Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    විදුලි කප්පාදුව සහ ක්ලෝරීන් හිඟය නිසා කොළඹ නල ජලය බීමට නුසුදුසු තත්ත්වයේද ?

    2022-04-12
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පවතින ආර්ථික අර්බුදය හමුවේ , මහ ජනතාව මේ ගෙවෙමින් පවතින්නේ ඉතාම දුෂ්කර වකවානුවක්. එවන් තත්ත්වයක් තුළ රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම පවා අභියෝගාත්මක තත්ත්වයකට පත්වයි තිබෙන්නේ .මේ පසුබිම තුළ ජලය පිරිපහදු කිරීම සදහා අවශ්‍ය ක්ලෝරීන් හිගවීම සහ පිරිපහදු මධ්‍

    පවතින ආර්ථික අර්බුදය හමුවේ , මහ ජනතාව මේ ගෙවෙමින් පවතින්නේ ඉතාම දුෂ්කර වකවානුවක්. එවන් තත්ත්වයක් තුළ රටේ අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යාම පවා අභියෝගාත්මක තත්ත්වයකට පත්වයි තිබෙන්නේ .මේ පසුබිම තුළ ජලය පිරිපහදු කිරීම සදහා අවශ්‍ය ක්ලෝරීන් හිගවීම සහ පිරිපහදු මධ්‍යස්ථාන අවට සිදුවන විදුලි කප්පාදු නිසා ඒවායේ ක්‍රියාකාරීත්වයට සිදුවන බලපෑම නිසා කොළඹ ප්‍රදේශවල නල ජලය පානය සදහා නුසුදුසු බවට පළවන සමාජ ජාලා සටහන්වල සත්‍ය අසත්‍යතාව කුමක්දැයි අප විසින් සිදු කළ විමසා බැලීමකුයි මේ .

    සමාජ ජාලා සටහන් 

    ක්ලෝරීන් හිගය සහ පිරිපහදු මධ්‍යස්ථාන ආශ්‍රිත විදුලි කප්පාදු නිසා කොළඹ නල ජලය පානයට නුසුදුසු තත්ත්වයට පත්ව ඇතැයි ෆේස්බුක් පරිශීලකයෙක් සටහනක් එක්කර තිබුණේ මෙලෙසින්. 

    Facebook | Archived 

    එම සටහන් ඉංග්‍රීසි බසින්ද ව්‍යාප්තව පැවතියේ මෙලෙසින්. 

    Facebook | Archived

    මේ එම සටහන් ෆේස්බුක් පුරා විසිර පැවති ආකාරයයි. 

    වට්ස්ඇප් වලද එම සටහන් පැතිර පැවතියේ මෙලෙසින් .

    මෙහි සදහන් කරුණු නිවැරදිද ?? මේ අප  විසින් ඒ පිළිබදව සිදු කල කරුණු විමසා බැලීමක් .

    Fact Check (සත්‍ය කරුණු විමසා බැලීම )

    අප මුලින්ම සිදුකළේ මෙම සමාජ ජාල සටහනේ සදහන් ආකාරයේ ක්ලෝරීන් හිගතාවයක් හෝ පිරිපහදු මධ්‍යස්ථාන වල විදුලිය කපාහැරීම නිසා පිරිපහදු කිරීම් කටයුතු වලට බාධා සිදුවී බීමට නුසුදුසු ජලය පානය කර ජල පාරිභෝගිකයන් රෝගී වීමක් හා සම්බන්ධව ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් මෑත කාලයේ වාර්තා කර ඇතිද යන කාරණයයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ ඒ ආකාරයේ මාධ්‍ය වාර්තා නොමැති බවයි.

    ඉන් අනතුරුව අප මේ පිළිබදව ජාතික ජල සම්පාදන සහ ජලා ප්‍රවාහන මණ්ඩලයෙන් කරුණු විමසා බැලුවා.ඒ පිළිබදව අදහස් දැක්වූ එහි සන්නිවේදන නිලධාරිනී S.R.R. කරුණාරත්න අප සමග පවසා සිටියේ මණ්ඩලය සතුව තවත් මාස හයකට ප්‍රමාණවත් තරම් ක්ලෝරීන් තොග පවත්නා බවයි. 

    මේ සම්බන්ධයෙන් ජල සම්පාදන මණ්ඩලය නිකුත් කල මාධ්‍ය නිවේදනය පහතින් .

    Facebook | Archived

    ජල පවිත්‍රාගාර ආශ්‍රිතව විදුලි කප්පාදු සිදුවේද ?මේ සම්බන්ධයෙන් අප විමසා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමුණිගෙන්. ඔහු අප සමග පැවසුවේ විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් ජල පවිත්‍රාගාර සහිත ප්‍රදේශවලට ලබාදීමට තමන් උපරිමයෙන් උත්සාහ දරා කටයුතු  කටයුතු කරන බවයි. කෙසේ වෙතත් ඇතැම් අවස්ථාවලදී එම ප්‍රදේශවල විදුලිය කප්පාදු සිදු කිරීමට සිදුව ඇති බවත් ඔහු පැවසුවා.ඔහු වැඩිදුරටත් අප හා පැවසුවේ ජල පවිත්‍රාගාර සහිත ප්‍රදේශවල විදුලි කප්පාදුව අනෙත් ප්‍රදේශයන්ට සාපේක්ෂව ඉතාම අවම බවයි. 

    කොළඹ ප්‍රදේශයේ ජලය විෂ වීම නිසා වමනය ආදී රෝගාබාධ සහිත රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබේද ? කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී විජයමුණි අප සමග පැවසුවේ එවැනි තත්ත්වයන් සහිත රෝගීන්ගේ වැඩි වීමක් කොළඹ නගර සභා බල ප්‍රදේශය තුළ නිරීක්ෂණය නොවන බවයි. 

    කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන රෝහලක් වන රාගම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලියනගේ රණවීර ගෙන්ද අප මේ පිළිබදව විමසාබැලීමක් සිදු කළා.ඔහු පැවසුවේ පානීය ජලය විෂ වීම නිසා ඇතිවන රෝගී තත්ත්වයන් නිසා රෝහල්ගතවන රෝගීන්ගේ කැපීපෙනෙන වර්ධනයක් මේ දිනවල  දක්නට නොමැති බවයි.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූවේ ක්ලෝරීන් හිගයක් සහ වර්තමානයේ සිදුවන විදුලි කප්පාදු නිසා කොළඹ ප්‍රදේශයේ ජලය පානයට නුසුදුසු බවට සමාජ ජාලා හරහා හුවමාරු වන සටහන් නොමගයවන සුලු ඒවා බවයි.ජාතික ජල සම්පාදන මණ්ඩලය ,ලංකා විදුලිබල මණ්ඩලය මෙන්ම කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුවද ඒ බව තහවුරු කරයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-04-12

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.