Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    FACT CHECK: මෑතකදී සිදු වූ පැළ ලක්ෂයක රුක් රෝපණයක්ද?

    2021-04-02
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    රක්ෂිත වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් ජනතාව මේ දිනවල දැඩි අවධානය යොමු කර තිබෙනවා අපට දැකගන්නට පුළුවන්. බොහෝ පිරිස් වත්මන් රජයට මේ සම්බන්ධයෙන් චෝදනා කරද්දි ඇතමුන් වන විනාශයන් සම්බන්ධ අසත්‍ය ඡායාරූප, සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබෙනු දැක ගන්නට ලැබුණා.

    රක්ෂිත වනාන්තර හෙළි කිරීම සම්බන්ධයෙන් ජනතාව මේ දිනවල දැඩි අවධානය යොමු කර තිබෙනවා අපට දැකගන්නට පුළුවන්. බොහෝ පිරිස් වත්මන් රජයට මේ සම්බන්ධයෙන් චෝදනා කරද්දි ඇතමුන් වන විනාශයන් සම්බන්ධ අසත්‍ය ඡායාරූප, සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබෙනු දැක ගන්නට ලැබුණා. ඒ සම්බන්ධයේන අප කළ කරුණු අනාවරණ මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    තවත් පිරිසක් වත්මන් රජයට එල්ල වන චෝදනා අවම කිරීමට උත්සහ දැරීම තුළින් ජනතාව නොමග යැවීමට කටයුතු කර ඇති බව අපගේ නිරීක්ෂණයට හසු වුණා. මේ ඒ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයකි.

    සමාජ මාධ්‍ය සටහන් :

    Sarath Kumara Perera නමැති අයෙක් සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ, 

    “ සර්ගේ විධානයෙන්

    හමුදාව එක් දිනක් තුල ගස් ලක්ෂයක් සිටුවයි..

    වනය රැකබලා ගැනීමේ වගකීමත් හමුදාවට..”

    එම සටහන පහතින්.

    Facebook | Archived Link

    මෙම සිදුවීම මෑතක දී කුමන ප්‍රදේශයක් සිදුවීමක් ද යන්න පිළිබඳව ද යන්න බොහෝ දෙනා විමසීම් සහ මත ප්‍රකාශ කර තිබුණා.

    ෆේස්බුක් ඔස්සේ එම තේමාවෙන් ම හුවමාරු වූ තවත් සටහන් පහතින්

    බැලූ බැල්මට හැඟවෙන්නේ මෙම ඡායාරූප වන සංහාරය පිළිබඳ මේ දිනවල උණුසුම් කතිකාවතක් නිර්මාණය වීමෙන් පසුව සිදුකළ රුක් රෝපණ වැඩසටහනක් ලෙසයි.

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    අප මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණේ ඉහත සඳහන් ඡායාරූප පසුගිය වසරේ නොවැම්බර් මසදී සිදු කෙරුණු ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව පැළ ලක්‍ෂයක් රෝපණය කළ වැඩසටහනේ ඡායාරූප බවයි. 

    “දිවයින පුරා වනාන්තර ආවරණය වැඩි කිරීම සහ පරිසරය අලංකාර කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයට අනුව දියත් කරනු ලබන ‘තුරු මිතුරු නව රටක්’ ව්‍යාපෘතියට සමගාමීව නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් නැගෙනහිර පළාත ආවරණය වන පරිදි ඉතා දූර්ලභ ගනයේ පැළ ලක්‍ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් පැවැත්විණි. මේ සඳහා 22, 23 සහ 24 යන සේනාංකයන්හී සේවයේ නියුතු භටපිරිස් 800-900 පමණ පිරිසක් සහභාගී වී ඇති බව”ද එම වාර්තාවේ සඳහන් වුණා. 

    2020 නොවැම්බර් මස පළවූ එම වාර්තාව පහතින් දක්වා තිබේ.

     Sri Lanka Army | Archived Link

    මෙම වාර්තාව මාධ්‍ය රැසක් ද වාර්තා කර තිබු අතර මේ සම්බන්ධයෙන් යුධ හමුදා මාධ්‍ය අංශයෙන් සිදුකළ විමසීමකදී පවසා සිටියේ එම කාලයක් තිස්සේ සිදුවෙමින් පවතින එම ව්‍යාපෘතියට සමගාමීව වැඩසටහන් බොහෝ මාසවල සිදුවන බවත්ය.

    මාර් තු මස “තුරු මිතුරු නව රටක්” ව්‍යාපෘතියේ මෙසේ සිදුවූ වැඩසටහන් දෙකක් පිලිබඳ විස්තර පහතින්.

    Facebook 1 | Facebook 2

    මේ කිසිඳු මෑතක සිදුවූ ව්‍යාපෘති වල පැළ ලක්ෂයක් පිලිබඳ සඳහන් වන්නේ නැහැ

    “තුරු මිතුරු නව රටක්” ව්‍යාපෘති වල ඡායාරුප යොදාගෙන මීට පෙරද නොමඟ යවන සුළු සටහන් හුවමාරු වූ අතර මේ අප ඒ සම්බන්ධයෙන් සිදුකළ කරුණු විමර්ශනයක්

    Conclusion (අවසාන නිගමනය) :

    මේ අනුව අපගේ විමර්ශනයෙන් පෙනී යන්නේ ඉහත සඳහන් සටහන හුදෙක් මේ වනවිට පරිසර විනාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ රජයට එල්ලවන විරෝධය හේතුකොට ගෙන ජනතාව නොමග යැවීමේ අරමුණින් 2020 නොවැම්බර් මස යුධ හමුදාව විසින් සිදුකළ රුක් රෝපණයක්, ජනාධිපති උපදෙසින් මෑතකදී සිදු කළ බවට හැඟවීමට උත්සහ දරා ඇති බවයි.

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    SG

    Sara Gunaratne

    Fact-Checker

    Fact-checker at Fact Crescendo Sri Lanka.

    Published: 2021-04-02

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.