Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නොමග යවන සුළු සටහන් පෙළක්!

    2022-03-07
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    මෙරට ඇති වී තිබෙන ඉන්ධන අර්බුදයත් සමග ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිට දැක්වෙන දිගු පෝලිම් සම්බන්ධයෙන් සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු විමර්ශනයක් පහතින්. සමාජ මාධ්‍ය සටහන් : එංගලන්තයේ ද මේ දිනවල

    මෙරට ඇති වී තිබෙන ඉන්ධන අර්බුදයත් සමග ඉන්ධන පිරවුම් හල් ඉදිරිපිට දැක්වෙන දිගු පෝලිම් සම්බන්ධයෙන් සහ ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් කිහිපයක නිරවද්‍යතාවය සොයා අප කළ කරුණු විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    එංගලන්තයේ ද මේ දිනවල ඉන්ධන අර්බුදය උත්සන්න වූ බවට හැඟවීමට සමාජ මාධ්‍ය සටහනක් පළ වී තිබූ අයුරු පහතින්.

    Facebook | Archived Link

    එමෙන්ම තවත් සටහනක මෙරට ඉන්ධන පිරවුම් අසල ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව එක්රොක් වී ඇති බවට දැක්වීමට ඡායාරූප සටහනක්ද එක් කර තිබුණේ මෙරට වූ සිදුවීමක් ලෙසයි. 

    Facebook | Archived Link

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    එංගලන්තයේ ඉන්ධන හලක් ලෙස සඳහන් කර තිබූ ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අපට අනාවරණය වූයේ 2021 සැප්තැම්බර් 25 සෙනසුරාදා එංගලන්තයේ රීඩිං හි ඉන්ධන පිරවුම්හලක පිටතදී ලබා ගත් ඡායාරූපයක් වන අතර ඊට හේතුවී තිබුණේ, නව සංක්‍රමණික නීති හේතුවෙන් බ්‍රිතාන්‍යයේ වීසා රහිතව වැඩ කළ නොහැකි බැවින් සහ කොරොනා වසංගත තත්ත්වයද මත ශ්‍රම බලකායන් සහ යුරෝපීයයන් එරටින් නික්මයාම ඇතුළු සාධක නිසා ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන රැගෙන එන රියදුරන්ගේ හිඟය හේතුවෙන් මේ තත්ත්වය ඇති වූ බවයි. ඒ සම්බන්ධයෙන් පළ වූ විදෙස් වාර්තා මෙතනින්, සහ මෙතනින්. Archived Link

    Apnews

    එරට ප්‍රවාහන අමාත්‍ය Grant Shapps බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් ඉල්ලා සිටියේ පෙට්‍රල් මිලදී ගැනීමේදී සාමාන්‍ය පරිදි හැසිරෙන ලෙසත්, ඉන්ධන හිඟයක් නොමැති බවත් ඉන්ධන පිරවුම්හල් වෙත ගෙන එන රියදුරන්ගේ හිඟය සමනය කිරීමට රජය පියවර ගන්නා බවත්ය. ඒ බවට සඳහන් කරමින් පළ වූ වීඩියෝවක් මෙතනින්.

    කෙසේ වෙතත් මේ දිනවලද එක්සත් රාජධානියේ ඉන්ධන පිරවුම්හල්වලින් පිටත දැවැන්ත පෝලිම් දිගටම දැකගැනීමට හැකිවෙන බවත් ඊට හේතු වී ඇත්තේ රුසියාව, යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යනු ඇති බවට ඇති වූ බිය හේතුවෙන් බවත් ඩේලිමේල් වෙබ් අඩවිය පෙන්වා දී තිබූ පුවත් වාර්තාව මෙතනින්. Archived Link

    මේ අනුව ඉහත පලමු සමාජ මාධ්‍ය සටහන සඳහා යොදා ගෙන තිබුණේ 2021 වර්ෂයේ ඡායාරූපයක් වන අතර එය ඉන්ධන හිඟයක් නිසා හෝ ඩොලර් හිඟයක් නිසා ඇතිවූ තත්ත්වයක් නොවේ.

    ඉහත දෙවන සමාජ මාධ්‍ය සටහනේ දැක්වෙන ඡායාරූපය වන්නේ නයිජීරියාවේ ඉන්ධන හිඟය හේතුවෙන් Lagos සහ Abujaහි ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් ඇති වූ අවස්ථාවේ ඡායාරූපයකි. 

    2015 වසරේ  ලාගෝස්-ඉබදාන් අධිවේගී මාර්ගය ඔස්සේ කැපිටල් ඔයිල් පිරවුම්හලින් ඉන්ධන ලබා ගැනීම සඳහා එරට ජනතාව පෝළිම් ගැසී සිටින අයුරු දැක්වෙන ඡායාරූපයකි. 

    vanguardngr | Archived Link

    2015 වසරේ සිට මේ දක්වා නයිජීරියාවේ ලාගෝස් හි ඉන්ධන හිඟයක් ඇතිවූ අවස්ථාවන් වලදී ජනතාව දිගු පෝලිම් ගැසී ඇති අයුරු දැක්වීමට මෙම ඡායාරූපය භාවිතා කරනු ලබයි. 

    2022 වසරේ මෑතකදී ඇතිවූ ඉන්ධන හිඟයට හේතුව ලෙස ජාත්‍යන්තර පුවත් වාර්තා පෙන්වා දුන්නේ, ඉන්ධන හිඟයට හේතුව සංසරණයේ පවතින මිශ්‍ර ඉන්ධනවල ප්‍රතිඵලයකි. එරටට ආනයනය කරන ලද පෙට්‍රල්වල අනාරක්ෂිත මෙතනෝල් ප්‍රමාණයක් සොයාගත් බව එරට රජය සඳහන් කරන බවටයි. එම වාර්තා මෙතනින් සහ මෙතනින්.

    Archived Link

    ශ්‍රී ලංකාවේද ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම් හලවල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන මුත් මෙරට ඉන්ධන පෝලිමක් බවට දැක්වීමට යොදගෙන තිබුණේ, නයිජීරියාවේ ඉන්ධන පෝලිම්වල ඡායාරූපයකි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ, එංගලන්තයේ ද මේ දිනවල ඉන්ධන අර්බුදය උත්සන්න වූ බවට හැඟවීමට යොදා ගෙන තිබූ ඡායාරූපයේ දැක්වෙන්නේ 2021 වර්ෂයේ ඉන්ධන ප්‍රවාහනය කිරීමේ රියැදුරන් හිඟ වීම හේතුවෙන් ඉන්ධන නොමැතිව ඉන්ධනහලවල්  වසා දැමීම නිසා ඇති ව තිබූ අර්බුදයකි. එය කිසිසේත්ම ඩොලර් හිඟවීම නිසා හෝ රටේ ඉන්ධන නොමැති කම හේතුවෙන් හට ගත් අවස්ථාවක් නොවේ. එමෙන්ම මෙරට ඇති වී තිබෙන ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරවුම් හලවල් අසල දිගු පෝලිම් දක්නට ලැබෙන මුත් මෙරට ඉන්ධන පෝලිමක් බවට දැක්වීමට යොදගෙන තිබුණේ, නයිජීරියාවේ ඉන්ධන පෝලිමක ඡායාරූපයකි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-03-07

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.