Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    මාවතගම කුඹුරක අතරමං කර දමා ගිය බිළිඳියගේ වීඩියෝ නොවේ!

    2025-07-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. කාලීන සිදුවීම් අළලා විශේෂයෙන් ඒවා සංවේදී කාරණා නම්, එවැනි සිදුවීම් ඔස්සේ වැඩි ප්‍රතිචාර ලබා ගැනීමට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම් ෆේස්බුක් පිටු විසින් සිදු කරනු ලබනවා. එ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    කාලීන සිදුවීම් අළලා විශේෂයෙන් ඒවා සංවේදී කාරණා නම්, එවැනි සිදුවීම් ඔස්සේ වැඩි ප්‍රතිචාර ලබා ගැනීමට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම් ෆේස්බුක් පිටු විසින් සිදු කරනු ලබනවා. එලෙසින් පසුගියදා කුඹුරක දමා ගිය බිළිඳිය සම්බන්ධ කර ගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවල සත්‍ය සොයා අප සිදු කළ විමර්ශනයක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් (Social Media Posts) :

    “කුඹුරු වල තිබිලත් මැණික් හම්බෙනවා” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ළදරුවෙකුගේ වීඩියෝවක් සංසරණය වූයේ මෙම වීඩියෝවේ සිටින්නේ පසුගියදා කුඹුරක අතරමං කර දමා ගිය බිළිදාගේ වර්තමාන වීඩියෝවක් බවට හඟවමින්.

    Facebook

    එම දරුවාගේ තව ත් වීඩියෝවක් බවට හැඟවෙන අයුරින් ෆේස්බුක් ඔස්සේ හුවමාරු වූ වීඩියෝවක් පහතින්.

    එසේම මෙම වීඩියෝව YouTube ඔස්සේ ද වයිරල් වී තිබුනේ මෙලෙසින්.

    මෙම සටහන් සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ මෙම බිළිදා එම සිදුවීමට මුහුණ පෑ දරුවා බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර ඇති බවයි.

    මේ හේතුවෙන් මෙහි සත්‍ය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළේ මෙලෙසින්.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම) :

    පසුගිය ජූලි 17 වන දා මාවතගම, පරගහදෙණිය ප්‍රදේශයේ කුඹුරක ගසක් යට දින දෙකක් වයසැති බිළිදියක් අතහැර දමා ගොස් තිබුණා.  එම වෙල් යාය හරහා ගමන් කරමින් සිටි ප්‍රදේශවාසින් මේ බව දැක මාවතගම පොලීසියට දැන්වීමෙන් පසුව පොලීසිය විසින් දරුවා කුරුණෑගල ශික්ෂණ රෝහලේ නොමේරූ ඒකකයේ රඳවා තිබුණා.

    කෙසේ වෙතත් මෙම බිළිදාගේ සත්‍ය වීඩියෝවක් අවස්ථාවක් ප්‍රධාන මාධ්‍ය මෙන් ම සමාජ මාධ්‍ය ඔස්සේ ද, හුවමාරු වී තිබුණේ, මෙම දරුවා පොලිස් කාන්තාවක් විසින් කුරුණෑගල රෝහලට ගෙන යන අවස්ථාවේදී පමණයි. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්.

     ඉන්පසු මෙම දරුවාගේ වීඩියෝ, ඡායාරූ ප්‍රධාන මාධ්‍ය තුළ වාර්තා වී නොතිබීම හේතුවෙන් ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ පළවන වීඩියෝ අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    පළමු වීඩියෝව

    ඒ අනුව, ඉහත පළමු වීඩියෝව අප්‍රේල් 26 වන දින Instagram සමාජ මාධ්‍ය වෙත ihaan_aizel නම් පරිශීලකයෙක් එක් කරන ලද වීඩියෝවක් බව දැක ගන්නට ලැබුණා. එනම් කුරුණෑගල මෙම බිළිදා හමුවීමට පෙර සමාජ මාධ්‍ය වෙත ඉහත වීඩියෝව එක් කර ඇති බවයි.

    View this post on Instagram

    A post shared by IHAAN💖AIZEL (@ihaan_aizel)

    එමෙන් ම මෙම වීඩියෝවේ දැක්වෙන බිළිඳාගේ පියා බවට සැලකිය හැකි ඉහත Instagram ගිණුමේ අයිතිකරු විසින් එම දරුවාගේ ඡායාරූප, වීඩියෝ කිහිපයත් උඩුගත කර ඇති අතර ඒවා පරීක්ෂා කිරීමේදී එම දරුවාද, මේ වන විට මාස 6ක පමණ වයසැක් ඉක්මවා ඇති දරුවෙකු බව දැක ගන්නට ලැබේ. එමෙන් ම මෙම ගිණුම්හිමියා මෙරට පුද්ගලයෙකු නොවන බව දැක ගන්නට ලැබේ.

    දෙවන වීඩියෝව

    කුරණෑගල බිළිඳිය බවට දක්වමින් පළ කර තිබූ දෙවන වීඩියෝවේ දැක්වෙන්නේ පසුගිය ජූලි 15 වන දා borncutebabies නම් Youtube නාලිකාවට පළ කරන ලද වීඩියෝවක් බව දැක ගන්නට ලැබුණා. කුරුණෑගල බිළිඳා කුඹුරක හමුවී තිබුණේ පසුගිය 17 වන දින අතර බිළිඳා රෝහලට භාර දුන්නේ ද, පසුගිය 17 වන දාය. ඒ අනුව මෙම වීඩියෝව පළ වී තිබුණේ, මෙම බිළිඳා හුමවීමට පෙරයි. 

    මාවතගම පොලිසිය

    මේ සිදුවීම සම්බන්ධයෙන් මාවතගම පොලිස් ස්ථානයෙන් අප කළ විමසීමේදී සඳහන් කළේ, අදාළ දරුවාගේ මව තවමත් හඳුනාගෙන නොමැති බවත්, මේ දරුවා අතරමංකර ගියේ කවුරුන්ද යන්නවග එම ප්‍රදේශයේ CCTV දර්ශන හරහාද, පරීක්ෂණ සිදු කෙරෙන බව ත්, දරුවා තමවත් කුරුණෑගල රෝහලේ අදාළ පරීක්ෂාවන්ට ලක් කරන බව ත් ය.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | Youtube

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මාවතගම, පරගහදෙණිය ප්‍රදේශයේ කුඹුරක ගසක් යට අතරමංකර දමා ගිය බිළිදාගේ වර්තමාන වීඩියෝ බවට පෙන්වා දී ඇති සමාජ මාධ්‍ය වීඩියෝවල සිටින්නේ එම දරුවා නොවන බවයි. මෙම සිදුවීමට අදාළ දරුවා හමුවීමට පෙර සමාජ මාධ්‍ය වෙත එක් කර තිබූ ඉහත වීඩියෝ කුරුණෑගල දරුවා ලෙසට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීම මෙම නොගම යෑමට හේතුවී තිබේ. 

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2025-07-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.