Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    2024 ජනවාරි 1 වැනිදා ජපානය මුහුණදුන් සුනාමි තත්ත්වයක් දැක්වෙන වීඩියෝවක් ද?

    2024-01-01
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. 2024 අලුත් අවුරුදු උදාවත් සමග ජපානයෙන් වාර්තා වූයේ හද කම්පා වන පුවතකි. එනම් අද(01) දිනයේ ඇති වූ ප්‍රබල භූකම්පාව හමුවූයේ ඇති වූ සුනාමි අවදානමයි. මේ අතර සුනාමි තත්වයක් එරට ආශ්‍රිතව ව ඇතිවූ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    2024 අලුත් අවුරුදු උදාවත් සමග ජපානයෙන් වාර්තා වූයේ හද කම්පා වන පුවතකි. එනම් අද(01) දිනයේ ඇති වූ ප්‍රබල භූකම්පාව හමුවූයේ ඇති වූ සුනාමි අවදානමයි. මේ අතර සුනාමි තත්වයක් එරට ආශ්‍රිතව ව ඇතිවූ අවස්ථාවේ වීඩියෝ මෙන් ම මෙම තත්ත්වය හමුවේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයන් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Claim 1 :
    අද(1) දිනයේ ජපානයට බල පෑ ප්‍රබල භූ කම්පනය හමුවේ සුනාමි රළ පහළ ජපානයට ඇතුළු වූ අවස්ථාවේ වීඩියෝවක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වුණා. මින් එක් වීඩියෝවක් වෙත අපගේ අවධානය යොමු වුණේ මෙය අද දිනයේ ජපානයට මුහුණ පෑමට සිදු වූ සුනාමි තත්ත්වයේ ඡායාරූපයක් ද, යන්නයි.

    Facebook

    Facebook | Archived Link

    Fact check (සත්‍ය කරුණු විමර්ෂණය):

    අද දිනයේ(01) ජපානයට රික්ටර් මාපාංකයෙන් 7ක ප්‍රභල භූ කම්පනයක් ඇතිවුණා. ජපානයේ ටෙයොමා ප්‍රාන්තයේ නගරයට පළමු සුනාමි රළ එරටට ඇතුලු වූ බවත් එහිදී මීටර් 1.2ක උසින් යුත් රළ පහරක් කඩා වැදුණු බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළ අතර ඉහත සඳහන් වීඩියෝවේ දැක්වෙන අයුරු වීඩියෝවක් විදෙස් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කළ බවට දැක ගන්නට නොලැබුණි. විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ සුනාමි රළ පහරේ තත්ත්වයන් දැක්වෙන වීඩියෝ මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ඒ හේතුවෙන් ඉහත සුනාමිය ඇතුළුවන අයුරු දැක්වෙන දෙවන වීඩියෝවේ රූප රාමු අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී දැක ගන්නට ලැබු‍ණේ එම වීඩියෝව 2016 වසරේ පළ කර තිබූ මීට පෙර 2011 වර්ෂයේ ජපානයේ 18,000 කට අධික පිරිසකට මරු කැන්දවූ Tohoku හි භූමිකම්පාව සහ සුනාමිය ඇති වූ අවස්ථාවේ වීඩියෝවක් බවයි.

    ඒ අනුව එම වීඩියෝව අද(01) දිනයේ ජපානයේ ඇති වූ සුනාමි තත්ත්වයක වීඩියෝවක් නොවේ.

    අද (01) දිනයේ දේශීය වේලාවෙන් 16:10 ට මධ්‍යම ජපානයට මැග්නිටියුඩ් 4.0 හෝ ඊට වඩා වැඩි ප්‍රබලත්වයක් සටහන් වූ භූමිකම්පා 21 ක් සිදුව ඇති අතර ප්‍රබලම කම්පනය ඇති වූ අතර එහි ප්‍රබලත්වය 7.6 ක් බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කළා.

    මේ හේතුවෙන් “වහාම ආරක්‍ෂිත ස්ථාන කරා ඉවත් වන ලෙස ” ජපානය සිය වැසියන්ගෙන් ඉල්ලා තිබූ අතර ජපානයේ ඉෂිකාවා හි වෙරළබඩ නෝටෝ ප්‍රදේශයට මහා සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කළ අතර, මීටර් 5 (අඩි 16) පමණ උස සුනාමි රළ පිළිබඳ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ජපානයේ ඇති වූ ප්‍රබල භූ කම්පනවලින් අනතුරුව උතුරු සහ දකුණු කොරියාව මෙන්ම රුසියාව ද සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. දකුණු කොරියාවේ වෙරළට ළඟා වූ පළමු සුනාමිය සෙන්ටිමීටර 67 ක් වූ නමුත් එය ආරම්භක රළ පහරින් පසුව විශාලත්වය වැඩි විය හැකි අතර රටේ කාලගුණ විද්‍යා ඒජන්සියට අනුව පැය 24 කට වඩා වැඩි කාලයක් පැවතිය හැකි බවයි. ඒ සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තාවක් මෙතනින්.

    මෙම ලිපිය ජපානයේ වර්තමාන සුනාමි තත්ත්වය හමුවේ පැතිරෙන අසත්‍ය තොරතුරු වල නිරවද්‍යතාව සොයා යාවත්කාලීන කිරීමට අප බලාපොරොත්තු වන්නෙමු.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-01-01

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.