Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    ‘සිබිල් නැන්දා’ගේ අභාවය සම්බන්ධයෙන් පළ වූ නොමගයන සුළු සටහන්!

    2022-08-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ළමා ලෝකය වර්ණවත් කිරීමට සිය තෙළිතුඩ මෙහෙයවූ, ‘සිබිල් නැන්දා’ ලෙස ජනාදාරයට පත්  සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අභාවය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමගයන සුළු සටහනක් පිළිබඳ අප කළ විමසා බැලීමක් මේ. සමාජ මාධ්‍ය සටහන් : ළමා සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදුණු ‘සිබිල් න

    ළමා ලෝකය වර්ණවත් කිරීමට සිය තෙළිතුඩ මෙහෙයවූ, ‘සිබිල් නැන්දා’ ලෙස ජනාදාරයට පත්  සිබිල් වෙත්තසිංහ මහත්මියගේ අභාවය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ නොමගයන සුළු සටහනක් පිළිබඳ අප කළ විමසා බැලීමක් මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    ළමා සාහිත්‍ය නිර්මාණකරණයේ යෙදුණු ‘සිබිල් නැන්දා’ මෑතකදී අභාවප්‍රාප්ත වූ බව හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වී තිබුණා.

    Facebook | Archived Link  Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ මෙම සටහන් සඳහා ෆේස්බුක් පරිශීලකයින් විසින් ද ප්‍රතිචාර දක්වමින් එතුමියට නිවන් සුව එක් කර තිබුණේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ජාත්‍යන්තර කීර්තියට පත් ළමා කතා ලේඛිකාවක සහ ප‍්‍රවීණ චිත‍්‍ර ශිල්පිනියක වූ එසේම මෙරට ළමා කතාන්තර කලාවේ පුරෝගාමී ලේඛිකාව වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය මීට අවුරුදු දෙකකට පෙර , එනම් 2020 වසරේ ජූලි 01 වන දා මෙලොවින් සමුගත්තා. ඒ, ශ්‍රී ජයවර්ධන රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

    ‘සිබිල් නැන්දා’ ලෙස ජනාදරයට පත් වූ ඇය මියයන විට 93 වන වියේ පසු වූවා.

    කුඩා කල සිටම සිය චිත්‍ර කලාවට ඇලුම් කළ ඇය, වයස අවුරුදු 15 වේ සිට ප්‍රසිද්ධ පුවත්පත් හා සඟරාවලට මෙන්ම කියවීම් පොත් සඳහා සිය නිර්මාණ දායකත්වය ලබාදුන්නා. ඇයගේ අභාවය සම්බන්ධයෙන් මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබු‍ණේ මෙලෙසින්, මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

    මේ පිළිබඳව නොදැනුවත් සමාජ මාධ්‍ය ජාලා පරිශිලකයින් ‘සිබිල් නැන්දා’ මෑතකදී අභාව ප්‍රාප්ත වූ බවට නොමග ගොස් මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල හුවමාරු කර ගෙන තිබුණා.

    කෙසේ වෙතත් මෑතක දී ඇය මිය ගිය බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමෙන්, ඇතැම් ෆේස්බුක් පිටු සහ සමුහ මඟින් ව්‍යාජ තොරතුරු ඔස්සේ ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සහ දරන බව ද මේ පිලිබඳ දැනුවත් කිහිපදෙනෙකු ම ඉහත සටහන් සඳහා ප්‍රතිචාර වශයෙන් පවසා තිබු අයුරු ද අපට දැක ගන්නට ලැබුණා. එසේ හෙළා දකිමින් පළවූ එක් සටහනක් මෙතනින්

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ‘සිබිල් නැන්දා’ ලෙස ජනාදරයට පත් සිබිල් වෙත්තසිංහ මහත්මිය මෑතකදී අභාවප්‍රාප්ත වූ බවට හඟවමින් පළ වන සටහන නොමග යවන සුළු බවයි. සිබිල් වෙත්තසිංහ මහත්මිය ජීවතක්ෂයට පත් වූයේ 2020 වසරේ ජූලි 01 වන දායි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-08-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.