Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    අසත්‍යයි

    රෝහිත රාජපක්ෂ හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට පැමිණියාද?

    2022-01-20
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    අන්තර්ජාලය හරහා සංසරණය වන ඡායාරූප භාවිතා කරමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම අපට සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. එලෙස ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කරන ලද ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ. සමාජ මාධ්‍ය සටහන් : “ඊයේ මධ්‍යම රාත්‍රි

    අන්තර්ජාලය හරහා සංසරණය වන ඡායාරූප භාවිතා කරමින් ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීමට කටයුතු කිරීම අපට සුලබව දැක ගන්නට ලැබෙන කරුණක්. එලෙස ජනතාව නොමග යැවීමේ අරමුණින් පළ කරන ලද ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “ඊයේ මධ්‍යම රාත්‍රියේ චිචී (රෝහිත රාජපක්ෂ) හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා කොළඹ රේස්කෝස් පිටියට පැමිණ තිබෙනවා. ගොඩබස්සවා ඇත්තේ මැක්ඩොනල් අවන්හල ඉදිරිපිට පාරටයි ආපහු පටන් ගන්න වගේ හදන්නෙ මොකක්ද මේ මගේ රටට වෙන්නෙ” යනුවෙන් සඳහන් කරමින් හෙලිකොප්ටර් යානා කිහිපයක ඡායාරූප රැගත් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා.

    Facebook | Archived Link

    ෆේස්බුක් ඔස්සේ මෙම සටහන පරිශීලිකයින් අතර බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    මෙම සටහන් සඳහා ඇතැම් පරිශීලිකයින් දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ මෙය සත්‍ය සිදුවීමක් බවට ඔවුන් උපකල්පනය කර ඇති බවයි.

    මෙහි නිරවද්‍යතාවය සොයා කරුණු පරීක්ෂාවක් අප සිදු කළේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    ඉහත ඡායාරූපය කොළඹ, තුරඟ පිටිය මාවත (129 Race Course Ave) දෙපස ඇති ගොඩනැගිලි වල ස්වරූපයක් ගනු ලැබුවද, එහි මාවතේ දල්වා ඇති පහන් කණු වල ස්වරූපය වෙනස් බවත් දක්නට ලැබුණු හෙයින් මෙම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    එහිදී අපට දැක ගන්නට ලැබුණේ, එම ඡායාරූපය ඇතැම් පිරිස් පැවසූ පරිදි සංස්කරණය කරන ලද ඡායාරූපයක් නොව, 2019 පෙබරවාරි මස ලොස් ඇන්ජලීස් හි පුහුණු අභ්‍යාසවල යෙදෙන 1 වන බලඇණියේ, 160 වැනි විශේෂ මෙහෙයුම් ගුවන් සේවා රෙජිමේන්තුව හි (SOAR) සාමාජිකයින් සහ 1 වන විශේෂ බලකා මෙහෙයුම් ඒකකය – ඩෙල්ටා (SFOD-D) හි ප්‍රහාරකයන් පිරිසක් බවයි.

    reddit.com|Archived Link

    එම වෙබ් අඩවියේ 2019 වර්ෂය ලෙස සඳහන් කළද, 2018 වර්ෂයේ පළ වූ වෙබ් අඩවියකද මෙම ඡායාරූපය රැගත් ලිපියක් පළ වී තිබුණු අයුරු අපට දැක ගන්නට ලැබු‍ණේ මෙලෙසින්.

    kknews.cc | Archived Link

    සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයේ සම්පූර්ණ ඡායාරූපය පහතින්.

    pinterest.com

    කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අප ගුවන් හමුදා මූලස්ථානයෙන්ද විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, එවන් සිදුවීමක් නොවූ බවයි.  

    එලෙස හෙලිකොප්ටර් ගොඩ බෑමක් සිදු කළේ නම්, එම මාර්ගය වසා දැමිය යුතු බැවින් සහ ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානද දැනුවත් විය යුතු බැවින් මේ පිළිබඳව විමසීමට අප පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාගෙන්ද විමසීමක් සිදු කරනු ලැබුවා. ඒ මහතා සඳහන් කළේ, එවන් සිදුවීමක් කොළඹ, තුරඟපිටිය මාවත ඉදිරිපස සිදු නොවුණු බවත්, එම පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවයි.

    රෝහිත රාජපක්ෂ මහතාගෙන්ද මේ පිළිබඳව අප විමසා සිටි අතර ඔහු සඳහන් කළේ, මෙවන් අසත්‍ය, ප්‍රචාරයන් කරන්න පිළිබඳව තමන් කණගාටු වන බවත්, සියල්ලට පෙර මෙවැනි ඡායාරූප අන්තර්ජාලය හරහා නිරීක්ෂණය කර මෙහි සත්‍ය අසත්‍යතාවය නිරීක්ෂණය කළ යුතු බවයි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    කොළඹ තුරඟපිටිය, මැක්ඩොනල්ඩ් අවන්හල ඉදිරිපිට තුරඟපිටිය මාවතේ, හෙලිකොප්ටර් කිහිපයක් පිරිවරා පැමිණි බවට සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කර තිබූ ඡායාරූපයේ දැක්වෙන්නේ, ලොස් ඇන්ජලීස් හි  අමෙරිකාවේ, 1 වන බලඇණියේ, 160 වැනි විශේෂ මෙහෙයුම් ගුවන් සේවා රෙජිමේන්තුව හි (SOAR) සාමාජිකයින් සහ 1 වන විශේෂ බලකා මෙහෙයුම් ඒකකය – ඩෙල්ටා (SFOD-D) හි ප්‍රහාරකයන් පිරිසක් පුහුණු අභ්‍යාසවල යෙදෙන අවස්ථාවේදී ලබා ගත් ඡායාරූපයක් බවයි. එමෙන්ම ගුවන් හමුදා මූලස්ථානය සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතාද සඳහන් කළේ, එලෙස සිදුවීමක් වාර්තා නොවූ අතර තුරඟපිටය අසල එවැනි සිදුවීමක් නොවූ බවයි.

    False verdict stamp

    මෙම පුවත අසත්‍යයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-01-20

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.