Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පෙර දිනයේ ලබා ගත් ඡායාරූපයක් ද?

    2022-01-06
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ විටින් විට තීන්දු තීරණ වෙනස් වීම් මෙන්ම හිටි හැටියේ තනතුරු වලට අනුයුක්ත කරනු ලබන අවස්ථා වාගේම කිසිදු ඉඟියක්වත් නොදක්වා තනතුරු වලින් පහ කරන තීරණ ද දැක ගන්නට ලැබෙනවා. පසුගියදා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය ධුරයෙන් ඉව

    ශ්‍රී ලංකාවේ දේශපාලන කරළියේ විටින් විට තීන්දු තීරණ වෙනස් වීම් මෙන්ම හිටි හැටියේ තනතුරු වලට අනුයුක්ත කරනු ලබන අවස්ථා වාගේම කිසිදු ඉඟියක්වත් නොදක්වා තනතුරු වලින් පහ කරන තීරණ ද දැක ගන්නට ලැබෙනවා. පසුගියදා රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය ධුරයෙන් ඉවත් කිරීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ ඒ අළලා සටහන් රැසක් පළවී තිබු අතර නොමග යවන සුළු අසත්‍ය සටහන් ද සංසරණය වුණා. මේ එවන් ඡායාරූප සටහනක් සම්බන්ධයෙන් අප කළ විමසුමයි.

    සමාජ මාධ්‍ය සටහන් :

    සුසිල් ප්‍රේමජයන්ත මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පසුගිය 04 වන දා ඉවත් කිරීමට සමගාමීව ඡායාරූප සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූවා.

    “අයින් කරන්න දවසකට කලින්” ලබාගන්නා ලද ඡායාරුපයක් බව සඳහන් කරමින් සමාජ මාධ්‍ය වෙත එක් කළ එම ඡායාරූපයේ සිටින්නේ, සුසිල් ප්‍රේමජයන්ත, ගාමිණි ලොකුගේ, බැසිල් රාජපක්ෂ සහ නිමල් ලංසා යන දේශාපාලනඥයින් පිරිසකි.

    Facebook | Archived Link

    එමෙන්ම මෙම ඡායාරූප සටහන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

    සුසිල් ප්‍රේමජයන්ත මහතා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල සහ දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් පසුගිය 04 වන දා ඉවත් කළ බවට ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කළේ අයුරු මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    තමන් රාජ්‍ය ඇමති ධූරයෙන් ඉවත් කර ඇති බව දැන ගත්තේ මාධ්‍ය මගින් බව ධූරයෙන් ඉවත් කෙරුණු සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසූ අයුරු සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ සුසිල් ප්‍රේමජයන්ත මහතා මාධ්‍ය මගින් කළ ප්‍රශ්න හමුවේ පවසා සිටියේ, මෙලෙස ඉවත් කිරීම සම්බධයෙන් කිසිදු හේතුවක් දැනුම් නොදුන් බවයි.

    මෙලෙස සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉවත් කිරීමට හේතුව ලෙස සහ ඉවත් කිරීමට පෙර දින ලෙස, සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා දුන් ඡායාරූපය සම්බන්ධයෙන් අප වැඩි දුරටත් විමර්ශන කළ අතර එම ඡායාරූපය 2019 වර්ෂයේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් බව නිරීක්ෂණය වුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    ඉහත ඡායාරූපයේ මුල් ඡායාරුපය ලබා ගත්තතේ කවදාද යන්න නිශ්චිතව පැවසිය නොහැකි මුත් 2019 වර්ෂයේ සිට මෙම ඡායාරූපය ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබෙන බව පැහැදිලිය. එලෙස සංසරණය වූ එම ඡායාරූප සටහන රැගත් සටහන් ‍මෙතනින්, සහ මෙතනින්.

    අප මේ සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ මාධ්‍ය අංශය මගින් විමසීමක් කළ අතර ඔහු සඳහන් කළේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඉහත ඡායාරූපය බොහෝ ඉහතකදී ගත් ඡායාරූපයක් බවත් අමාත්‍ය වරයා ඉවත් කිරීමට පෙර දිනයේදී ලබා ගත් ඡායාරූපයක් නොවන බවයි.

    එමෙන්ම අප ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ මාධ්‍ය ලේකම්වරයාගෙන්ද මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඔහු පැවසුවේ, බොහෝ ඉහත අවස්ථාවක ලබා ගත් ඡායාරූපයක් මෙලෙස අවභාවිතා කර ඇති බවයි. එමෙන්ම පසුගිය 04 වන දා තරු පහේ හෝටලයකදී හමුව සම්බන්ධයෙන් විමසීමේදී ද ඔහු සඳහන් කළේ, එම තොරතුරු අසත්‍ය බවයි.

    මේ අතර රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පසුගිය 04 වන දා රාත්‍රියේ කොළඹ රමාඩා හෝටලයේදී සුසිල් ප්‍රේමජයන්ත මහතාට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදී ඇති බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කළ බවත්, ඇතැම් වෙබ් අඩවි වාර්තා විසින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සාගෙන් කරුණු විමසීමේදී රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ තමන් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් ප්‍රනාන්දු සමඟ රාත්‍රී ආහාරය ගැනීමට රමඩා හෝටලයට යන විට සුසිල් ප්‍රේමජයන්ත මහතා හෝටලයේ සිටි බවත්ය. මේ බවට ප්‍රධාන මාධ්‍ය වෙබ් අඩවිද වාර්තා කර තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්. Archived Link | Archived Link

    සැ.යු : රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පසුගිය 04 වන දා රාත්‍රියේ කොළඹ රමාඩා හෝටලයේදී සුසිල් ප්‍රේමජයන්ත මහතාට රාත්‍රී භෝජන සංග්‍රහයක් ලබාදුන් බව හෝ නොදුන් බව අපට පෞද්ගලිකව සත්‍යාපනය කළ හැකි කරුණක් නොවන අතර අප මෙමගින් කරුණු පරීක්ෂාව කර ඇත්තේ සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පෙර දිනයේ ලබා ගත් ඡායාරූපය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය සම්බන්ධයෙන් පමණි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනය අනුව පෙන්වා දිය හැක්කේ සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට පෙර දිනයේ ලබා ගත් ඡායාරූපය ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූපය 2019 වර්ෂයේ සිට ෆේස්බුක් ඔස්සේ සංසරණය වූ ඡායාරූපයක් බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-01-06

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.