Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවලට බලපා ඇති ගංවතුරු තත්ත්වය සම්බන්ධ නොමග යන සුළු සටහන් පෙළක්!

    2024-04-18
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවල මේ දිනවල පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එලෙසින් නොමග යන සුළු සටහන් වල නිරවද්‍යත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවල මේ දිනවල පවතින අයහපත් කාලගුණය සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූප, වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අතර එලෙසින් නොමග යන සුළු සටහන් වල නිරවද්‍යතාව සොයා අප සිදුකළ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    Claim :

    ඩුබායි කුණාටුව යනුවෙන් සඳහන් කරමින් ඩුබායි හි ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ තත්ත්වයන් ලෙස ට දක්වමින් වීඩියෝ කිහිපයක් එකතු කොට සෑදු වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූයේ මේ අයුරින්.

    Facebook

    Fact – Check :

    අප මෙම වීඩියෝවේ පළමූ වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහි ප්‍රතිඵල මගින් අනාවරණය වූයේ මෙම වීඩියෝව 2023 නොවැම්බර් මාසයේදී  ‘disaster788’ ගිණුම යටතේ TikTok හි පළ කරන ලද වීඩියෝවක් බවයි. එ් අනුව ඩුබායි හි මෑතකදි සිදු වූ ගං වතුර තත්ත්වයක් නොවන බව ට තහවුරු වේ. එම වීඩියෝව පහතින්.

    @disaster788

    Dubai storm last night #dubai #tornado #storm

    ♬ original sound – disaster788

    Archived Link

    මෙහි දැක්වෙන දෙවන වීඩියෝව 2019 ජූලි මාසයේදී YouTube වෙත පළ කරන ලද “Giant Monster Attacks City” නම් වීඩියෝවකින් ඉහත සමාජ මාධ්‍යෙය් දැක්වූ වීඩියෝවේ තවත් වීඩියෝ ඛණ්ඩයක් උපුටා ගෙන ඇති බව තහවුරු විය. එහි මුල් අන්තර්ගතය මෑත කාලීන ඩුබායි ගංවතුරට සම්පූර්ණයෙන්ම සම්බන්ධයක් නොමැති බවට පැවසිය හැක.

    සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ වීඩියෝවේ දැක්වෙන තවත් කොටසක් මාස කිහිපයකට පෙර එනම්, 2023 ඔක්තෝම්බර් මාසයේදී පළ කර ඇති බව ත්, එම වීඩියෝව බිහිසුණු සුළි කුණාටුව ලෙස නම් කර ඇති බව ත් දැක ගන්නට ලැබේ. 

    කුණාටුවකදී ගසක් මුල්වලින් කඩා වැටෙන අයුරු දැක්වෙන කෙටි වීඩියෝවක් ද, ඩුබායි හි වත්මන් තත්ත්වයට සම්බන්ධ නොමැති අතර එය 2023 අප්‍රේල් මාසයේ  බ්‍රසීලයේ São José වල සිදුවූ තත්ත්වයක් බවට දැක ගන්නට ලැබුණා.

    කෙසේ වෙතත්, මෑතකදී ඩුබායි ගුවන් තොටුපළ ගංවතුරට ලක් වූ දර්ශන කොටස් ද, ඉහත සමාජ මාධ්‍ය ජාලාවේ පළ වූ වීඩියෝවේ දක්නට ලැබුණා. එම සත්‍ය වීඩියෝව පහතින්.

    එමෙන් ම මෙම වීඩියෝවේ දැක්වෙන සත්‍යාපන කළ නොහැකි වීඩියෝව ද, දැක ගන්නට ලැබුණු අතර එම වීඩියෝ ඩුබායි හි මෑත සිදුවූ ගං වතුර තත්ත්වයන් යන්න පිළිබඳ ප්‍රධාන මාධ්‍ය ධාරා වල හෝ වාර්තා වී නොතිබුණි.

    Claim :

    ඩුබායි වලට වැටුණු අධික වර්ෂාව නිසා ඇතිවූ වැහි වතුරින් බේරීමට බර්ජ් කලීෆා  කුළුණට නගින මිනිසුන් යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ උපහාසාත්මක කෝණයෙන් ඡායාරූපයක් ද, පළ වී තිබුණා.

    Facebook | Archived Link

    Fact-Check :

    මෙම ඡායාරූපය කෘතිම බුද්ධිය ඔස්සේ නිර්මාණය කරන ලද ඡායාරූපයකි.

    ඩුබායි හි බර්ජ් කලීෆා ගොඩනැගිල්ලට රාමසාන් සමයේ පැමිණි ජනතාව යන අර්ථයෙන් මෙම AI නිර්මාණය කර තිබුණු අතර මෙය පසුගිය ගංවතුර සමයේ ඇති වූ තත්ත්වයක් හෝ නිරූපණය නොකරයි.

    movindubai

    Claim :

    සෞදි අරාබියේ මේ දිනවල පවතින ගං වතුර තත්ත්වයක් ලෙසට දක්වමින් වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්. මෙම වීඩියෝව පරිශීලකයින් විසින් නැරඹුම් වාර දෙලක්ෂ හැත්ත නව දහසක් (279,000)ක් ඉක්මවා නරඹා තිබුණා.

    Facebook

    මෙහි දැක්වෙන මේ දිනවල පවතින කාලගුණ තත්ත්වයක් ද, යන්න පිළිබඳ අප විමර්ශනය කිරීමට පියවර ගත්තා.

    Fact – Check 

    සෞදි අරාබියේ මේ දිනවල පවතින ගංවතුර මධ්‍යයේ අතරමං වූ ඔටුවන් පෙන්වන බවට සංසරණය වූ වීඩියෝව අප ප්‍රථමයෙන් ම Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. 

    එහිදී දැක ගන්නට ලැබුණේ මෙම වීඩියෝව මේ දිනවල සිදු වූ ගංවතුර තත්ත්වයක් නොව 2014 වර්ෂයේ සෞදි අරාබියේ ඇති වූ ගංවතුර තත්ත්වයක වීඩියෝවක් බවයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු ගල්ෆ් රටවල මේ දිනවල අයහපත් කාල ගුණයක් බලපා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ ඩුබායි හි ප්‍රධාන ගුවන් තොටුපළට මෙන්ම එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය, කුවේට්, කටාර්, යේමනය සහ සෞදි අරාබියේ මධ්‍යම මහාමාර්ගවලට ද මෙමගින් බලපෑම් එල්ල වී තිබෙනවා.

    ගල්ෆ් කලාපය පුරා දැඩි ගිගුරුම් සහිත වැසි සහ වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශය පුරා ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ඕමානයට ප්‍රථමයෙන් කුණාටුව පැමිණි අතර  ඕමානයේ පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ. අවම වශයෙන් එක් පුද්ගලයෙකු මෙම තත්ත්වය හේතුවෙන් මිය ගිය බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාර්තා වී ඇති අතර ඩුබායි හි ප්‍රධාන ගුවන් තොටුපළ අර්ධ වශයෙන් සේවයෙන් ඉවත් වී තිබුණා.

    අධික සුළං සහ අධික වර්ෂාවත් සමඟ ඕමානයට එල්ලවූ කාලගුණය වෙනස් වීම සිදුවීම ඉරිදා ආරම්භ වී වර්ධනය වීමෙන් පසු හදිසියේ ඇතිවූ ගංවතුර තත්ත්වයකින් පාසල් සිසුන් 10 දෙනෙකු සහ රියදුරෙකු රැගත් වාහනයක් ගසාගෙන ගොස් තිබුණා. තවත් මරණ අටක් මෙන්ම කිහිප දෙනෙකු අතුරුදහන් වී තිබෙනවා.

    ඕමානයේ ජාතික හදිසි අධිකාරිය අඟහරුවාදා ප්‍රකාශ කළේ වර්ෂාව දිගටම පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි. එවැනි කාලගුණයක් අසල්වැසි ගල්ෆ් රටවලට පීඩාවට පත් කර ඇති බයයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වැඩි දුරටත් පෙන්වා දෙන්නේ. එම වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයට (NMC) අනුව අඟහරුවාදා Al Ain ප්‍රදේශයට මිලිමීටර් 254ක වර්ෂාපතනයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වාර්තා වී තිබෙනවා. ඒ සම්බන්ධ වාර්තාවක් මෙතනින්.

    ඕමානයේ හදිසි ගංවතුර හේතුවෙන් නිවෙස් තුළ සිරවී සිටින පවුල් සහ දරුවන් ගලවා ගැනීමේ උත්සාහයන් සිදු වෙමින් පැවති අවස්ථාවක වීඩියෝවක් මෙතනින්. සෞදි අරාබියේ හේයිල් ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයේ සහ එහිදී ගංවතුර හසුවූ සුනඛයෙකු බේරාගන්නා අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-04-18

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.