Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මිද්දෙණිය ප්‍රදේශයේ 05 හැවිරිදි දරුවා මිය ගොස් ඇත්තේ රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් නොවේ!

    2025-07-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ප්‍රධාන මාධ්‍ය වාර්තා විසින් ද, නොමග යන සුළු තොරතුරු වාර්තා වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. නමුත් ඇතැම් අවස්ථාවලදී, මෙලෙසින් නොමග යන අන්දමින් වාර්තා කරන්නේ මූලාශ්‍ර වලින් ලබාදෙන තොරතුරු නිව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ප්‍රධාන මාධ්‍ය වාර්තා විසින් ද, නොමග යන සුළු තොරතුරු වාර්තා වීම සුලබව දක්නට ලැබෙන කරුණක්. නමුත් ඇතැම් අවස්ථාවලදී, මෙලෙසින් නොමග යන අන්දමින් වාර්තා කරන්නේ මූලාශ්‍ර වලින් ලබාදෙන තොරතුරු නිවැරදි නොවීමයි. එලෙසින් පළ වූ පුවතක සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් මිද්දෙණිය ප්‍රදේශයේ 05 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බවට දක්වමින් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, පුවතක් වාර්තා කර තිබුණා.

    Facebook | Archived Link

    මෙම සටහන් වලට දක්වා තිබූ ප්‍රතිචාරවල සඳහන් වූයේ මෙම දරුවා මිය ගියේ රඹුටන් ඇටයක් සිරවීම නිසා නොව හෘර්ද්‍යාබාධ තත්ත්වයක් නිසා බවයි.

    මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සෙවීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    රඹුටන් ඇටයක් සිරවීමෙන් මිද්දෙණිය පොලිස් වසමට අයත් පල්ලේ ජූලම්පිටිය ප්‍රදේශයේ සිව් හැවිරිදි පෙර පාසල් දරුවකු මිය ගිය බවට ප්‍රධාන මාධ්‍ය වාර්තා කර තිබුණා.

    එහි දක්වා තිබුණේ, සිය මව සමඟ ගමනක් ගොස් නිවසට පැමිණ ඇති දරුවා රඹුටන් කමින් බයිසිකලය පදිමින් මිදුලේ සිට ඇති අතර හදිසියේම දරුවා සිහිසුන්ව බයිසිකලයෙන් ඇද වැටී තිබේ.

    දරුවාගේ මිත්තණිය හා මව එක්ව එම අවස්ථාවේම දරුවා කටුවන රෝහල වෙත ගෙන ගොස් ඇති අතර පසුව වළස්මුල්ල දිසා රෝහල වෙත ගෙන යන අතරතුර දරුවා මියගොස් ඇති බවත් මරණය පිළිබඳ පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය මේ වන විටත් පවත්වා අවසන් නොමැති බව ත්, ඊයේ(09) දින පුවත් වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

    අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා මිද්දෙණිය පොලීසියෙන් විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, පල්ලේ ජූලම්පිටිය අතුපොදේ ගෙදර සතිර දුලංස නමැති මෙම දරුවා මිය ගොස් ඇත්තේ රඹුටන් ඇටයක් සිරවීම නිසා නොව ජානමය ආබාධ තත්ත්වයක් නිසා බව රෝහල විසින් පොලීසියට දැන්වූ බවයි.

    දිවයින පුවත්පතේ මෙම ලිපිය ලියූ මිද්දෙණිය ප්‍රාදේශීය මාධ්‍යවේදි අමිල ජයවර්ධන මහතාගෙන් ද, මේ පිළිබඳව වැඩි දුරටත් විමසීමක් කළ අතර ඒ මහතා තහවුරු කළේ, එම දරුවා මියගිය හේතුව බවට නිවැසියන් විසින් සඳහන් කළේ, දරුවා රඹුටන් ඇටයක් ගිලීම බව ත්, සැබවින්ම ඒ මොහොතේ දරුවා සතුව රඹුටන් තිබූ බව ත්ය.

    කෙසේ වෙතත් දරුවාගේ මරණ පරීක්ෂණ වාර්තාව ඊයේ(09) සවස ලැබෙන තෙක් මෙම මරණයට හේතුව ලෙස දරුවාගේ නිවැසියන් ද, ඇතුළුව බොහෝ දෙනෙකු සිතා සිටියේ දරුවා මිය ගියේ රඹුටන් ඇටයක් හිරවීම හේතුවෙන් බවත්, ඔහු සඳහන් කළා.

    දරුවාට හෘර්ද්‍යාබාධ තත්ත්වයක් නොව ඒ හා සමාන ජානමය රෝගී තත්ත්වයක් මත දරුවා මිය ගිය බවට එහි සඳහන් වන බව ත්, මෙම දරුවාගේ පියා ද, මීට අවුරුදු දෙකකට පෙර මෙවැනි තත්ත්වයක් මත මිය ගිය බව ත් ඔහු සඳහන් කළා.

    දරුවා මිය යෑම සම්බන්ධයෙන් ඇති වූ කම්පන තත්ත්වයත් සමඟ සිහිසුන්ව සිටින මව තංගල්ල රෝහලේ ප්‍රතිකාර ලබන අතර මියගොස් සිටින්නේ පවුලේ බාල දරුවා වන අතර ඔහුට වැඩිමහල් සොහොයුරෙක් හා සොහොයුරියක් සිටින බවත් ඒ මහතා පැවසුවා.

    තමන් ලංකාදීප පුවත් පතට පෙර ලිපිය ලියූ බව ත්, පසුව කරුණු තහවුරු වූ පසු ලිපිය නිවැරදි කරමින් කරුණු දැක්වූ බව ත්, ඔහු සඳහන් කළා.

    ඒ අනුව පැහැදිලි වන්නේ, මෙම දරුවා මිය ගියේ රඹුටන් ඇටයක් හිරවීමෙන් බවට පළවන පුවත් අසත්‍ය බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, රඹුටන් ඇටයක් උගුරේ සිරවීමෙන් මිද්දෙණිය ප්‍රදේශයේ 05 හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බවට දක්වමින් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ පුවත අසත්‍ය බවයි. එම දරුවා මිය ගොස් ඇත්තේ, තම පවුලෙන් එන ජානමය ලෙඩ රෝගි තත්ත්වයක් නිසා බව මිද්දෙණිය පොලීසිය මෙන් ම, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ද, තහවුරු කරනු ලබයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-07-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.