Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    <strong>පෙබරවාරි 04 වනදා ජාතික ජන බලවේගය පවැත්වීමට නියමිත වූ උද්ඝෝෂණයක් පිළිබඳ නිවේදනයක්?</strong>

    2023-01-28
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. පළාත් පාලන මැතිවරණය පිලිබඳ උණුසුමත් සමඟ දේශපාලන පක්ෂ අතර තරඟය තීව්‍ර වෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂයකන් ඇතුළු ප්‍රචාරණය සිදු කරන්නා සේම අනෙකුත් පක්ෂ සම්බන්ධ අසත්‍ය තොරතුරු ද ජනගත කරනු ලබ

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    පළාත් පාලන මැතිවරණය පිලිබඳ උණුසුමත් සමඟ දේශපාලන පක්ෂ අතර තරඟය තීව්‍ර වෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ අපේක්ෂයකන් ඇතුළු ප්‍රචාරණය සිදු කරන්නා සේම අනෙකුත් පක්ෂ සම්බන්ධ අසත්‍ය තොරතුරු ද ජනගත කරනු ලබනවා. එවැනි අසත්‍ය තොරතුරු රැගත් සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “පෙබරවාරි 04 පොදු රාජ්‍ය මණ්ඩලයේ මහලේකම් ඇතුලු විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයො එනවා නිදහස් සමරුවට, එදාට උද්ඝෝෂකයො ඇවිත් යම් කළහකාරී තත්ත්වයක් ආවොත් රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ ආරක්ෂාවට කියල ඒ මොහොතෙම හදිසි නීතිය පනවන්න පුලුවන්. හදිසි නීතිය යටතේ කිසිම බාධාවකින් තොරව ඡන්දය කල් දාන්න පුලුවන්.” යනුවෙන් සඳහන් කළ ජාතික ජන බලවේගය විසින් සටහන් පළ කර ඇති බවට දක්වා තිබූ සටහනක් ද, සංසරණය වූයේ මේ අයුරින්.

    Facebook | Archived Link Facebook | Archived

    ෆේස්බුක් ඔස්සේ හුවමාරු වූ සටහන් පෙළක් පහතින්

    මෙම සටහන WhatsApp ඔස්සේ ද බොහෝ දෙනා හුවමාරු කරගෙන තිබුණා.

    ඉහත දක්වා ඇති සටහන් වල නිරවද්‍යතාව පිළිබඳ බොහෝ දෙනෙකු අපගෙන් විමසා තිබුණු හෙයින් ද, මේ සම්බන්ධයෙන් අප විමර්ශනයක් කිරීමට පියවර ගනු ලැබුවා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    ජාතික ජන බලවේගය විසින් පෙබරවාරි 04 වන දා “උද්ඝෝෂණයට කොළඹට එන්න එපා” යනුවෙන් සඳහන් කළ සටහනක් සමාජ මාධ්‍ය වෙත යොමු කළ බවට හඟවා තිබීම හේතුවෙන් එවැනි කිසිඳු හෝ සටහන් ජාතික ජන බලය නිල සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබුණේ ද යන්න පරික්ෂා කළා. නමුත් එවැනි නිවේදනයක් දැක ගන්නට නොලැබුණි.

    අප මේ පිළිබඳව ජවිපෙ මාධ්‍ය සම්බන්ධීකාරක, උපුල් රංජන් මහතාගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ එය අසත්‍ය බවයි. එසේම එවන් නිවේදනයක් ජාතික ජන බලවේගය විසින් පළ කර නොමැති බවත්, ඔවුන් විසින් නිදහස් දින දා කිසිදු උද්ඝෝෂණයක් සංවිධානය නොකර ඇති බවත් තහවුරු කර සිටියා.

    තවද පෙරටුගාමි සමාජවාදී පක්ෂය විසින් ලබන පෙබරවාරි 04 වන දා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිට බන්ධනාගාර ගතකළ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස බලකරමින් උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ හේතුවෙන් මෙවන් අසත්‍ය සටහනක් නිර්මාණය වී ඇති බව අනුමාන කළ හැක.

    Facebook | Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පෙබරවාරි 04 වනදා ජාතික ජන බලවේගය පවැත්වීමට නියමිත වූ උද්ඝෝෂණයක් පිළිබඳ නිවේදනයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන අසත්‍ය බවයි. නිදහස් දිනයේ දී කිසිදු උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිතව තිබූ බවට හෝ එවැන්නකට සහභාගී නොවන බවට හෝ ජාතික ජන බලවේගය විසින් නිවේදන නිකුත් කර නොතිබුණු බවට අප කළ නිරීක්ෂණයේදී තහවුරුවූ අතර උපුල් රංජන් මහතා ද, ඒ පිළිබඳ තහවුරු කරනු ලබයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-01-28

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.