Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    හැටන් නගරයට මල්තුහින පතිත වූ අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් නොවේ!

    2023-12-22
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. නුවරඑළිය ප්‍රදේශයට වසරේ නොයෙකුත් කාලවලදී මල් තුහින (ground frost) පතිත වනවා. මේ දිනවල හැටන් ප්‍රදේශයේ හිම පතිත වී ඇති අයුරු බවට දැක්වෙන ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා සංසරණය ව

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    නුවරඑළිය ප්‍රදේශයට වසරේ නොයෙකුත් කාලවලදී මල් තුහින (ground frost) පතිත වනවා. මේ දිනවල හැටන් ප්‍රදේශයේ හිම පතිත වී ඇති අයුරු බවට දැක්වෙන ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනා සංසරණය වී තිබු අතර එහි නිරවද්‍යතාවය සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    ලංකාවේ හැටන් ප්‍රදේශයට හිම පතනය වී ඇති බවට සඳහන් කරමින් ඡායාරූප කිහිපක් ඇතුළත් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම ඡායාරූප සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වූයේ මෙලෙසින්.

    ඉහත සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ මෙය මෙරට වූ සිදුවීමක් බව ට බොහෝ දෙනා උපකල්පනය කර තිබූ බවයි.

    කෙසේවෙතත් ඡායාරුප පෙළෙහි දැක්වෙන එක් ඡායාරූපයක උස ගස්වල මල් තුහින පතිත වී නොමැති බවත්, එම ඡායාරූපයේම තේ කොළවල පමණක් හිම පතිත වී ඇති බව දක්නට ලැබෙන නිසා මෙය සංස්කරණය කරන ලද ඡායාරුප පෙළක් බවට ද කිහිපදෙනෙකුම අදහස් පළකර තිබුණි.

    මෙහි නිරවද්‍යතාව සොයා කරුණු පරීක්ෂාවක් අප සිදු කිරීමට පියවර ගත්තේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    අප ප්‍රථමයෙන් ම නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් හැටන් ප්‍රදේශයට හිම තුහින පතනය වී ඇති බවට ප්‍රධාන මාධ්‍ය ධාරා පුවත් වාර්තා කර ඇත් ද යන්න පිළිබඳ පරික්ෂාවක් සිදු කළත්, එවැනි පුවතක් වාර්තා වී නොතිබුණි.

    ඉන් අනතුරුව එම ප්‍රදේශයේ වාර්තාකරුවන් හරහා ද, අප මේ පිළිබඳව විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, එම ප්‍රදේශයට මේ දිනවල මල් තුහින පතනය වී නොතිබුණු බවත්, ඉහත ඡායාරූපයේ දැක්වෙන්නේ එම ප්‍රදේශයේ ඡායාරූප නොවන බවයි. හැටන් – නුවරඑළිය  ප්‍රදේශ වාසින් විසින් ද, තහවුරු කළේ, එවැනි සිදුවීමක් වී නොතිබුණු බවයි.

    එමෙන් ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද, තහවුරු කළේ, නුවරඑළිය ප්‍රදේශයට සාමාන්‍යයෙන් මල් තුහින (හිම) ජනවාරි සහ පෙබරවාරි මස වලදී පතිත වී ඇති අයුරු දැක ගන්නට ලැබෙන බවත්, ඊයේ(21) හෝ අද(22) දිනයන් හි එලෙස පතිත වූ බවට වාර්තා නොවූ බවයි.

    එසේම ඉහත ඡායාරූප අප Reverse Image සෙවුමක් සඳහා යොමුකළ අතර එහිදී 2022 පෙබරවාරි මස මෙම ඡායාරූප පෙළ ම යොදා ගනිමින් චීන බසින් පළවූ සටහනක් දැක ගන්නට ලැබුණි. එම සටහනේ සඳහන් වන්නේ වසර කිහිපයකට පසුව නැගෙනහිර චීනයේ Fuding නම් ග්‍රාමයේ තේ වතු ප්‍රදේශයකට හිම පතනයක් අවස්ථාවක් ලෙසින්.

    Also read : නුවරට හිම පතනයක් සිදුවූ බවට හුවමාරු වන්නේ නොමඟ යවන සුළු ඡායාරූපයක්!

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, මෙරට හැටන් ප්‍රදේශයේ හිම පතිත වී ඇති අයුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඡායාරූප නොමග යවන සුළු බවයි. මේ දිනවල හැටන් ප්‍රදේශයේ මල් තුහින (හිම) පතනය සිදු නොවූ බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ද, එහි සිටින ප්‍රාදේශීය වාර්තාකරුවන් මෙන් ම ප්‍රදේශවාසින් ද, තහවුරු කරනු ලබනවා. එම සටහනේ දැක්වෙන්නේ විදෙස් රටවලින් ලබා ගත් ඡායාරූප පෙළකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2023-12-22

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.