Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    වාහන ආදායම් බලපත්‍රයේ වලංගු භාවය පරීක්ෂා කළ හැකි SMS සේවාවක් ක්‍රියාත්මක ද?

    2022-10-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න. වාහන ආදායම් බලපත්‍රය නොමැති අවස්ථාවකදී එහි වලංගු භාවය ඔප්පු කිරීම සඳහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) කෙටි පණ්විඩයක් යවා එම තොරතුරු ලබාගැනීමට කේතයක් ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයට මෙතනින් එකතුවන්න.

    වාහන ආදායම් බලපත්‍රය නොමැති අවස්ථාවකදී එහි වලංගු භාවය ඔප්පු කිරීම සඳහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට (1919) කෙටි පණ්විඩයක් යවා එම තොරතුරු ලබාගැනීමට කේතයක් ඇති බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූ සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමසා බැලීමක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “පොලීසියෙන් නවත්වපු වෙලාවෙදී ආදායම් බලපත්‍රය ළග නැති වුණොත් මෙන්න මේ විදියට ඔයාලගේ ආදායම් බලපත්‍රයේ වලංගුභාවය ඔප්පු කළ හැකියි. Code එක Save කරලා තියාගන්න හදිස්සියට අනිවාර්යෙන්ම ඕනි වේවි.” යනුවෙන් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    එම කේතය ලෙස DMT (හිස් තැනක්) RLS (හිස් තැනක්) වාහනේ අංකය 1919 ට යොමු කරන ලෙස එහි සඳහන් කර තිබුණා.

    Facebook | Archived Link

    එම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    මෙම සටහන්වල නිරවද්‍යතාවය විමසීමකින් තොරව බහුලව සංසරණය වීම හේතුවෙන් මේ පිළිබඳ සොයා බැලීමට පියවර ගත්තේ මෙලෙසින්.

    කරුණු විමසා බැලීම:

    අප ප්‍රථමයෙන්ම මෙලෙස වාහන ආදායම් බලපත්‍රය නොමැති අවස්ථාවකදී එහි වලංගු භාවය ඔප්පු කළ හැකි ලෙස රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මගින SMS සේවාවක් ඔස්සේ ලබා ගත හැකි කේතයක් හඳුන්වා දුන් බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණාද යන්න අප  නිරීක්ෂණය කරනු ලැබුවා. නමුත් අපට එවැනි තොරතුරක් ඇතුළත් කිසිදු පුවතක් දැක ගන්නට නොලැබුණි.

    එමෙන්ම ඉහත කේතයට අප මෝටර් රථයක අංකයක් SMS සේවා හරහා  1919 රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය යොමු කළද,  එම කේතය යටතේ වාහන ආදායම් බලපත්‍රය සම්බන්ධ තොරතුරු නොලැබුණු අතර එවැනි සේවාවක් ක්‍රියාත්මක නොවන බවට තහවුරු වුණා.

    රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය

    අප මේ සම්බන්ධයෙන් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් ද, විමසීමක් සිදු කළා. ඔවුන් පවසා සිටියේ, වාහන ආදායම් බලපත්‍රය සම්බන්ධයෙන් එවැනි කේතයක් ක්‍රියාත්මක නොවන බවයි.

    මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

    එමෙන්ම පළාත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් චන්ද්‍රිකා මහත්මියගෙන් අප දුරකතන මාර්ගයෙන් විමසීමක් සිදු කළ අතර ඇය සඳහන් කළේ, මධ්‍යම රජය විසින් මීට අවුරුදු දෙකකට පෙර වාහන ආදායම් බලපත්‍රය සම්බන්ධ තොරතුරු SMS සේවාවක් මගින් ලබා ගැනීම සම්බන්ධයෙන් තීරණයක් ගනු ලැබුවත්, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් එම දත්ත ලබා ගැනීම සඳහා මෙතෙක් අවසර දී නොමැති බවයි.

    වාහන බලපත්‍රයක් නොමැතිව වාහනය ධාවනය කළ හැකි ද?

    මෝටර් රථ ප්‍රවාහන පනතේ වගන්තියක විධිවිදානයක් කඩකිරීමක් ගැන හෝ එම වගන්ති යටතේ නිකුත් කරන ලද යම් නියමයක්, නියම කිරීමක්, ඉල්ලා සිටීමක්, දැන්වීමක් අනුව ක්‍රියා කිරීම පැහැර හැරීම යන වරද සිදු කිරීම පිළිබඳ රියදුරෙකු, වාහන හිමිකරුවෙකුට එරෙහිව නඩු පැවරීම සිදු කෙරෙන බවත්, වාහන ආදයම් බලපත්‍රය නොමැතිව වාහනය ධාවනය කරන පුද්ගලයන්ට එහි වලංගු භාවය ඔප්පු කිරීම සඳහා අනිවාර්යයෙන්ම ආදායම් බලපත්‍රය තිබිය යුතු බවත්, එසේ නොමැති පුද්ගලයන්ට නඩු පැවරීම සිදු කෙරෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා අප කළ විමසීමේදී සඳහන් කළා.

    මෙතෙක් SMS සේවාවන් මගින් වාහන ආදායම් බලපත්‍රයේ වලංගු භාවය ඔප්පු කිරීම කළ හැකි ක්‍රම වේදයක් හඳුන්වා නොමැති බැවින් සහ එවැනි ක්‍රම වේදනයක් පිළිබඳ පොලිස් කොට්ඨාශය දැනුවත් කර නොමැති බැවින්, වලංගු වාහන ආදායම් බලපත්‍රයක් ඇති පුද්ගලයෙක්ට හෝ එය රැගෙන වාහනය ධාවනය නොකිරීම හේතුවෙන් අදාළ වරදට යටත් වන බවත්,  ඒ සඳහා නීතිය ක්‍රියාත්මක වන බව ද, ඒ මහතා තහවුරු කළා.

    මේ අනුව මෙතෙක් මේ ආකරයේ කේතයක් හරහා වාහන ආදායම් බලපත්‍ර සම්බන්ධ තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන අතර මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙම ලිපිය හරහා යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, වාහන ආදායම් බලපත්‍රය නොමැති අවස්ථාවකදී රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919) වෙතට යොමු කරන කේතයක් මගින් එහි වලංගු භාවය පරීක්ෂා කිරීමට හැකි වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන නොමග යවන සුළුයි. මෙතෙක් එවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බවට, රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය මෙන්ම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද, තහවුරු කරනු ලැබුවා.

    Avatar

    Title:වාහන ආදායම් බලපත්‍රයේ වලංගු භාවය පරීක්ෂා කළ හැකි SMS සේවාව ක්‍රියාත්මක ද?

    Fact Check By: Pavithra Sandamali 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-10-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.