Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    සුප්‍රකට Lord’s ක්‍රීඩාංගනයේ හිම වැටී ඇති අයුරු බව පෙන්වීමට යොදාගෙන ඇත්තේ පැරණි ඡායාරූප පෙළක්!

    2024-12-05
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

      දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න. බොහෝ වසරවල දෙසැම්බර් – ජනවාරි මාසවල හිම පතනය සිදුවන එක්සත් රාජධානියේ මෙවර විශාල හිම පතනයක් සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් ලෝක ප්‍රසිද්ධ Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගනය හිමෙන් වැසි ගොස් ඇති වර්ත

    දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයටමෙතනින් එකතුවන්න.

    බොහෝ වසරවල දෙසැම්බර් – ජනවාරි මාසවල හිම පතනය සිදුවන එක්සත් රාජධානියේ මෙවර විශාල හිම පතනයක් සිදුව ඇති බවත්, ඒ හේතුවෙන් ලෝක ප්‍රසිද්ධ Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගනය හිමෙන් වැසි ගොස් ඇති වර්තමාන තත්ත්වයක් ලෙසටත් දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වුණා. මේ ඒ පිළිබඳ අප සිදු කළ කරුණු පරීක්ෂාවක්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “නත්තලට සැරසෙන ක්‍රිකට් මහ ගෙදර… ❤️❄🥶 Snow at Lord’s Cricket Ground ❄️” යනුවෙන් සඳහන් කරමින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ ඡායාරූප සටහනක් සංසරණය වූයේ මේ දවස් වල එක්සත් රාජධානියේ Lord’s ක්‍රිකට් පිට්ටනිය හිම වලින් වැසී ඇති බවට හඟවමින්.

    Facebook | Archived Link

    එමෙන් ම ඉංග්‍රීසි මාධ්‍යයෙන් ද, සටහන් මේ සම්බන්ධයෙන් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook

    Instagram ඔස්සේ ද, මෙම ඡායාරූප සටහන මේ දවස්වල ඡායාරූපයක් බවට පළ වී තිබුණේ මේ අයුරින්.

    Instagram

    X ඔස්සේ ද, මෙම සටහන පළ වී තිබුණේ මේ අයුරින්.

    මේ පිළිබඳව පරීක්ෂා කිරීමට අප පියවර ගත්තේ මේ අයුරින්.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප ප්‍රථමයෙන් ම පරීක්ෂා කළේ, මේ දිනවල එක්සත් රාජධානියේ Lord’s ක්‍රීඩා පිටිය පිහිටි St John’s Wood Rd, London NW8 8QN ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය කෙලෙසද යන්නයි.

    Accuweather හි අද (දෙසැම්බර් 5) කාලගුණ වාර්තාවට අනුව, වළාකුළු සහිත තත්ත්වයක් පෙන්නුම් කරනු ලබයි. සාමාන්‍යයෙන් වාතයේ උෂ්ණත්වය 0°C (32°F) හෝ ඊට අඩු වූ විට හිම හට ගනු ලබන අතර මෙහි වාතයේ උෂ්ණත්වය 13°Cක් ලෙස පෙන්නුම් කරන අතර ඒ අනුව හිම වැටෙන කාලගුණ තත්ත්වයක් නොවන බව පැහැදිලි වේ.

    අද(12) සම්පූර්ණ කාලගුණ වාර්තාව මෙතනින්. BBC Weather metoffice.gov.uk

    මේ හේතුවෙන් එක්සත් රාජධානියේ පිහිටි Lord’s ක්‍රීඩාංගණයේ ඉහත ඡායාරූපය අප Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. එහිදී දැක ගන්නට ලැබුණේ, එම ඡායාරූප 2024ට පෙර වසර වලදී ලබා ගත් ඡායාරූප බවයි.

    1991 වසරේ පෙබරවාරි මස දී ලබා ගත් ඡායාරූපයක්

    Gettyimages

    2003 වසරේ ජනවාරි මස ලබා ගත් ඡායාරූපයක්

    Gettyimages

    2003 වසරේ ජනවාරි ලබා ගත් ඡායාරූපයක්

    Gettyimages

    එමෙන් ම අප එක්සත් රාජධානයේ, ලන්ඩන් හි Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගනය ආසන්නයේ වෙසෙන ශ්‍රී ලාංකකි පවුල් කිහිපයකින් ද, විමසීමක් කළ අතර ඔවුන් තහවුරු කළේ අතර මීට සති දෙකකට පෙර හිම පතිත වීම අවසන් වූ බව ත්, මේ දිනනල හිම පතනය සිදු වන බව ත් ය. නමුත් දෙසැම්බර් මැද වන විට නැවත හිම පතනය සිදුවීම ආරම්භ වනු ඇති බව ට අපෙක්ෂා කරන බව ත් ඔවුන් පැවසීය.

    එමෙන් ම ලන්ඩන් හි Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඊයේ(4) දින ලබා ගත් ඡායාරූප සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් පළ කර තිබූ අතර අප කළ විමසීමේදී ඔවුන් තහවුරු කළේ,  Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඉහත ඡායාරූප වල දැක්වෙන අයුරින් හිම පතනය වී නොමැති බව ත්, මේ වනවිට සාමාන්‍ය ආකාරයේ කාලගුණයක් පවතින බවයි.

    Facebook | Archived Link

    පසුගිය 2වන දා පළ කර තිබූ  Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ඡායාරූප ඇතුළත් තව ත් සටහනක් පහතින්.

    Facebook | Archived Link

    හිමපතනයකින් තොරව ඉතාම ත් පැහැදිලි තිබූ එම ක්‍රීඩාංගන පිටියේ වීඩියෝවක් පහතින්.

    තවත් වීඩියෝවක් මෙතනින්.

    Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මාධ්‍ය කළමනාකරු

    අප මේ සම්බන්ධයෙන්, Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගනයේ මාධ්‍ය කළමනාකරු Adam Matthews ගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ, මෙය පැරණි ඡායාරූප බවය ත්, වර්තමාන ඡායාරූපය නොවන බව ත්ය. 

    පැවිලියන් එක අසල ඇති වෝනර් ස්ටෑන්ඩ් 2017 දී නැවත ගොඩනඟන ලද බැවින්, අප ඉහත දැක්වූ පරිදි පළමු ඡායාරුපය අවම වශයෙන් අවුරුදු අටක් පැරණි බවයි ඔහු වැඩි දුරටත් පැවසුවේ.

    ඒ අනුව පැහැදිලි වන්නේ, ලන්ඩන් හි පිහිටි Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගනයේ වර්තමාන තත්ත්වය යනුවෙන් පෙන්වා දී ඇත්තේ එම ස්ථානයේ මීට ඉහත වසරවලදී හිම පතනය සිදු වී ඇති ආකාරයයි.

    කෙසේ වෙතත් මේ දිනවල හිම පතනය වීමක් සිදු වී නොමැති බව ත් ඔහු අපට තහවුරු කළා.

    අපගේ කරුණු විමර්ෂණ පිලිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News | TikTok 

    Conclusion (අවසාන නිගමනය) :

    එක්සත් රාජධානියේ ලන්ඩන් හි පිහිටි Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හිම වැටී ඇති අයුරු බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූප මේ වසරේ ඡායාරූප අවස්ථා නොව මීට පෙර Lord’s ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ලබා ගෙන තිබූ ඡායාරූප කිහිපයකි. 

    මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැක්වෙන ඡායාරූප වල පරිදි හිම පතනය නොවෙන බව ට දැක ගන්නට ලැබෙන අතර මේ දිනවල වළාකුළු සහිත කාලගුණයක් දැක ගන්නට ලැබේ.

    Avatar

    Title:සුප්‍රකට Lord’s ක්‍රීඩාංගනයේ හිම වැටී ඇති අයුරු බව පෙන්වීමට යොදාගෙන ඇත්තේ පැරණි ඡායාරූප පෙළක්!

    Written By: Fact Crescendo Team  

    Result: Misleading

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2024-12-05

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.