Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    අපේක්ෂා පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවක් තියෙනවද?

    2022-09-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මහරගම පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් බහුලව සංසරණය වුණා. සත්‍ය වශයෙන්ම පිළිකා රෝහලේ වෙන්වූ බව කියන ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවේ සත්‍ය සොයා අප විමර්ශනයක් සිදු කළා. සමාජ මාධ්‍ය සටහන් : “කැන්සර් හොස්පිට්ල් එකේ වෙනම තිය

    මහරගම පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් බහුලව සංසරණය වුණා. සත්‍ය වශයෙන්ම පිළිකා රෝහලේ වෙන්වූ බව කියන ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුවේ සත්‍ය සොයා අප විමර්ශනයක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “කැන්සර් හොස්පිට්ල් එකේ වෙනම තියෙනවා ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුව කියලා එකක්.. ඒක දවස පුරා මාසේ පුරා අවුරුද්ද පුරා පිරිලා තියෙන්නේ. ඒ තරම් කොත්තුමී විතරක් කාලා කැන්සර් හැදිච්ච ලෙඩ්ඩු ඒකෙ ඉන්නවා.” යනුවෙන් සඳහන් කරමින් පිළිකා කාරක වලින් ඈත් වෙන ඉල්ලමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් සංසරණය වී තිබුණේ මේ අයුරින්.

    ඉහත සටහන් සඳහා දක්වා තිබූ ඇතැම් ප්‍රතිචාර පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    නමුත් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්හි දැක්වෙන පරිදි , මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ල්ස් වාට්ටුව යනුවෙන් ඒ ආශ්‍රිත රෝගී ත්ත්වයන් සඳහාම වෙන්වූ වාට්ටුවක් තිබේද යන්න විමසා බැලීම සඳහා අප අපේක්ෂා පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ලලිත් පෝද්දල්ගොඩ මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

    අපේක්ෂා පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ

    වෛද්‍ය ලලිත් පෝද්දල්ගොඩ මහතා සඳහන් කළේ, එවැනි වාට්ටුවක් පිළිකා රෝහලේ නොමැති බවත්, එසේ නම් බොහෝ ආහාර වර්ග සඳහා පිළිකා රෝහලේ වාට්ටු තිබිය යුතු බවයි.

    පිළිකා කාරක ද්‍රව්‍ය ක්ෂණික නූඩ්ල්ස් වලට පමණක් වෙන්වී ඇති බවත් පැවසිය නොහැකි අතර ඇතැම් සහල් වලට යොදන රසායනික ද්‍රව්‍ය හේතුවෙන් ඒවායේ ද පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු වන හැකි බවයි. ඊට අමතරව එදිනෙදා ජීවිතයේ භාවිතා කරන බොහෝමයක් ආහාර පාන වල පිළිකා කාරක අඩංගු වන බවත්, පිළිකා කාරකයන්හි අනුමත සීමාවෙන් ඉක්මවා නිතර භාවිත කිරීම තුළින් පිළිකා සෑදීමට මුල් විය හැකි බවත් වෛද්‍යතුමා තවදුරටත් පැහැදිලි කර සිටියා.

    එසේම ක්ෂණික නූඩ්ල්ස් පමණක්ම දිනපතාම ප්‍රධාන ආහාර වේල් 3ටම හා අමතර වේල් සඳහා ලබා ගන්නා පුද්ගලයන් සිටීනම් ඒ ඉතාමත් විරල බැවින්, ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීමෙන් පමණක් පිළිකා සෑදුණු බවට ඔප්පු කළ නොහැකි බවත් වෛද්‍යවරයා පවසා සිටියා.

    ඕනෑම ආහාර වර්ගයක අහිතකර රසායන ද්‍රව්‍ය අඩංගු බවත් මිනිස් සිරුරට අහිතරකර මට්ටමින් ඔබ්බට යෑම පිළිකාවන් වැළඳීමට හේතුවන බවත් ක්ෂණික නූඩ්ල්ස් පමණක් නොව අනෙක් ආහාර වර්ගවල ද, ඇති හෙයින් පිළිකා සෑදිය හැකි ආහාර ලෙස එක් වර්ගයක් පමණක් නම් කළ නොහැකි බවයි, අපේක්ෂා පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වැඩි දුරටත් මේ පිළිබඳව සඳහන් කළේ.

    ආමාශයික පිළිකා සහ නූඩ්ල්ස්

    GLOBOCAN 2020 දත්ත මත පදනම්ව, ආමාශයික පිළිකා (Gastric cancer) යනු ගෝලීය වශයෙන් වඩාත් සුලභ පිළිකා අතර පස්වන වන ස්ථානයට හිමි කම් කියන පිළිකා වර්ගයයි. 2020 දී ඇස්තමේන්තු කර ඇති මරණ සංඛ්‍යාව  769,000 කි. විශේෂයෙන්ම, ආමාශයික පිළිකා හේතුවෙන් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කොරියාවේ දීය. කොරියාවේ සංඛ්‍යාලේඛනවලට අනුව, 2018 දී ආමාශ පිළිකා (GC) වැළඳුනු පුද්ගලයන් ගණන ලක්ෂයකට 57 දෙනෙකු පමණ වූ අතර එය පෙනහළු සහ අක්මා පිළිකා වැනි අනෙකුත් පිළිකාවලට වඩා තවමත් ඉහළ අගයක් ගන්නා බවත්, තහවුරු වී තිබේ.

    කොරියාවේ සිදු කළ අධ්‍යනකින් තහවුරු වී ඇත්තේ, ආමාශයික පිළිකා දිනපතා අධික සෝඩියම් කෑම කාණ්ඩ වන නූඩ්ල්ස් සහ ඩම්ප්ලිං, සුප්, ස්ටූ සහ අච්චාරු දමන ලද එළවළු ආහාරයට ගැනීමෙන් වැළඳීමේ අවධානමක් පවතින බවයි. ජාතික වෛද්‍ය පුස්තකාලෙය් ඇති ඒ පිළිබඳ සිදු කළ අධ්‍යනය ඇතුළත් වාර්තාව මෙතනින්. Archived Link

    එලෙසින්ම පෝෂණවේදීන් ද පෙන්වා දෙන්නේ නූඩ්ල්ස් පමණක් නොව මෙලෙස රසකාරක යොදාගනිමින් කෘතිමව සැකසු කිසිදු හෝ ආහාරයක් දිනපතා ආහාරයට ගැනීමෙන් අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් මතු විය හැකි බවයි. 

    Also Read : FACT CHECK: ක්ෂණික නූඩ්ල්ස් නො ඇලී පවත්වා ගැනීමට සෘජුෆෝම් බඳුන් සෑදීමට යොදා ගන්න වැක්ස් එකතු කරන්නේ නැත!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහනක දැක්වූ පරිදි මහරගම අපේක්ෂා පිළිකා රෝහලේ ක්ෂණික නූඩ්ලස් වාට්ටුවක් ඇති බවත් එහි සිටින්නේ, ක්ෂණික නූඩ්ල්ස් පමණක් ආහාරයට ගැනීම හේතුවෙන් පිළිකා වැළඳුන රෝගීන් බවටත් සඳහන් කරමින් පළ වූ සටහන් නොමග යවන සුළු බවයි. 

    අපේක්ෂා පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය ලලිත් පෝද්දල්ගොඩ මහතා පවසන්නේ, එවැනි නූඩ්ල්ස් පමණක් ආහාරයට ගැනීම හේතුවෙන් පිළිකා වැළඳු රෝගීන් පමණක් සිටින වාට්ටුවක් රෝහලේ නොමැති බවයි. 

    අපේක්ෂා පිළිකා රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙන්ම පෝෂණවේදීන් ද පෙන්වා දෙන්නේ එදිනෙදා ජීවිතයේ භාවිතා කරන බොහෝමයක් ආහාර පාන වල පිළිකා කාරක ද්‍රව්‍ය අඩංගු වන අතර, පිළිකා කාරකයන්හි අනුමත සීමාවෙන් ඉක්මවා, නිරන්තරයෙන්ම භාවිත කිරීම තුළින් අහිතකර සෞඛ්‍ය තත්ත්වයන් මතු විය වී පිළිකා සෑදීමට ද මුල්විය හැකි බවයි.

    Also Read : 

    අන්නාසි කැබලි කිහිපයක් උණුවතුරට දමා බීමෙන් පිළිකාව සුව වෙනවාද ?

    හිස්බඩ පළතුරු කෑම පිළිකාවට ප්‍රතිකර්මයක් ද? ආහාර වේලකට පසු සිසිල් ජලය පානය කිරීමෙන් පිළිකා සෑදෙනවාද? 

    උණු පොල් වතුර, පිළිකා සෛල විනාශ කරනවාද?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-09-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.