Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    විවාහක සහකාරයා /සහකාරිය පිළිබඳ ඔත්තු බැලිය හැකි Apple Smart Wedding Ring?

    2022-02-04
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    තාක්ෂණයේ දියුණුවත් සමගම  විවිධ ආකාරයේ තාක්ෂණික මෙවලම් නිතර අලුතින් ලෝකයට හදුන්වාදීම සිදු කරනු ලබනවා. එම නව තාක්ෂණික මෙවලම් හදුන්වාදෙන ප්‍රධාන සමාගමක් ලෙස ඇපල් සමාගම හඳුන්වාදිය හැකියි. කෙසේ වෙතත් සමාජ ජාලා තුළ නව නිෂ්පාදන පිළිබඳ නොමග යවන සුලු සටහන්ද නිරන්ත

    තාක්ෂණයේ දියුණුවත් සමගම  විවිධ ආකාරයේ තාක්ෂණික මෙවලම් නිතර අලුතින් ලෝකයට හදුන්වාදීම සිදු කරනු ලබනවා. එම නව තාක්ෂණික මෙවලම් හදුන්වාදෙන ප්‍රධාන සමාගමක් ලෙස ඇපල් සමාගම හඳුන්වාදිය හැකියි. කෙසේ වෙතත් සමාජ ජාලා තුළ නව නිෂ්පාදන පිළිබඳ නොමග යවන සුලු සටහන්ද නිරන්තරයෙන්ම පැතිරෙනවා. මේ ඇපල් සමාගම ඈදාගනිමින් පැතිරුණු එවැනි නොමගයවන සුලු සටහනක් පිළිබඳව අප විසින් සිදුකළ කරුණු විමසා බැලීමක්.

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පිටුවක්  විසින් මුද්දක් වැනි යමක ඡායාරූප අන්තර්ජාලයට එක්කර තිබුණේ පහත සටහනද සමගින්. 

    “කලින් කසාද බැදපු අයට රිදෙයි මේක ආවාම .Apple Smart Wedding Ring”

    “මේක දාගත්තාම hubbyට wife ට බොරු කරන්න බෑ.යාලුවෝ එක්ක සෙට් වෙලා ඉන්න ගමන් ” මම මේ ගෙදර එන ගමන් ඉන්නේ” වගේ talks දෙන්න බෑ.ඉන්න තැන යන එන තැන් ඔක්කොම track වෙනවා.
    එහෙම කියලා ring එක off කරන්නත් බෑ.අනික් කෙනාට notification එක යනවා.
    හෘද ස්පන්දනයේ රිද්මය, රුධිර පීඩනය, දහඩිය ප්‍රමාණය වගේ health related data ත් බලන්න පුලුවන්.මේක එනකන් තමයි අපි නම් නොබැද හිටියේ”

    Facebook | Archived

    ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලය ව්‍යාප්ත වූ මෙම සටහනේ නිරවද්‍යතාවය සොයා බැලීමට අප තීරණය කළා.

    Fact Check(සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප විසින් මුලින්ම විමසා බැලුවේ ප්‍රධාන ධාරාවේ ජාත්‍යන්තර මාධ්‍ය මගින් මෙවැනි විවාහ මුදු වර්ගයක් හඳුන්වාදීමත් පිළිබඳ වාර්තා කර ඇතිද යන කාරණය පිළිබඳවයි. එහිදී අපට දැකගන්නට ලැබුණේ මේ පිළිබඳ එවැනි මාධ්‍ය වාර්තා දක්නට නොමැති බවයි.

    ඉන්පසුව අප ඇපල් සමාගමේ වෙබ් අඩවියට පිවිස එහි මේ ආකාර සටහන් තිබේදැයි පරීක්ෂා කර බැලුවා. එහිද  මෙවැනි විවාහ මුදු වර්ගයක් පිළිබඳව හෝ එවැන්නක් හඳුන්වාදීමට අනාගතයේදී කටයුතු කරන බවත් සඳහන්ව තිබුණේ නැහැ.

    තාක්ෂණික තොරතුරු පිළිබඳව සඳහන් වන වෙබ් අඩවිවල ඇපල් සමාගම විසින් මීට සමාන හෝ උපකරණයක් මෑතකදී නිපදවා ඇද්දැයි අපසොයා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ AirTag නම් යතුරු කැරලිවල ආරක්ෂාවට, එසේ නැතිනම් අමතක විය හැකි කුඩා ද්‍රව්‍ය ආදියට යොදන ලද ටැග් එකකින් ඒවා නැතිවුවහොත් එහි පිළිබඳ තොරතුරු අයිතිකරු සතු අයි ෆෝන් එකක් හෝ වෙනත් ඇපල් යෙදවුමක් හරහා ලබාගත හැකිවීමයි. එයඇපල් සමාගම ඉදිරිපත් කර තිබුණේ 2021 වසරේදීයි.ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබාගත හැකියි මෙතනින්.Archived.

    ඇපල් Airtag සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබාගත හැකි වීඩියෝවක් පහතින් .

    https://www.youtube.com/watch?v=ckqvG0Rj35I

    අප විසින් තවදුරටත් මේ පිළිබඳව තාක්ෂණික තොරතුරු පිළිබඳව සඳහන් වන වෙබ් අඩවි ඔස්සේ සොයා බැලුවා. එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම විවාහ මුදු පිළිබඳව මේ දිනවල සමාජ ජාලා හරහා හුවමරුවන ප්‍රචාරයන් අසත්‍ය බවයි. මේ පිළිබඳ වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින් සහ මෙතනින්  Archived. Archived

    අප මේ පිළිබඳව ඇපල් සමාගමෙන්ද විද්යුත් තැපෑල ඔස්සේ විමසීමක් සිදු කළා. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව මෙම සටහන යාවත්කාලීන වනු ඇත.

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අප විසින් සිදු කරන ලද විමසා බැලීමේදී තහවුරු වූයේ ඇපල් සමාගම මගින් සමාජ ජාලා සටහන්වල සඳහන් ආකාරයේ Smart Wedding Rings නිපදවීමක් හෝ එසේ නිපදවන බවට  ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි. ඇපල් සමාගමේ වෙබ් අඩවියේ,පිළිගත් ප්‍රධාන ධාරාවේ මාධ්‍යවල එවැනි සටහනක් නොමැති අතර තාක්ෂණික කරුණු පිළිබඳ බොහෝමයක් වෙබ් අඩවි පවසන්නේ එය සමාජ ජාලා ඔස්සේ හුවමාරු වන අසත්‍ය ප්‍රචාරයක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-02-04

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.