්ථික තත්ත්වය, සර්වජන බලය සහ අනාගත දේශපාලන වැඩපිළිවෙල සාකච්ඡා කරනු ලබයි.

    එමෙන් ම වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමට ඡන්දය දුන් නිර්ධන පන්තික ජනතාවගේ ප්‍රතිශතය මෙම පාලන කාලය තුළ දෙගුණයකින් වැඩි කර ඇති බව ත්, රටේත්, ජනගහනයෙන් හතර දෙනෙකුගෙන් එක් අයෙකු අන්ත දුගී තත්ත්වයට පත්ව ඇති අතර, සමස්තයක් ලෙස හතර දෙනෙකුගෙන් තුන් දෙනෙකුම දුගී බවට පත්ව ඇති බව ඔහු එහිදී ප්‍රකාශ කර තිබුණා.

    දිලිත් ජයවීර මහතා විසින් සඳහන් කරන ප්‍රකාශය සත්‍යාපනය කිරීම සඳහා අප ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව (DCS), ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම නිල දත්ත පරීක්ෂා කිරීමට පියවර ගනු ලැබුවා.

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නිල දරිද්‍රතා දත්ත

    ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිළිබඳ නිල සංඛ්‍යාලේඛන සකස් කිරීමේ ප්‍රධාන රාජ්‍ය ආයතනය වන්නේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවයි. දරිද්‍රතාවය මැනීම සඳහා එම දෙපාර්තමේන්තුව ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණ (HIES) වැනි නිල දත්ත භාවිත කරයි.

    • 2026 ජූලි මාසයේ නිල දරිද්‍රතා රේඛාව

    DCS විසින් 2026 ජූලි මාසය සඳහා ප්‍රකාශයට පත් කර ඇති ජාතික නිල දරිද්‍රතා රේඛාව පුද්ගලයෙකු සඳහා මසකට රුපියල් 17,679ක් වේ.

    මෙහිදී වැදගත් කරුණක් වන්නේ රුපියල් 17,679 යනු දරිද්‍රතාවයේ සිටින ජනගහනයේ ප්‍රතිශතය නොවන බවයි. එය දරිද්‍රතා මට්ටම හඳුනා ගැනීම සඳහා භාවිත කරන දරිද්‍රතා සීමාවකි. 

    • එසේ නම් දරිද්‍රතා අනුපාතය කොපමණද?

    DCS හි ප්‍රකාශිත දත්ත අනුව, ශ්‍රී ලංකාවේ 2019 ජාතික දරිද්‍රතා අනුපාතය 14.3%ක් විය.

    කෙසේ වෙතත්, මෙහි සඳහන් 14.3% වන්නේ 2019 වසරට අදාළ දරිද්‍රතා අනුපාතයයි. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම ජාතික දරිද්‍රතා දත්ත ලෙස දැනට ප්‍රකාශිතව පවතින්නේ මෙම 2019 දත්තය වන අතර, 2025 ගෘහස්ථ ආදායම් හා වියදම් සමීක්ෂණයට අදාළ දරිද්‍රතා දර්ශක මේ වසර අවසානයේ (2026 ඔක්තෝබර්–දෙසැම්බර්) නිකුත් කිරීමට නියමිතය.

    ආර්ථික අර්බුදයෙන් පසු දරිද්‍රතාවය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුවේ ඇස්තමේන්තු ද පෙන්වා දෙයි. ලෝක බැංකුවේ 2024 ඇස්තමේන්තුව අනුව, දිනකට එක් පුද්ගලයෙකු සඳහා ඇමෙරිකානු ඩොලර් 3.65ක (2017 PPP) ජාත්‍යන්තර දරිද්‍රතා සීමාව භාවිත කළ විට, 2024 දී දරිද්‍රතා අනුපාතය 24.5%ක් විය.

    මන්ත්‍රීවරයා සඳහන් කරන 75% අගයට ආසන්නම සංඛ්‍යාවක් ලැබෙන්නේ ලෝක බැංකුව භාවිත කරන වඩාත් පුළුල් ආදායම් සීමාවක් වන එක් පුද්ගලයෙකුට දිනකට ඇමෙරිකානු ඩොලර් 6.85ක (2017 PPP) සීමාව යටතේය. එම සීමාව අනුව, 2024 වසරේදී ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ආසන්න වශයෙන් 65.8%ක් එම සීමාවට පහළින් සිටි බවට ඇස්තමේන්තු කර තිබේ. 2019 වසරේදී එම ප්‍රතිශතය 51.2%ක් විය.

    කෙසේ වෙතත්, මෙම 6.85 ඩොලර් සීමාව සාමාන්‍යයෙන් දරිද්‍රතාව මැනීමට භාවිත කරන සීමාවක් නොව, දරිද්‍රතාවයට පත්වීමේ අවදානම සහ ආර්ථික පීඩනය වැනි පුළුල් තත්ත්වයන් හඳුනා ගැනීමට භාවිත කරන මිනුමකි. එබැවින්, මෙම පුළුල් සීමාව යටතේ පවා 2024 දී එම ප්‍රතිශතය 65.8%ක් පමණක් වන අතර, එය මන්ත්‍රීවරයා සඳහන් කරන 75%ට වඩා අඩුය. ඒ අනුව, මෙම දත්ත මත පදනම්ව ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 75%ක් දරිද්‍රතාවයේ සිටින බවට කරන ප්‍රකාශය සනාථ කළ නොහැක.

    ලෝක බැංකු දත්ත අනුව ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය

    ලෝක බැංකුවේ “Sri Lanka Development Update 2025” වාර්තාවට අනුව, දිනකට එක් පුද්ගලයෙකු සඳහා ඇමෙරිකානු ඩොලර් 3.65ක (2017 PPP) දරිද්‍රතා සීමාව භාවිත කළ විට, 2024 වසරේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය 24.5%ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

    දරිද්‍රතාව ‘වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු’ දෙගුණ වූ බවට වන ඇඟවීම නොමඟ යවනසුළුය. 24.5% අගය 2024 වසරට අදාළ වන අතර, වත්මන් ආණ්ඩුව බලයට පත් වූයේ 2024 අග භාගයේදී යේ. එබැවින් මෙම දරිද්‍රතා ඉහළයෑම බොහෝ දුරට එම ආණ්ඩුවට පෙර, 2022-2023 අර්බුද කාලයට අයත් වේ. කෙසේ වෙතත්, 24.5% යනු 2024 වසර සඳහා වන ඇස්තමේන්තුවක් බව ද සැලකිල්ලට ගත යුතුය. එය 2026 වසරේ නිල දරිද්‍රතා අනුපාතයක් ලෙස හැඳින්විය නොහැක.

    ලෝක බැංකුව මීට පෙර නිකුත් කළ 2024 Development Update හිදී, ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය 2026 දක්වා 22%ට වඩා ඉහළ මට්ටමක පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබිණි. මෙය පුරෝකථනයක් (projection) වන අතර, 2026 වසරේ මැනීමෙන් ලබාගත්  දත්තයක් නොවේ.

    වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු දරිද්‍රතාවය වැඩි වී තිබේද?

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු දරිද්‍රතාවය ඉහළ ගොස් තිබේ.

    ලෝක බැංකුව පෙන්වා දෙන්නේ, 2024 දී දරිද්‍රතා මට්ටම 2019 මට්ටමට වඩා දෙගුණයකට ආසන්න වූ බවයි. 2024 දී එය 24.5%ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර 2019 දී එම මිනුම් ක්‍රමය යටතේ එය 11.3%ක් විය.

    එමෙන්ම 2021 සිට 2024 දක්වා ආහාර මිල දෙගුණයකට වඩා ඉහළ ගොස් ඇති අතර, සැබෑ වැටුප්ද 2019 මට්ටමට වඩා පහළින් පැවති බව ලෝක බැංකුව සඳහන් කරයි.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ ජනතාව ආර්ථික වශයෙන් දැඩි පීඩනයකට ලක්ව ඇති බව සත්‍යයකි.

    නමුත් එම තත්ත්වය “වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ජනගහනයෙන් 75%ක් දුප්පත් වී ඇත” යන ප්‍රකාශය තහවුරු නොකරයි.

    දැනට තිබෙන දත්ත අනුව අපට නිශ්චිතව පෙන්වා දිය හැක්කේ ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය බරපතළ ගැටලුවක් බව ත්, එය ආර්ථික අර්බුදයෙන් පසු සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවත් ය.

    කෙසේ වෙතත්, ආණ්ඩුවට ඡන්දය ලබාදුන් පිරිස අතර ‘නිර්ධන පන්තිකයන්ගේ’ ප්‍රතිශතය දෙගුණ වී ඇති බව තහවුරු කිරීමට, එම ඡන්දදායකයන්ගේ ආදායම් මට්ටම හෝ දරිද්‍රතා තත්ත්වය අනුව වර්ග කළ නිල මැතිවරණ දත්ත අවශ්‍ය වේ. එවැනි දත්ත නොමැති බැවින්, ආණ්ඩුවට ලැබුණු ඡන්ද අතරින් නිර්ධන පන්තිකයන්ගේ ප්‍රතිශතය දෙගුණ වී ඇති බව මැතිවරණ ප්‍රතිඵල මත පමණක් තහවුරු කළ නොහැක.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරාල

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය වසන්ත අතුකෝරාල මහතා සඳහන් කළේ, 2022 වසර වන විට ශ්‍රී ලංකාවේ දරිද්‍රතා මට්ටම සියයට 25ක් පමණ දක්වා ඉහළ ගොස් තිබූ බවත්, ඉන් අනතුරුව එය ක්‍රමයෙන් අඩුවෙමින් මේ වන විට සියයට 21ක් පමණ මට්ටමක පවතින බවට තොරතුරු පවතින බවත් ය.

    කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රී ලංකාව පුරා සිදුකළ නවතම නිල දරිද්‍රතා සමීක්ෂණයකින් තහවුරු කළ අගයක් නොමැති බවත්, දරිද්‍රතාව සම්බන්ධයෙන් පවතින වර්තමාන සංඛ්‍යා ප්‍රධාන වශයෙන් ලෝක බැංකුව ඇතුළු ආයතන විසින් සිදුකර ඇති අධ්‍යයන හා ඇස්තමේන්තු මත පදනම් වන බවත් මහාචාර්යවරයා පෙන්වා දුන්නා.

    ඒ අනුව, සියයට 75ක් වැනි අගයක් වර්තමාන නිල දරිද්‍රතා අනුපාතයක් ලෙස සෘජුවම ඉදිරිපත් කිරීමේදී සැලකිලිමත් විය යුතු බව ද එහි වලංගු තාවයක් නොමැති බව ද, ඔහු වැඩි දුරටත්, සඳහන් කරනු ලැබීය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    ඒ අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් පසු දරිද්‍රතාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව දත්ත මගින් පැහැදිලිව පෙන්වා දෙයි. එහෙත්, ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් හතරෙන් තුනක් හෙවත් 75%ක් දරිද්‍රතාවයේ සිටින බවට කිසිදු නිල දත්තයක් හෝ පිළිගත් දරිද්‍රතා ඇස්තමේන්තුවක් නොමැත.

    ලෝක බැංකුවේ නවතම සංවර්ධන යාවත්කාලීන වාර්තාව අනුව, 2024 වසරේදී එක් පුද්ගලයෙකුට දිනකට ඇමෙරිකානු ඩොලර් 3.65ක (2017 PPP) දරිද්‍රතා සීමාවට පහළින් ජීවත් වූ ජනගහනයේ ප්‍රතිශතය 24.5%කි. ඊට වඩා පුළුල් ඩොලර් 6.85ක (2017 PPP) සීමාව සලකා බැලූ විට එම ප්‍රතිශතය ආසන්න වශයෙන් 65.8%ක් වුවද, එයද 75%ට වඩා අඩුය. එම ඩොලර් 6.85 සීමාව සාමාන්‍ය දරිද්‍රතා මිනුමකට වඩා පුළුල් ආර්ථික අවදානම සහ පීඩනය පිළිබඳ තත්ත්වයන් මැනීමට භාවිත කරන සීමාවක් බවද සැලකිල්ලට ගත යුතුය.

    එමෙන්ම, වත්මන් ආණ්ඩුවට ඡන්දය ලබාදුන් පිරිස අතර ‘නිර්ධන පන්තිකයන්ගේ’ ප්‍රතිශතය දෙගුණ වී ඇති බවට වන ප්‍රකාශය තහවුරු කිරීමට අවශ්‍ය ආදායම් මට්ටම හෝ දරිද්‍රතා තත්ත්වය අනුව වර්ග කළ ඡන්දදායක දත්ත නොමැත. එබැවින් එම ප්‍රකාශය මත පදනම්ව සමස්ත ජනගහනයෙන් 75%ක් දරිද්‍රතාවයේ සිටින බවට නිගමනය කළ නොහැක.

    ඒ අනුව, ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව ඉහළ ගොස් ඇති බවට වන පුළුල් අදහසට දත්ත මගින් සහාය ලැබුණද, ජනගහනයෙන් 75%ක් දරිද්‍රතාවයේ සිටින බවට කරන නිශ්චිත ප්‍රකාශය නොමඟ යවන සුළුය.

    Result Stamp

    Title: ලංකාවේ 4කින් 3ක් දුගී බව දිලිත් ජයවීර මහතා කළ ප්‍රකාශය සත්‍යද?

    Written By: Pavithra Sandamali

    Result: Insight

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2026-09-15

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.