Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    ටයිටන් යාත්‍රාවේ අවසාන වීඩියෝව ලෙස හුවමාරුවන 2021 වසරේ පැරණි වීඩියෝවක් !

    2023-07-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ටයිටන් සබ්මැරීනයේ ඛේදවාචකයත් සමඟ එහි ගමන් ගත් පිරිස් පිළිබඳව සහ එම අවසනාවන්ත අවසන් ගමන ආශ්‍රිත තොරතුරු පිලිබඳ ලොව පුරා බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබුණා. ඒ හා සමඟ ටයිටන් යාත්‍රාවේ අවසන් ගම

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ටයිටන් සබ්මැරීනයේ ඛේදවාචකයත් සමඟ එහි ගමන් ගත් පිරිස් පිළිබඳව සහ එම අවසනාවන්ත අවසන් ගමන ආශ්‍රිත තොරතුරු පිලිබඳ ලොව පුරා බොහෝ දෙනෙක් විමසිලිමත් වී තිබුණා. ඒ හා සමඟ ටයිටන් යාත්‍රාවේ අවසන් ගමන බවට හැඟවෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සීග්‍රයෙන් හුවමාරු වී තිබුණා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ටයිටන් සබ්මැරීනයේ ගමන් කළ අයගේ අවසන් වීඩියෝව” යන තේමාවෙන් හුවමාරු වූ විනාඩි 3 ක පමණ දියයට ගමන්කරන යාත්‍රාවක් තුළ සිට ලබාගත් දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

    FB 

    එම වීඩියෝවම හුවමාරු වී තිබු තවත් අවස්තාවක් මෙතනින් | Archived

    මෙම වීඩියෝ  බොහෝ ලෙස පැතිර තිබුණු බවත් දක්නට ලැබුණා.

    මේ සම්බන්ධව අප විසින් සිදු කරන කරුණු විමසා බැලීම පහතින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    Titan submersible හි මෑත ගමන පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා සෙවීමට Fact Crescendo විසින් Invid-We-Verify සෙවුමක් සිදු කළ අතර මෙම වීඩියෝවේ පැහැදිලිව දැකිය හැකි පුද්ගලයාම වන Aaron Newman සමඟ සම්මුඛ සාකච්ඡාවක් කරන 10 Tampa Bay මාධ්‍ය ආයතනය විසින් පලකල ප්‍රවෘත්තියක්, වීඩියෝවක්ද සොයා ගැනීමට හැකිවුණා.

    ටයිටන් සබ්මැරීනය ජුනි 18 වන දින අතුරුදහන් වීමෙන් පසුව සහ අතුරුදහන් වූ මගීන් පිළිබඳ කිසිදු වාර්තාවක් ජීවතුන් අතර නොමැති බව වාර්තා වීමත් සමඟ ජුනි 22 වන දින ප්‍රවෘත්ති ප්‍රකාශයක් ඇතුළත එම  වාර්තාකරණය සිදු කර තිබුණි. එම ප්‍රවෘත්ති ප්‍රකාශයේ තත්පර 53 සිට මිනිත්තු 1 තත්පර 4 දක්වා කාලයේ සමාජ ජාලාවල වේගයෙන් පැතිර යන වීඩියෝවේ  කොටසක් දැකිය හැකි  අතර එහිදී නිව්මන් සමඟින් කාන්තාවක් ඇතුළු ඔහුගේ සෙසු මගීන් සමඟ දැක ගත හැක. එම දර්ශන Titan යාත්‍රාව 2021 වසරේ දී සිදුකරන ලද දිය යට කිමිදීමකදී ලබාගත් දර්ශන  බව ද සදහන. එම වීඩියෝව පහතින්.

    මෙම වීඩියෝවම ප්‍රකට CBS පුවත් සේවය මගින් පළකර තිබුණේ මෙලෙසින්.

    සමාජ ජාලාවල වේගයෙන් පැතිර යන වීඩියෝවේ දැක්වෙන නිව්මන්ගේ සේයාරුව සහ ප්‍රවෘත්තියේ දැක්වෙන නිව්මන්ගේ සේයාරුව අතර සැසදීමක් පහතින්.

    මෙම වීඩියෝව 2023 ජූනි 22 වැනි දින CBS ප්‍රවෘත්ති මගින් විකාශනය කරන ලදී. නිව්මන්, CBS ප්‍රවෘත්ති ප්‍රකාශනයේ, 2021 දී Titan සවාරිය පිළිබඳ ඔහුගේ අත්දැකීම පැහැදිලි  කරන අතර එය ‘සුවපහසු නමුත් සුඛෝපභෝගී නොවන’ ලෙස සඳහන් කරයි .

    Aaron Newman ,2021 වසරේදී මෙම ටයිටන් යාත්‍රාවේ චාරිකාවකට එක්වූ අයෙක් වන අතර ඔහු පසුගියදා පිපිරීමට ලක්වූ අවස්ථාවේ එහි සිටි පිරිසේ සාමාජිකයෙක් නොවේ.

    එසේම තවත් පැහැදිලි කරුණක් වන්නේ පහත දැක්වෙන පිරිදි සමාජ මාධ්‍ය තුළ හුවමාරු වන වීඩියෝවේ අවස්තාවන් කිහිපයකදී ම, යාත්‍රාව තුළ කාන්තාවන් සිටින බව දැක ගන්නට ලැබුණ ද ටයිටන් අවසාන ගමනට කිසිදු හෝ කාන්තාවක් එකතු වී තිබුනේ නැහැ.

    පිපිරීමට ලක්වූ අවස්ථාවේ ටයිටන් යාත්‍රාවේ සිටි පිරිස වන්නේ  හමිෂ් හාර්ඩින්, ස්ටොක්ටන් රෂ්, සුලේමන් ඩාවුඩ් සමඟ ඔහුගේ පියා, ෂාසාදා ඩාවුඩ් සහ පෝල්-හෙන්රි නර්ජෝලට් ලෙස සඳහන් කර ඇත. ඔවුන්ගේ පින්තූර පහතින්.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අප විසින් සිදුකරන ලද කරුණු විමසීමේදී තහවුරුවන කාරණය වන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඉහත වීඩියෝව, ටයිටන් යාත්‍රාව විනාශ වීමට පෙර, එහි අවසන් වරට ගමන් ගත් පිරිස ඇතුළත් දර්ශන පෙළක් නොවන බවයි. මෙය 2021 වසරේ රූගත කරන ලද වීඩියෝවකි. ටයිටන් ව්‍යාපෘතියේ නිර්මාතෘ වන මෙන්ම අවසන් ගමනේත් නියමුවා වූ ස්ටොක්ටන් රෂ් මෙම වීඩියෝවේ සිටිය ද අනෙක් පිරිස අවසන් ගමනේ දී දැක ගන්නට ලැබෙන්නේ නැති අතර ටයිටන් යාත්‍රාවේ සිට විපතට පත්වූ පිරිස අතර මෙහි සදහන් ආකාරයේ කාන්තාවක්ද නොමැත .

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2023-07-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.