Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ඇස්ට්‍රෝනමර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩි බයිරන්ගේ බිරිඳගේ ඡායාරූපයක් ද?

    2025-07-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. ඇස්ට්‍රෝනමර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) Andy Byron, සහ එහි මානව සම්පත් ප්‍රධානී Kristin Cabot සමගින් බොස්ටන්හි පැවති Coldplay සංගීත ප්‍රසංගයකදී  ආදරනීය අවස්ථාවක යෙදෙන අවස්ථාවක් ස

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    ඇස්ට්‍රෝනමර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) Andy Byron, සහ එහි මානව සම්පත් ප්‍රධානී Kristin Cabot සමගින් බොස්ටන්හි පැවති Coldplay සංගීත ප්‍රසංගයකදී  ආදරනීය අවස්ථාවක යෙදෙන අවස්ථාවක් සමාජ මාධ්‍ය ඔස්සේ පහුගිය සමයේ ලෝකයේ ම අවධානයට ලක් වුණා. කෙසේ වෙතත් මෙම සහායිකාව සහ Andy Byronගේ බිරිඳගේ ඡායාරූප සංසන්දනයක් ද, සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ මේ ඡායාරූපයේ සිටින්නේ ඔහුගේ බිරිඳ ද යන්න පිළිබඳ අප පරීක්ෂාවක් කළා.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    Andy Byronගේ බිරිඳගේ සහ ඔහුගේ ළමුන්ගේ ඡායාරූපය බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහන් පහතින්.

    Facebook | Archived Link

    Kristin Cabot සහ Andy Byronගේ බිරිඳ බවට දක්වමින් ඔවුන්ගේ රූපය සංසන්දනය කරමින් ද, සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    Facebook | Archived Link

    මේ පිළිබඳ නිරවද්‍යතාව සෙයා බැලීමට අප කටයුතු කරනු ලැබුවා.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    Andy Byronගේ බිරිඳ කවුරුන්ද යන්න පිළිබඳ අප කළ පරීක්ෂාවේදී අපට 2025 ජූලි 18 වන දින ඡායාරූප සහිතව New York Post හි පළ වී තිබූ Andy Byron, ඔහුගේ බිරිඳ Megan Kerrigan(මේගන් කෙරිගන්) සහ ඔවුන්ගේ පුතුන් දෙදෙනාගේ පවුලේ ඡායාරූපයේ මේගන් කෙරිගන්ගේ ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී ඇති ඡායාරූපයේ සිටින කාන්තාවට වඩා වෙනස් බවය.

    New York Post 

    තවත් සටහනක් මෙතනින්.

    ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ Andy Byronගේ බිරිඳ ලෙසට දක්වා තිබූ ඡායාරූපයේ සිටින කාන්තාව කවුරුන්ද යන්න පිළිබඳ පරීක්ෂා කිරීමට අප ඉහත ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    ඒ අනුව මෙම ඡායාරූපය හා තව ත් වෙනත් කෝණයෙන් පළ වූ ඡායාරූප පෙළක් Thread සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

    Threads

    එමෙන් ම මෙම ඡායාරූප elina.salyakhova නමැති Instagram සමාජ මාධ්‍ය ගිණුමක 2021 දෙසැම්බර් 31 වන දින පළ කර ඇති බව දැක ගන්නට ලැබුණු අතර මෙම කාන්තාව දික්කසාද වී දරුවන් තිදෙනෙකු සිටින මවක් බව එහි දක්වා තිබුණා. එම කාන්තාව සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු වන එලිනා සාලියාකෝවා(Elina Salyakhova) වේ.

    ඒ අනුව Andy Byron ගේ බිරිඳ බවට ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ, වෙනත් කාන්තාවකගේ ඡායාරූපයක් බවට තවදුරටත් පැහැදිලි වේ.

    කෙසේ වෙතත් වාර්තාවලට අනුව, Astronomer ප්‍රධාන විධායක නිලධාරී Andy Byron ගේ බිරිඳ වන Megan Kerrigan මෙම සිදුවීමෙන් පසු ඇගේ ෆේස්බුක් ගිණුමෙන් Byron ගේ වාසගම ඉවත් කර තිබූ අතර ඒ පිළිබඳ සමාජ මාධ්‍යයේ මෙන් ම ප්‍රධාන මාධ්‍ය ධාරා වලත් සාකච්ඡාවට බඳුන් වුණා.

    Read in English : Is The Woman In The Photo Astronomer CEO Andy Byron’s Wife? Here’s The Truth

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඇස්ට්‍රෝනමර් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී (CEO) Andy Byronගේ බිරිඳ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සිටින්නේ ඇයගේ බිරිඳ වන Megan Kerrigan නොව සමාජ මාධ්‍ය බලපෑම්කරුවෙකු වන Elina Salyakhova නමැති කාන්තාවකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-07-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.