Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    විරෝධතාවය යෙදෙන භූමියේ භාවිත කළ උපත් පාලන කොපු මාර්ගයේ වැටී ඇති අයුරු  ?

    2022-04-11
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    පසුගිය 09 වන දා සිට මේ දක්වා ගෝල්ෆේස් ග්‍රීන් පිටිය සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට, රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයට විරුද්ධව විරෝධතාවයක් පැවැත්වෙනවා. මෙහිදී රාත්‍රී කාලයේදී ද කඳවරු ලමින් විරෝධතාවයේ නියැලෙන විරෝධතාක

    පසුගිය 09 වන දා සිට මේ දක්වා ගෝල්ෆේස් ග්‍රීන් පිටිය සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට, රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රජයට විරුද්ධව විරෝධතාවයක් පැවැත්වෙනවා. මෙහිදී රාත්‍රී කාලයේදී ද කඳවරු ලමින් විරෝධතාවයේ නියැලෙන විරෝධතාකරුවන් සම්බන්ධයෙන් නොමග යවන සුළු ඡායාරූපයක් දක්වමින් සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වූවා. මෙම ඡායාරූපය සම්බන්ධයෙන් සත්‍ය සොයා අප කළ විමර්ශනයයි මේ.

    සමාජ මාධ්‍ය සටහන් :

    “අම්මේ තාත්තේ, ගාලු මුවදොර පිටියේ රැය ගත කරන ඔබගේ දියණිය පිළිබඳව දැඩි අවදානයෙන් සිටින්න. ඊයේ දින රාත්‍රියේ මෙම ස්ථානයෙන් උපත් පාලන කොපු සහ හිස් මත්පැන් බෝතල් රැසක් හමු වී තිබේ. අරගලයේ නාමයෙන් ඔබගේ දියණිය විනාශ වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශමෙන් සිටින්න.” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූපයක් ද, දක්වමින් සටහනක් සංසරණය වුණා.

    Facebook | Archived Link

    එම ඡායාරූප සටහවන සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙසින් බහුලව හුවමාරු වී තිබූ අයුරු පහතින්.

    මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ, සත්‍ය වශයෙන්ම එම අවස්ථාවේ ඡායාරූපයක් ද යන්න අප විමර්ශයක් සිදු කළා.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    එම ඡායාරූපය සඳහා භාවිත කර තිබූ පළමු ඡායාරූපය සත්‍ය වශයෙන්ම පසුගිය සෙනසුරාදා (09) සිට මේ වන තෙක් දිවා රෑ කොළඹ, ගෝල්ෆේස් ග්‍රීන් හි සහ ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී ජනතාව දැක්වූ විරෝධතාවේ අවස්ථාවක් බවට අපට තහවුරු වුණා. එම අවස්ථාවේ ඡායාරූප පහතින්.

    Facebook | Archived Link

    එමෙන්ම ඉහත ඡායාරූපය සඳහා යොදා ගත් ඡායාරූපය පහතින්.

    Facebook | Archived Link

    ඉහත පළමු ඡායාරූපයේ දැක්වෙන්නේ ගෝල්ෆේස් ග්‍රීන් භූමියේ කඳවුරු ලා සිටින අවස්ථාවක් බවට ප්‍රධාන මාධ්‍ය ධාරාවක් හරහා පළ වූ වීඩියෝවකින් ද තහවුරු වන්නේ මෙලෙසින්. එමෙන්ම එලෙස කඳවුරු ලා සිටින තවත් අවස්ථාවක් මෙතනින්.

    නමුත් ඉහත දකුණු පසින් දැක්වෙන ඡායාරූපයේ දැක්වෙන අයුරින් උපත් පාලන කොපු මාර්ගයේ වැටී ඇති අයුරු  අපට මේ සම්බන්ධයෙන් ඉහත ෆේස්බුක් පිටුව හරහා පළ වූ සටහනේ දැක්වෙන ඡායාරූපය හැර ගෝල්ෆේස් ග්‍රීන්හි මේ වන විටත් සිදු වන විරෝධතා බිමෙහි ඡායාරූප අතර දක්නට නොලැබුණි. එමෙන්ම ප්‍රධාන මාධ්‍ය හරහා මෙම විරෝධතාවය පිළිබඳ වාර්තා කරණයේදී හෝ මෙවන් ඡායාරූපයක් දක්නට නොලැබුණි.

    ඒ හෙයින් අප එම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. ඒ අනුව ඒ ඡායාරූපයේ දැක්වෙන්නේ, 2021 වසරේ සැප්තැම්බර් මසදී ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ Tumkurහි ජාතික මහාමාර්ගය පුරා කිලෝමීටර් ගණනක් උපත් පාලන කොපු වැටී ඇති අයුරුයි.

    Newsnext | Archived Link

    ජාතික මහාමාර්ග 48 හි Kathsandra-Batawadi මාර්ගය අතර මාර්ගය දෙපස කොන්ඩම් වැටී ඇති අවස්ථාව සම්බන්ධයෙන් පළ වී තිබූ ට්විටර් වීඩියෝවක් පහතින්.

    https://twitter.com/VishwavaniNews/status/1435511419261243393

    මේ සම්බන්ධයෙන් තවත් වීඩියෝවක් මෙතනින්.

    මීට හේතුවී ඇති බවට එරට මාධ්‍ය පෙන්වා දෙන්නේ උපත් පාලන කොපු නිෂ්පාදනය කරන ආයතනයක් විසින් ඒවා ප්‍රවාහනය කිරීමේදී වැටී ඇති බවයි.

    ඒ අනුව එම ඡායාරූපය යොදාගෙන මෙරට ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන විරෝධතාවයේදී එලෙස උපත් පාලන කොපු වැටී ඇති බවට හැඟවීමට උත්සහ දරා තිබුණු බවට පෙන්වා දිය හැක.

    කෙසේ වෙතත් මෙරට ජනාධිපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන  විරෝධතා භූමියේදී කුණු කසළ බහාලුමක් අසල උපත් පාලන කොපුවක් දැක්වෙන වීඩියෝවක් ද මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවති අතර මෙය හිතාමතා ජනතාව නොමග යැවීම අරමුණු කොට ගෙන වීඩියෝ කිරීම සඳහා මෙම ස්ථානයට ගෙන එන ලද්දක් බව හෝ එම අවස්ථාවට සහභාගිවූ කෙනෙක් එම අවස්ථාවේදී භාවිත කළ උපත් පාලන කොපුවක් ද යන්න පිළිබඳ අපට ස්වාධීනව සත්‍යාපනය කළහැකි කරුණක් නොවෙයි.

    විරෝධතාව දැක්වෙන මෙම භූමියේ එළිමහන් ප්‍රදේශයක් වන අතර විශාල වශයෙන් පොලිස් නිලධාරීන් සහ හමුදා සමාජිකයන් රැස්ව සිටින බව දක්නට ලැබෙන අතර මාධ්‍ය ආවරණයන්ද නිරන්තරයෙන් සිදුවන ස්ථානයකි.

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ජනාධිපති කාර්යාලය ඉදිරිපිට සිදුවන විරෝධතාවය යෙදෙන භූමියේ භාවිත කළ උපත් පාලන කොපු මාර්ගයේ වැටී ඇති අයුරු  බවට පෙන්වීම සඳහා යොදා ගෙන තිබුණේ, 2021 වසරේ ඉන්දියාවේ ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තයේ Tumkurහි ජාතික මහාමාර්ගය පුරා කිලෝමීටර් ගණනක් උපත් පාලන කොපු ප්‍රවාහනය කිරීමේදී වැටී ඇති අයුරුයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-04-11

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.