Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    දනුෂ්ක ගුණතිලකට එරෙහිව නඩු පැවරූ තරුණිගේ ඡායාරූපයක් ද? (Photo)

    2022-11-10
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න. ඔස්ට්‍රේලියානු රජය යටතේ කාන්තා දූෂණ චෝදනාවක් මත බන්ධනාගාර ගත කර ඇති මෙරට ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක හා එසේ දූෂණයට ලක්වූ බව කියන තරුණියගේ ඡායාරූපයක් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසර

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

    ඔස්ට්‍රේලියානු රජය යටතේ කාන්තා දූෂණ චෝදනාවක් මත බන්ධනාගාර ගත කර ඇති මෙරට ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක හා එසේ දූෂණයට ලක්වූ බව කියන තරුණියගේ ඡායාරූපයක් බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපයක් පිළිබඳ අප විමසා බැලීමක් සිදු කළා.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අතවරේකට ලක්වෙද්දි සතුටින් ඉන්නවා දැකපු එකම කෙල්ල හැබැයි” යනුවෙන් සඳහන් කරමින් ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක තරුණියක් සමග සිටින ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.

    මෙමගින් අදහස් කර තිබුණේ, ඔස්ට්‍රේලියාවේදී දනුෂ්ක ගුණතිලකට එරෙහිව නඩු පැවරූ තරුණිය ඇය බවයි. 

    Facebook | Archived Link

    මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව හුවමාරු වී තිබුණේ මේ අයුරින්.

    එමෙන්ම මෙම සටහන් සඳහා දක්වා ප්‍රතිචාර වලින් ද, පෙනී ගියේ එම සිදුවීමට අදාළ තරුණියගේ ඡායාරූපය මෙලෙස පළ කළ ඇති බවයි.

    Fact Check (කරුණු විමර්ශනය කිරීම):

    29 වියැති ඕස්ට්‍රේලියානු ජාතික තරුණියක් විසින් තමා වෙත ලිංගික අතරයක් සිදුකිරීම සම්බන්ධයෙන් ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක වෙත එල්ල කරන ලද චෝදනා මත දනුෂ්ක එරට දී අත්අඩංගුවට ගත් අතර මෙතෙක් ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වූ බැවින් බන්ධනාගාරගත කොට තිබෙනවා.

    කෙසේ වෙතත් සිදුවීමට සම්බන්ධ තරුණියගේ අනනන්‍යතාව හෝ ඡායාරූප ඔස්ට්‍රේලියානු මාධ්‍ය වෙතින් හෝ වෙනත් ජාත්‍යන්තර මාධ්‍යයකින් මුදා හැර ඇත්දැයි යන්න පිළිබඳ අප ප්‍රථමයෙන්ම නිරීක්ෂණය කළා. නමුත් ඇයගේ අනන්‍යතාව හෙළි වන පරිදි කිසිදු ඡායාරූපයක් මාධ්‍ය වෙත මුදා හැර නොතිබූ බවට අපට ප්‍රත්‍යක්ෂ වුණා.

    ඕස්ට්‍රේලියානු මාධ්‍ය ද වාර්තා කරන්නේ මෙතෙක් ඇයගේ අනන්‍යතාව හෙළි කර නොමැති බවයි. ඒ ඇතුළු මෙම සිදුවීම් පිළිබඳ කාන්තාව නගා ඇති චෝදනා ඇතුළු විස්තර පිළිබඳ වාර්තාවක් මෙතනින්. 

    එසේම තමාට එරෙහිව එල්ල කොට ඇති සියලු ලිංගික අතවර චෝදනා සම්බන්ධයෙන් දනුෂ්ක නිර්දෝෂීභාවය පවත්වාගෙන යන බව වාර්තා වන අතර, එම නඩුවේ දැනට සිදුවීම් සහ ඉදිරියේ දී ඇතිවිය හැකි සිදුවීම් පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති අංශයේ හිටපු සභාපති අදහස් දක්වා තිබුණේ මෙලෙසින්.

    මීට වසරකටත් පෙර සිට හුවමාරු වන ඡායාරුපයක්!

    කෙසේ වෙතත් ඉහත ඡායාරූපය පිළිබඳ අප කළ නිරීක්ෂණයේදී අනාවරණය වූයේ මෙම ඡායාරූප 2021 වර්ෂයේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලක කාන්තාවක් සමඟ පෙනී සිටින ඡායාරූපයක් බවයි. නමුත් මෙහි මුල් ඡායාරුපය අපට මෙතෙක් සොයා ගැනීමට ලැබුනේ නැහැ.

    Facebook | Archived Link

    නමුත් දනුෂ්කට එරෙහිව ඕස්ට්‍රේලියාවේ දී  දැන් චෝදනා නගා ඇති කාන්තාව ඔහුව කලින් හඳුනාගෙන තිබූ කාන්තාවක් නොවන අතර, මීට දින කිහිපයකට පෙර Tinder ඔස්සේ හඳුනාගෙන විස්තර හුවමාරු කර ගෙන WhatsApp හරහා ද වාර කිහිපයක් ඇමතුම් ලබාගැනීමෙන් පසුව හමුවී ඇති බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් මෙතනින්.

    එසේම මෙය පැරණි ඡායාරූපයක් බවත් මෙවැනි අවස්ථාවක දී මේ ආකාරයේ ඡායාරූප පළකිරීම හෙළා දකිමින් ද බොහෝ දෙනෙකු අදහස් පළකර තිබුණේ මෙලෙසින්.

    මේ අයුරින් පැරණි ඡායාරූපයක් යොදාගෙන එහි සිටින්නේ පසුගිය දා දනුෂ්කට චෝදනා එල්ල්කළ ඕස්ට්‍රේලියානු කාන්තාව බවට බොහෝ දෙනෙකු උපකල්පනය කර තිබූ බැවින්  ඒ ඔස්සේ බොහෝ දෙනෙක් නොමග යෑමට ලක්ව තිබේ.

    දනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් මේ දිනවල බොහෝ ව්‍යාජ සහ උපහාසාත්මක කෝණයෙන් පළවූ සටහන් රැසක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරනවා. ඒ පිළිබඳ අප සිදුකළ කරුණු පැහැදිලි කිරීමක් පහතින්

    Also Read : දනුෂ්ක ගුණතිලකට මැක්ස්වෙල්ගෙන් සහය? 

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ඔස්ට්‍රේලියාවේදී දනුෂ්ක ගුණතිලකට එරෙහිව නඩු පැවරූ තරුණිය බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය මෙම සිදුවීමට පෙර සිටම පසුගිය වසර වලදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයකි. කෙසේ වෙතත් සිදුවීමට සම්බන්ධ තරුණියගේ අනනන්‍යතාව හෝ ඡායාරූප ඔස්ට්‍රේලියානු මාධ්‍ය වෙතින් හෝ වෙනත් ජාත්‍යන්තර මාධ්‍යයකින් හෝ මුදා හැර නොතිබුණි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    FCT

    Fact Crescendo Team

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2022-11-10

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.