Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ජනපතිගේ ජාතිය ඇමතීමේ කතාවට විරෝධය පා ජනතාව රූපවාහිනී යන්ත්‍ර කුඩුපට්ටම් කල ආකාරය ?

    2022-03-17
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් සිදුකළ කතාව මාර්තු 16 වනදා රාත්‍රියේ විකාශය වුණා. එම කතාවෙන් අනතුරුව කෝපයට  පත් ජනතාව රූපවාහිනී යන්ත්‍ර කුඩු පට්ටම් කරමින් විරෝධය පළකල ආකාරයක් හැගවෙනසේ සමාජ ජාලා හරහා ඡායාරූප හුවමාරු වුණා. කෙසේ වෙතත් අප කළ කරුණු

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් සිදුකළ කතාව මාර්තු 16 වනදා රාත්‍රියේ විකාශය වුණා. එම කතාවෙන් අනතුරුව කෝපයට  පත් ජනතාව රූපවාහිනී යන්ත්‍ර කුඩු පට්ටම් කරමින් විරෝධය පළකල ආකාරයක් හැගවෙනසේ සමාජ ජාලා හරහා ඡායාරූප හුවමාරු වුණා. කෙසේ වෙතත් අප කළ කරුණු විමසා බැලීමේදී තහවුරුවූයේ මෙලෙස හුවමාරුවූ ඡායාරූප අන්තර්ජාලය තුලින් බාගත කරගත් වෙනත් සිදුවීම් වලට සම්බන්ධ ඡායාරූප බව සහ ඒවා සංස්කරණය කර ඇති බවයි.

    සමාජ ජාලා සටහන් 

    ෆේස්බුක් පරිශීලකයෙක් විසින් තිරයට හානි සිදුවූ ඡායාරූප යන්ත්‍ර කිහිපයක ඡායාරූප අන්තර්ජාලයට එක්කරමින් තබා තිබූ සටහන වන්නේ , “පශ්චාත් ජාතිය ඇමතුම් තත්ත්වය” ලෙසයි. 

    Facebook | Archived 

    ෆේස්බුක් පරිශීලකයන් දක්වා තිබුණු අදහස් කිහිපයක් පහතින් .

    උපහාසාත්මක කෝණයෙන් ද බොහෝ පිරිසක් මෙම සටහන් හුවමාරු කරගෙන තිබු ආකාරය මෙලෙසින්

    වට්ස් ඇප් හරහාද මේ හා සමාන සටහන් හුවමාරුව තිබුණේ මෙලෙසින් .

    Fact Check (සත්‍ය තොරතුරු විමසා බැලීම )

    අප විසින් මෙම ඡායාරූපවල මුල් ඡායාරූප සොයාගැනීම සදහා Reverse Image සෙවුමක් සඳහා යොමු කළා .එහිදී අපට දැකගන්නට ලැබුණේ මෙම ඡායාරූප ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට පෙර අන්තර්ජාලය තුල තිබූ ඡායාරූප බවයි.

    මින් එක් ඡායාරූපයක් ගෙන විමසා බැලීමේදී එය 2017 වසරේදී පලකර තිබුනේ TCL සමාගමේ නිෂ්පාදිත රූපවාහිනී යන්ත්‍රයක් පාරිභෝගිකයකු වෙත ලැබීමේදී එහි තිරයට හානි සිදුවූ අවස්ථාවක් ලෙසයි. 

    Twitter | Archived

    එම ඡායරුපයේ පැත්තකට ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් එක්කර සංස්කරණය කර තිබුණා.

    තවත් ඡායාරූපයක් පිළිබදව සොයා බැලූ අපට දැකගන්නට ලැබුණේ එය වසර දෙකකට පමණ ඉහතදී අන්තර්ජාලයට එක්කර තිබුණු ඡායාරූපයක් බවයි.ඒ වීඩියෝ ක්‍රීඩාවකින් පරාජයවූ සිත්තැවුල නිසා රූපවාහිනී තිරයට හානි කළ අවස්ථාවක් ලෙසයි .

    Web |Archived 

    ඉහත සටහන් සඳහා යොදාගෙන තිබු තවත් ඡායාරුපයක් මීට වසට කිහිපයකට පෙර අන්තර්ජාලයට එකකර තිබුනේ මෙලෙසින්.

    Reddit | Archived

    ජනාධිපතිවරයා ජාතිය ඇමතීමට පෙර සමාජ ජාලා වල හුවමාරුවූ සටහන් පහතින් .මෙවැනි සටහන් හේතුවෙන් ජනාධිපතිවරයා ජාතිය ඇමතීමෙන් පසු ඉහත සමාජ මාධ්‍ය සටහන් නිර්මාණය වූ බව උපකල්පනය කල හැක .

    Facebook 

    අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය)

    අපවිසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරු වූයේ ජනාධිපතිවරයා විසින් සිදු කළ ජාතිය ඇමතීමේ කතාව අතරතුර කෝපයට පත් ජනයා විසින් කුඩු පට්ටම් කර දමන ලද රූපවාහිනී තිර ලෙස සමාජ ජාලා හරහා හුවමාරු වන ඡායාරූප මීට වසර ගණනකට පෙර සිට අන්තර්ජාලයේ තිබෙන ඒවා වන අතර ඇතැම් ඡායාරූප සංස්කරණය කරන ලද ඒවා බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    KK

    Kalana Krishantha

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-03-17

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.