Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ‘Go Home Anura’ කියමින් විරෝධතාවයක යෙදුණ පිරිස අත්අඩංගුවට ගන්න උපදෙස් ලබාදුන්නා ද ?

    2025-12-27
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. “Go Home Anura” යන පාඨය සහිතව ජනාධිපතිවරයාට එරෙහිව මහජන විරෝධතාවක් ආරම්භ වී ඇති බව කියමින් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සමාජය නොමග යව සුළු වීඩියෝවක් සංසරණය විය. මේ ඊට අදාළව ආරක්ෂක නියෝජ්‍ය

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    “Go Home Anura” යන පාඨය සහිතව ජනාධිපතිවරයාට එරෙහිව මහජන විරෝධතාවක් ආරම්භ වී ඇති බව කියමින් පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ සමාජය නොමග යව සුළු වීඩියෝවක් සංසරණය විය. මේ ඊට අදාළව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කළ බව කියමින් ෆේස්බුක් ඔස්සේ සංසරණය වන සටහනක් පිළිබඳව අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.  

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    ‘අනුර ගෝ හෝම්’ කියමින් රාජ්‍ය විරෝධි විරෝධතාවල යෙදුණු පුද්ගලයින් සොයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පොලිසියට උපදෙස් ලබා දී ඇති බවක් සඳහන් කරමින්, අදාළ පුවත  A5 News  ෆේස්බුක් පිටුවේ පළ කර තිබු බවක් ඒත්තු ගන්වමින්, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඡායාරූපය ද සහිතව විවිධ තේමා යටතේ සටහන් පෙළක් හුවමාරු වී තිබුණා.

    Facebook | Archived Link

    මෙම සටහනේ නිර්වද්‍යතාව විමසා කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට අප පියවර ගත්තා. 

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    “Go Home Anura”යනුවෙන් රාජ්‍ය විරෝධි විරෝධතාවක් මෑතක දී පැවැත්වුණා ද ? 

    පසුගිය 25 වැනිදා Go Home Anura යනුවෙන් රාජ්‍ය විරෝධි විරෝධතාවක් ක්‍රියාත්මක වූ බව කියමින්  ඊයේ (26) සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. Facebook | Archived Link Go Home Anura කියමින් රාජ්‍ය විරෝධි විරෝධතාවල යෙදුණු පුද්ගලයින් සොයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පොලිසියට උපදෙස් ලබා දී ඇති බව කියන ඉහත සටහන සමාජ මාධ්‍යයේ සංසරණය වන්නේ, එවැනි වටපිටාවක් තුළදී ය.

    කෙසේ වෙතත් Go Home Anura යනුවෙන් රාජ්‍ය විරෝධි විරෝධතාවක් පැවැත්වුණා ද යන්න සම්බන්ධව Factcrescendo අප ඊයේ (26) කරණු පරීක්ෂාවක්  සිදු කළ අතර එහිදී තහවුරු වූයේ රටේ කිසිදු ස්ථානයකින් එවැනි විරෝධතාවක් පසුගිය 25 වැනිදා වාර්තා වී නොමැති බවත් අදාළ වීඩියෝ පටය සංස්කරණය කරන ලද වීඩියෝ පටයක් බවත් ය. 

    පසුගිය 25 වැනිදා නත්තල් අසිරිය විඳ ගැනීම සඳහා කොළඹට විශාල ජනකායක් පැමිණීම තුළ අධික වාහන තදබදයක් ඇතිවී තිබූ අතර ඒ අනුව “මේ මොහොතේ Marine Drive එකේ තත්වය” යනුවෙන් සඳහන් කරමින් ෆේස්බුක් ඔස්සෙ පළ වී තිබූ වීඩියෝවකට පසුගිය අගෝස්තු මස 25 වනදා, හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීමට එරෙහිව ‘Go Home Anura’ ලෙස පවසමින් විරෝධය පළ කළ පිරිසකගේ හඬ පටයක් එක් කර එම වීඩියෝව සංස්කරණය කර ඇති බව කරුණු සහිතව අප තහවුරු කළා. මීට අදාළව Factcrescendo අප සිදුකළ සම්පූර්ණ කරුණු පරීක්ෂාව පහතින්. 

    “Go Home Anura” පාඨය සමඟ නත්තල් දින රාත්‍රියේ පැවැත්වූ මහජන විරෝධතාවක වීඩියෝවක්ද?

    මේ අනුව එවැනි විරෝධතාවක් හෝ ක්‍රියාත්මක වී නොමැති පසුබිමක නියෝජ්‍ය අමාත්‍යවරයා උද්ඝෝෂණ කළ පුද්ගලයින් අත්අඩංගුවට ගන්නා ලෙස උපදෙසක් ලබාදුන් බවට පළවන සටහන් ප්‍රශ්න සහගතයි. 

    හුවමාරු වන්නේ ව්‍යාජ සංස්කරණයක් බව, A5 News සඳහන් කරයි

    තව ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ සටහනක් හෝ ඊට සමාන හෝ ප්‍රකාශයක් සහිත සටහනක් නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කර ඇති බවට A5 News ෆේස්බුක් පිටුවේ කිසිදු සටහනක් පළවී නොමැති බව අප සිදු කළ පරීක්ෂාවේදී තහවුරු විය. 

    එය ව්‍යාජ පුවතක් බවට ද ඔවුන් සටහනක් පළකර තිබුනේ මෙලෙසින්.

    ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම් – කමාන්ඩර් ධනුෂ්ක දිසානායක   

    නියෝජ්‍ය අමාත්‍යවරයා සිදු කර ඇති බව කියමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන පිළිබඳව අප ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතාගේ මාධ්‍ය ලේකම් කමාන්ඩර් ධනුෂ්ක දිසානායක මහතාගෙන් විමසීමක් සිදු කළා.

    මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ආකාරයේ උපදෙසක් නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ලබා දී නොමැති බවයි. නියෝජ්‍ය අමාත්‍යවරයා නම සහ ඡායාරූපය යොදා ගනිමින් සංසරණය වන සටහන ව්‍යාජ සටහනක් බව ද මාධ්‍ය ලේකම්වරයා කියා සිටියා.  

    මේ අතර ආරක්‍ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ද පවසා ඇත්තේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන අසත්‍යයක් බවයි. 

    Facebook

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News | TikTok | YouTube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ කරුණු විමර්ශනය අනුව තහවුරු වූයේ, Go Home Anura යනුවෙන් විරෝධතා පැවැත්වූ පිරිස් අත්අඩංගුවට ගන්නා ලෙස ආරක්ෂක නියෝජ්‍ය ඇමති උපදෙස් දුන් බවට වන සමාජ මාධ්‍ය සටහන ව්‍යාජ ලෙස සංස්කරණය කරන ලද අසත්‍ය සටහනක් බවයි. 

    තව ද දෙසැම්බර් 25 වනදා Go Home Anura යනුවෙන් විරෝධතාවක් සිදුව නොමැති නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ඈඳා නිර්මාණය කළ ව්‍යාජ සටහන් සඳහා මුල් වී තිබු වීඩියෝවේ හඬ පටය ද, මීට මාස 4කට පෙර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අත්අඩංගුවට ගත් අවස්ථාවේ දැක්වූ විරෝධතාවක පසුබිම් හඬක් එකතු කරමින්, නොමඟ යවන සුළු ලෙස සංස්කරණය කරන ලද්දකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SC

    Sagarika Chathumali

    Senior Fact-Checker

    Senior fact-checker at Fact Crescendo Sri Lanka with over 5 years of experience in investigative journalism and media literacy.

    Published: 2025-12-27

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.