Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: X – Press Pearl නෞකාව හේතුන් මත්ස්‍ය සම්පතට ඇතිවූ හානිය පෙන්වන දසුන් පෙළක්?

    2021-05-31
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය දින කිහිපය පුරා MV X – Press Pearl නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක් වීමත් සමග එම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය සාගර ජලයට එකතුවීම හේතුකොට ගෙන සිදුවූ දැවැන්ත සමුද්‍රීය පරිසරය දූෂණය පිළිබඳ සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී ති

    පසුගිය දින කිහිපය පුරා MV X – Press Pearl නෞකාව මෙරට මුහුදු සීමාවේදී ගිනිගැනීමට ලක් වීමත් සමග එම නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ රසායනික ද්‍රව්‍ය සාගර ජලයට එකතුවීම හේතුකොට ගෙන සිදුවූ දැවැන්ත සමුද්‍රීය පරිසරය දූෂණය පිළිබඳ සමාජයේ විශාල කතිකාවතක් නිර්මාණය වී තිබුණා. එම ව්‍යසනය නිසා මත්ස්‍ය සම්පතට ඇතිවී තිබූ හානිය පිලිබඳව ද මාධ්‍ය වාර්තා කර තිබුණා.

    එවන් පසුබිමක මෙම ව්‍යසනය හේතුවෙන් සිදුව තිබූ මත්ස්‍ය විනාශය පෙන්වීමට ඡායාරුප මෙන්ම වීඩියෝ කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වී තිබුණා. එවැනි සටහන් කිහිපයක් පිළිබඳ අපගේ විමර්ශනයක් පහතින්.

    සමාජ මාධ්‍ය සටහන්:

    දිනිති රාජපක්ෂ නම් අයෙකු විසින් පළකර තිබු ෆේස්බුක් සටහනකින් දක්වා තිබුනේ “ධනපති පාලක හොර කල්ලියේ ශාපයෙන් වැනසෙන, ශාපලත් දිවයින …” යනුවෙනි.

    Facebook | Archived   Facebook | Archived

    එම ඡායාරුපය සහිත සටහන් තවත් කිහිප දෙනෙකුම විසින් හුවමාරු කරගෙන තිබුණා. කෙසේනමුත් මෙය ලංකාවේ ඡායාරුපයක් නොවන බවත් අවශ්‍ය පණිවුඩය සමාජගත කිරීමට මෙවැනි ඡායාරුප භාවිත කිරීමෙන් වළකින ලෙසත් කිහිප දෙනෙක් ම මෙම සටහනට ප්‍රතිචාර ද ලබා දී තිබුණා. එවැනි ප්‍රතිචාර කිහිපයක් පහතින්.

    මෙම තේමාවෙන් ම වීඩියෝවක් ද මීට පෙර WhatsApp ඔස්සේ හුවමාරු වී තිබෙනු ද අපට දැක ගන්නට ලැබුණා.

    තවද උපහාසාත්මක කෝණයකින් ද අවසන් හුස්ම හෙලන මීගමුව මුහුදු තීරය යනාදී තේමාවෙන් පහත පැරිදි ඡායාරුප සටහන් පෙළක් ද හුවමාරු වී තිබුණා.

    Facebook | Archived Facebook | Archived

    මෙම වීඩියෝව සහ ඉහත ඡායරූප සටහන් මඟින් ද අදහස් කර තිබුනේ මෙම දර්ශන X – Press Pearl නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම හේතුවෙන් සිදුවූ මත්ස්‍ය විනාශයේ කොටසක් බවයි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

    ඉහත මාළු රැසක් විලක ඉවුරේ මියගොස් ඇති අයුරු දැක්වෙන ඡායාරුපය Reverse Image සෙවුමක් හරහා පරීක්ෂා කිරීමේදී මෙය බොහෝ දෙනෙක් විසින් වසර ගණනාවක් ඔස්සේ භාවිතා කර තිබු ඡායාරුපයක් බව පෙනී ගියා.

    එහි මුල් ඡායාරුපය පිළිබඳ සිදුකළ පරීක්ෂාවේ දී ඇමරිකාවේ මිචිගන් හි  රොස් උද්‍යානය ආශිතව “මොනා” නම් විලේ ඉවුරේ 2008 වසරේ දී මෙසේ  මසුන් රැසක් මියගොස් තිබු අයුරු Gerald Simmons නැමැත්තෙකු විසින් Flicker ඡායාරුප එකතුව වෙත උඩුගත කර තිබුණා. එම ඡායාරුපය පහතින්.

    Flicker 

    එසේම ඉහත මසුන් වෙරළේ දඟලන දසුන් සහිත වීඩියෝවේ මුල් වීඩියෝව ලබාගැනීමට හැකිවුණේ නැති වුවද එය පැරණි වීඩියෝවක් බව අපට දැක ගන්නට ලැබුණා. 2020 අප්‍රේල් මස එම වීඩියෝව ෆේස්බුක් වෙත පළකර තිබු අවස්ථාවක් පහතින්.

    https://www.facebook.com/2021788514616198/videos/3140978922580086?__cft__[0]=AZUs_THH0cbrYPRNDck0DE3wfmgJNgxZtE8Jhx-SGlk_8Q05CNy8SCpGl5eppJ4ftxoC8W8K0XIWgQSARRBXc5kjrTZ_43_Bw5EcBq37tt1_rfOSzkOAeaDhKVvZNYtrQSiE0sDN5g_Pw2TtYepP7CPU

    ට්විටර් ඔස්සේ ද එම වීඩියෝව 2020 හුවමාරු වී තිබු අවස්ථාවක් මෙතනින්.

    X – Press Pearl නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම හේතුවෙන් ලංකාවේ සංවේදී සමුද්‍රීය පාරිසරික සම්පතට ඇතිවූ අති දැවැන්ත බලපෑම පිළිබඳ පරිසරවේදිනී ආචාර්ය අජන්තා රණසිංහ දැක්වූ අදහස් මෙතනින්.  මෙම ව්‍යසනය හේතුවෙන් පරිසර පද්ධතිය යතා තත්ත්වයට පත්වීමට වසර ගණනාවක් ගත වන බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනි නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය පැවසුවේ මෙලෙසින්. 

    උපහාසාත්මක කෝණයකින් ද අවසන් හුස්ම හෙලන මීගමුව මුහුදු තීරය යනාදී තේමාවෙන් හුවමාරු වී තිබු එක් ඡායාරුපයක් ඇමරිකාවේ Texas ප්‍රදේශයේ 2011 වසරේ වීඩියෝවක (තත්පර 23) මෙසේ පලවී තිබුණි. එසේම එහි අනෙක් ඡායාරුපය ස්පාඤ්ඤයේ කලපුව මසුන් මිය ගොස් තිබු ආකාරයක් බව ස්පාඤ්ඤ බසින් පළවූ මීට වසර කිහිපයකට පෙර පළවූ වාර්තා දක්වා තිබුනේ මෙලෙසින්

    *මෙම ලිපියේ කොටස් කිහිපයක් පසුව එකතු කරන ලදි

    Conclusion (අවසාන නිගමනය)

    මේ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් පෙනී යන්නේ X – Press Pearl නෞකාවේ රසායනික ද්‍රව්‍ය කාන්දු වීම හේතුවෙන් මසුන් ඇතුළු ලංකාවේ සංවේදී සමුද්‍රීය පාරිසරික සම්පතට ඇති දැවැන්ත බලපෑමක් ඇති වී තිබු බවයි.

    කෙසේනමුත් X – Press Pearl නෞකාවේ ව්‍යසනය හේතුවෙන් මසුන් ඇතුළු ලංකාවේ සංවේදී සමුද්‍රීය පාරිසරික සම්පතට ඇති දැවැන්ත බලපෑම දැක්වීම පෙන්වීමට ඉහත සටහන් භාවිතා කර තිබුනේ පැරණි ඡායාරුප සහ වීඩියෝ දර්ශන පෙළක් ලෙසට පෙන්වා දිය හැක.

    Title:X – Press Pearl නෞකාව හේතුන් මත්ස්‍ය සම්පතට ඇතිවූ හානිය පෙන්වන දසුන් පෙළක්?

    Fact Check By: Sahan Perera 

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SP

    Sahan Perera

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-05-31

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.