Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ත්‍රිකුණාමල නැගෙනහිර නාවික හමුදා මූලස්ථාන වෙරළ තීරය අද ජනතාව බෝට්ටු වලින් වටකළ ආකාරය ?

    2022-05-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රට තුළ ඊයේ (10) දින ඇතිවූ කළහකාරී වාතාවරණයෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ සිය අස්වීම් ලිපිය භාර දෙමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුණා. ඉන් අනතුරුව ප්‍රකෝපකාරී වූ කණ්ඩායම් වලින් ගැලවීම සඳහා ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්ථානය වෙත ගුවනින් රැගෙන ගිය බවට සමාජ මාධ

    රට තුළ ඊයේ (10) දින ඇතිවූ කළහකාරී වාතාවරණයෙන් පසු අගමැති මහින්ද රාජපක්ෂ සිය අස්වීම් ලිපිය භාර දෙමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුණා. ඉන් අනතුරුව ප්‍රකෝපකාරී වූ කණ්ඩායම් වලින් ගැලවීම සඳහා ත්‍රිකුණාමල නාවික හමුදා මූලස්ථානය වෙත ගුවනින් රැගෙන ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ නිල නොලත් තොරතුරු වාර්තා වීමත් සමග මුහුදු මාර්ගය ඔස්සේ රටින් පිටත් වීමට සූදානම් බවට ද තොරතුරු සංසරණය වීමත් සමග එය වැළැක්වීම සඳහා ත්‍රිකුණාමල මුහුදේ බෝට්ටු වලින් ජනතාව ස්ථාන ගත වූ ආකාරය බවට සමාජ මාධ්‍ය සංසරණය වූ ඡායාරූප සහ වීඩියෝවක් සම්බන්ධයෙන් ජනතාව නොමග ගිය අවස්ථාවක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ත්‍රීකුණාමලේ කොහොමද සෙට් එක” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණේ, අද(10) දිනයේ ත්‍රීකුණාමලය නාවික හමුදා මූලස්ථානය අසල වෙරළේ ජනතාව බෝට්ටු වලින් එම ස්ථානය වටකර ඇති බවට හැඟවෙන අයුරින්.

    Facebook | Archived Link

    මෙම ඡායාරූපය සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ අයුරු පහතින්.

     “යක්ක පුත්තු ත්‍රිකුණාමලය වරාය වට කලා එහෙනම්” යනුවෙන් සඳහන් කරමින් වීඩියෝවක් ද සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණේ මෙලෙසින්.

    Facebook

    මෙම වීඩියෝව මේ වන විට 16000ට අධික ෆේස්බුක් පරිශීලකයින් පිරිසක් සංසරණය වී තිබෙනවා.

    සත්‍ය වශයෙන්ම මෙම ඡායාරූපවල සහ වීඩියෝවේ දැක්වෙන්නේ අද දිනයේ ත්‍රීකුණාමල වෙරළේ ජනතාව බෝට්ටු වලින් එක් රැස් වූ අයුරු ද යන්න අප විමර්ශනයක් සිදු කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ත්‍රිකුණාමල නැගෙනහිර නාවික හමුදා මූලස්ථාන කඳවුරේ රැඳී සිටින බවට ලැබුණු ආරංචියක් හේතුවෙන් ප්‍රදේශ වාසින් විසින් මූලස්ථානය ඉදිරි පිට විරෝධය පළ කළා. ඒ සම්බන්ධයෙන් ප්‍රධාන මාධ්‍ය වාර්තා කළේ මෙලෙසින්, සහ මෙලෙසින්.

    මේ අතර හිටපු අගමැති ඇතුළු සිය පවුලේ සාමාජිකයන් වෙනත් රටවල් වලට නැව් මාර්ගයෙන් පළා යන බවට නිල නොලත් තොරතුරු වාර්තා වීමත් සමග ප්‍රදේශ වාසින් විසින් ත්‍රිකුණාමල වෙරළේ බෝට්ටු රැඳී සිටින බවටද තොරතුරු වාර්තා වුණා.

    මේ හේතුවෙන් එම අවස්ථාවේ බවට හැඟවීමට ඉහත සටහන් සහ වීඩියෝව යොදා ගෙන තිබුණා.

    ඉහත ඡායාරූප සටහන වෙත අපගේ අවධානය යොමු කළ අතර අප කළ නිරීක්ෂණයේදී තහවුරු වූයේ එය මෙරට ත්‍රීකුණාමල වරායේ ඡායාරූප නොව චීනයේ Zhejiang පළාතේ Taizhou නගරයේ ඡායාරූප බවයි.

    එම ප්‍රදේශයේ මාස හතරහමාරක පමණ කාලයක සිට මසුන් ඇල්ලීම තහනම් කර තිබූ අතර Zhejiang පළාතේ Taizhou නගරයේ, කර්මාන්තයේ නිරත ධීවර බෝට්ටු 2,144 කින් එකින් එක නැවත වරායට පැමිණ, මේ දිනවල තම කාර්යයන් අරඹනු මෙසේ දක්නට ලැබෙන බවට Cheena Sinhala Handa ෆේස්බුක් පිටුව මගින් පළ කර තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    මෙම ඡායාරූප යොදාගෙන ත්‍රිකුණාමල නැගෙනහිර නාවික හමුදා මූලස්ථාන අසල මුහුදේ බෝට්ටු ස්ථාන ගත කරමින් ජනතාව රැඳී සිටින බවට හඟවා තිබුණා.

    ඉහත වීඩියෝව සම්බන්ධයෙන් අප කළ විමර්ශනයේදී දැක ගන්නට ලැබුණේ මෙම වීඩියෝව පසුගිය මාර්තු මස කෝනේස්වරම් කෝවිලේ දේව පිළිම නාවන උත්සවයක් අවස්ථාවේ ලබා ගත් විඩියෝවකි. එම වීඩියෝව පසුගිය මාර්තු මස 20 වන දා Tiktok වීඩියෝවක දක්වා තිබූ අයුරු පහතින්.

    Tiktok

    එම උත්සව අවස්ථාවේ ලබා ගත් තවත් වීඩියෝවක් පහතින්.

    @____thi_sa_ra____55

    Trinco 🛕🙏@ameshjay @kanis613 #අපි_මාතර❤️ #කරාවෙ 😈

    ♬ original sound – ලොකු මල්ලී 😛

    තවත් වීඩියෝවක් මෙතනින්.

    ඒ අනුව පෙන්වා දිය හැක්කේ ඉහත වීඩියෝව ත්‍රීකුණාමලය කෝනේස්වරම් කෝවිල අසල වෙරලේ පසුගිය මාර්තු මස තිබූ උත්සව අවස්ථාවකදී ලබා ගත් වීඩියෝවක් බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අද දිනයේ (10) ත්‍රිකුණාමල වෙරළේ දර්ශන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා තිබුණේ, චීනයේ, Zhejiang පළාතේ ඡායාරූප වන අතර ඉහත වීඩියෝවේ දැක්වෙන්නේ පසුගිය මාර්තු මස ත්‍රීකුණාමලය කෝනේස්වරම් කෝවිල අසල වෙරලේ පැවැත්වූ උත්සව අවස්ථාවක දර්ශනයකි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-05-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.