Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඡන්දය නොදාන අයට දඩ පනවන්න අලුත් නීතියක් ?

    2025-07-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. රටක ජාතික මට්ටමේ ඡන්දයක් පැවැත්වීම සඳහා රජයක් විසින් දරනු ලබන පිරිවැය අති විශාල වේ. මෙවන් පසුබිමක දී, ඡන්දය දැමීමට සුදුසුකම් ලත් පුද්ගලයන් පවා ඡන්දය ලබා දීමට ඡන්ද පොළට නොපැමිණීමේ ප්‍රතිශත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    රටක ජාතික මට්ටමේ ඡන්දයක් පැවැත්වීම සඳහා රජයක් විසින් දරනු ලබන පිරිවැය අති විශාල වේ. මෙවන් පසුබිමක දී, ඡන්දය දැමීමට සුදුසුකම් ලත් පුද්ගලයන් පවා ඡන්දය ලබා දීමට ඡන්ද පොළට නොපැමිණීමේ ප්‍රතිශතය සැලකිය යුතු ඉහළ අගයක් ගන්නා අතර මේ ගැන විශේෂයෙන්ම මැතිවරණ සමයේදී කතාබහට ලක්වෙනවා. 

    කෙසේ වෙතත් මේ සඳහා පිළියම් නොයෙකුත් පාර්ශව විසින් විදෙස් රටවල දී අත්හදා බලා ඇති ක්‍රම ද ඇතුළුව නොයෙකුත් ආකාරයේ යෝජනා ඉදිරිපත් කරන අතර, ඡන්දය ප්‍රකාශ කිරීමට නොපැමිණෙන පුද්ගලයන් සඳහා දඩයක් පැනවීමට නීතියක් ගෙන ඒමට මැතිවරණ කොමිසම කටුතු කරන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පළ වූ අතර මේ පිළිබඳ සොයා බැලීමක් සිදු කිරීමට අප පියවර ගනු ලැබුවා.  

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “ඡන්දය භාවිතය අනිවාර්ය වෙයි, නොදාන අයට දඩයක් පනවයි – අලුතෙන් එන නිතී ගැන මැතිවරණ කොමසාරිස් කියයි” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා

    Facebook | Archived Link | Archived Link

    එමෙන් ම ඇතැම් පුවත් වෙබ් අඩවි ද, මේ පිළිබඳ වාර්තා කර තිබුණේ මේ අයුරින්.

    aruna.lk | Archived Link

    මෙහි නිරවද්‍යතාවය පරීක්ෂා කිරීමට අප කටයුතු කරනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    ප්‍රධාන මාධ්‍ය වාර්තා බොහොමයක් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙලෙසින් ප්‍රකාශයක් සිදු කළ බවට වාර්තා කර නොතිබුණු බැවින් අප මේ පිළිබඳව විමසීමට ඒ මහතා දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.

    සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, තමන් ඡන්දය නොදාන අයට දඩයක් පැනවිය යුතු බවට ප්‍රකාශයක් නොකළ බවයි.

    මේ දිනවල මැතිවරණ කොමිෂන් සභාව විසින් නොයෙකුත් දිස්ත්‍රික්කවල වැඩමුළු පැවැත්වෙන බව ත්, ඉදිරි කාලයන් සඳහා මැතිවරණ කොමිසම විසින් උපාය මාර්ගික සැලැස්මක් සකස් කෙරෙන අතර ඒ සඳහා අදහස් විමසීමට පසුගියදා කුරුණෑගල දිස්ත්‍රික්කයේ නොයෙකුත් පාර්ශ්ව සමග සාකච්ඡා පැවැත්වූ අතර එහිදී ඡන්දය නොදාන පිරිස් වැඩි බැවින් ඡන්දය පැවැත් වීමට දරන පිරිවැය අපතේ යන බවට අදහස් හුවමාරු වූ අතර එහිදි පැමිණි එක් පාර්ශවකරුවෙකු විසින් ඡන්දයනොදාන අයට දඩයක් පැනවිය යුතු බවට අදහසක් ගෙන ආ බවත්, නමුත් එය තමන් සිදු කළ ප්‍රකාශයක් ලෙසට ඇතැම් මාධ්‍ය වාර්තා කළ බව ත්, ඔහු පවසනවා. 

    ඇතැම් පුද්ගලයින් ඡන්ද නාම ලේඛන සකස් කරන්නේ දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීම සඳහා බව තමන් ප්‍රකාශ කළත් ඉහත ආකාරයේ දඩ පැණවීමක් ගැන කිසිදු ප්‍රකාශයක් තමන් සිදු නොකළ බව ඒ මහතා අවධාරණය කරනවා.

    එමෙන් ම එවැනි දඩ මුදලක් පවතින නීතිය අනුව අය කර ගත නොහැකි බව ත්, මැතිවරණ කොමසාරිස් වැඩිදුරටත් සඳහන් කළා.

    නිදහස් සහ සාධාරණ මැතිවරණයන් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්වය (PAFFREL)

    නිදහස් සහ සාධාරණ මැතිවරණයන් සඳහා වූ ජනතා ක්‍රියාකාරීත්ව සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන් අප මේ පිළිබඳව විමසීමක් කළ අතර එම මහතා තහවුරු කළේ, එම සමුළුවේදී මැතිවරණ කොමසාරිස්, සමන් ශ්‍රී රත්නායක මහතා විසින් එවැනි ප්‍රකාශයක් සිදු නොකළ බව ත්, වෙනත් පාර්ශවකරුවෙක් විසින් ඡන්දය නොදාන අයට දඩයක් පැනවිය යුතු බවට යෝජනාවක් සිදුකළ බවයි. 

    එම සමුළුවේ සජීවි වීඩියෝ පටිගත කිරීම පරීක්ෂා කිරීමෙන් අනතුරුව රෝහණ හෙට්ටිආරච්චි මහතා මේ බව සනාථ කරනු ලැබුවා.

    කෙසේ වෙතත් බොහෝ පාර්ශවයන් විසින් මෙවැනි යෝජනා මීට ඉහතදී පවා ගෙන ආ බව ත්, නමුත් එලෙසින් දඩ පැනවීමක් සිදු කිරීමට නොහැකි බව ත්  ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරනවා.

    මැතිවරණ කොමිෂන් සභාවේ 2026 – 2029 කාලය සඳහා උපාය මාර්ගික සැලැස්ම සකස් කිරීම සම්බන්ධයෙන් අදහස් විමසීම මේ දිනවල දිවයිනේ  දිස්ත්‍රික්කවල පාර්ශ්ව කණ්ඩායම් සමග දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වලදී වැඩමුළු, සාකච්ඡා සිදු කරනු ලබනවා.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඡන්දය නොදාන අයට දඩයක් පැනවීමට නීතියක් ගෙන එන බවට මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක මහතා ප්‍රකාශ කළ බවට දක්වමින් ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ පළවන සටහන් අසත්‍යයි. මේ දිනවල කොමිසම මගින් දිවයින පුරා සිදු කෙරෙන වැඩමුළු අතර කුරුණෑගල පැවති වැඩමුළුවේදී වෙනත් පාර්ශවයක් විසින් සිදු කළ ඉහත ප්‍රකාශය මැතිවරණ කොමසාරිස්තුමා විසින් සිදු කළ බවට දක්වමින් මෙම පුවත නොමග යන සුළු අන්දමින් පළ කර තිබේ.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-07-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.