Fact Crescendo Logo
    සියලු කරුණු විමර්ශන වෙත
    නොමඟ යවන සුළුයි

    යුක්රේනයේ ජනාධිපතිවරයා තම රටේ සොල්දාදුවන් සමග රුසියානු ආක්‍රමණයෙන් පසුව සටන් බිමට පැමිණි අවස්ථාවක්ද?

    2022-02-26
    5 මිනිත්තු කියවීම
    බෙදාහරින්න:

    ලිපියට සවන්දෙන්න

    AI Audio Reader

    යුක්රේනයට එරෙහිව රුසියාව ආරම්භ කළ යුද්ධය මේ වනවිට ගොඩබිමින්, ගුවනින් හා මුහුදින් ක්‍රියාත්මක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා. රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ මර්මස්ථාන ඉලක්ක කරමින් දෙවැනි දිනටත් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ අතර ඇතැම් ස

    යුක්රේනයට එරෙහිව රුසියාව ආරම්භ කළ යුද්ධය මේ වනවිට ගොඩබිමින්, ගුවනින් හා මුහුදින් ක්‍රියාත්මක වන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලබනවා. රුසියානු හමුදා මේ වනවිට යුක්රේනයේ මර්මස්ථාන ඉලක්ක කරමින් දෙවැනි දිනටත් දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. මේ අතර ඇතැම් සමාජ මාධ්‍ය ඡායාරූප සටහන් පෙන්වා දෙන්නේ, යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි තම රටේ සොල්දාදුවන් සමග සටන් බිමට පැමිණි බවයි.

    මෙහි නිරවද්‍යතාවය සොයා විමර්ශනයක් කිරීමට අප පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

    සමාජ මාධ්‍ය සටහන් :

    “යුක්රේනයේ ජනාධිපතිවරයා සිය ජනාධිපති ඇඳුමෙන් ඉවත්ව තම රටේ සොල්දාදුවන් සමඟ සටන් බිමට” යනුවෙන් සඳහන් කළ සටහනක් ෆේස්බුක් ඔස්සේ දක්නට ලැබුණා.

    Facebook | Archived Link

    “රුසියානු හමුදාව කිලෝමීටර් 09කට ආසන්නයට ඇවිත් ඉඳිද්දිත්, Kyiv අගනුවරට වෙලා හමුදාව එක්ක තවමත් රැඳිලා ඉන්න යුක්‍රේන ජනාධිපති Volodymyr Zelenskyy

    මාධ්‍ය සංදර්ශන.??? අච්චර මිසයිල ගහද්දිත්.???” යනුවෙන් සඳහන් වූ තවත් සටහනක් හුවමාරු වී තිබණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    ෆේස්බුක් ඔස්සේ මෙවැනි සටහන් පරිශීලකයින් අතර සංසරණය වී තිබුණු අයුරු පහතින්.

    Update :

    “යුද්ධේ ආපු ගමන් යුක්‍රේනේ ජනාධිපති හමුදා ඇදුම ඇගට දාගෙන බෝඩරේට ගියා අපේ ලෝකල් පුටින් හමුදා ඇදුම ගලවලා ටයි කෝට් දාගෙන ඇමරිකාවට ගියා” යනුවෙන් සඳහන් වූ තවත් ඡායාරූපයක් පළ වී තිබුණේ මෙලෙසින්.

    Facebook | Archived Link

    “තම යුද සගයන් සමග එක්ව ආහාර ගන්නා යුක්‍රේන ජනාධිපතිවරයා..!” යනුවෙන් ෆේස්බුක් සටහනක්ද පළ වී තිබුණා.

    Facebook | Archived Link

    මෙම සටහන සඳහා දක්වා ඇති ප්‍රතිචාර වලින් පෙනී යන්නේ, යුක්රේනයේ යුද වාර්තාවක් පවතින් මේ දිනවල එම රටේ ජනාධිපති සොල්දාදුවන් සමග ආහාර ගන්නා බවකි. 

    Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

    නැගෙනහිර ඩොන්බාස් ප්‍රදේශයේ “විශේෂ හමුදා මෙහෙයුමක්” දියත්කර ඇති බවත් යුක්රේනය නිරායුධ කිරීම සහ එරට රජයේ නායකයන් නීතිය හමුවට ගෙන ඒම තම ඉලක්කය බවත් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්  පසුගිය 24 වන දා නිවේදනය කරනු ලැබුවා. රුසියානු රජය යුක්රේනයෙන් “හමුදාකරණය ඉවත්කර ගැනීමට ද, නාසින්ගෙන් තොර කිරීමට ද” බලාපොරොත්තු වන වග පුටින් තව දුරටත් සඳහන් කරමින් ක්‍රෙම්ලිනයේ සිට ජාතිය අමතමින් මෙලෙසින් පවසා තිබුණා.

    රුසියාව යුක්රේනය අත්පත්කර ගැනීමට සැලසුම්කර නොමැති බවත් කිසිවෙකු හෝ රුසියාවට එරෙහිව නැගී සිටීමට උත්සාහ කළහොත් රුසියානු රජයේ ප්‍රතිචාරය ක්ෂණිකව ක්‍රියාත්මක කරන බවට පුටින් අනතුරු අඟවා තිබුණා.

    නමුත් විදෙස් වාර්තා වලට අනුව යුක්රේන රජය සඳහන් කර ඇත්තේ රුසියාවේ සෙබළුන් යුක්රේනය පූර්ණ වශයෙන් ආක්‍රමණය දියත් කළ ඇති බවයි. මේ පිළිබඳව වැඩි දුර තොරතුරු සඳහන් විදෙස් මාධ්‍ය වාර්තා මෙතනින් සහ මෙතනින්.

    රුසියාව තම රට ආක්‍රමණය කිරීමට පැය කිහිපයකට පෙර, යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy ජාතිය අමතමින් සඳහන් කළේ, දෙරට අතර යුද්ධයක් ඇති වීමට පෙර එය සමතයකට පත් කිරීමට තමන් සියලු උත්සහ ගත් බවයි. නමුත් තමන්ට රුසියාවෙන් ප්‍රතිචාර නොලැබුණු බවත් ඔහු සඳහන් කළේ මෙලෙසින්.

    යුක්රේනය යුද නීතිය ප්‍රකාශයට පත් කර තිබුණු හෙයින් යුක්රේන ජනපති ද, සිය සොල්දාදුවන් සමග සටන් කිරීමට පැමිණි බවට පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ ඡායාරූපය වෙත අපගේ අවධානය යොමු කළ අතර, එවන් පුවතක් විදෙස් මාධ්‍ය මගින් වාර්තා කර නොතිබුණු බවට අප කළ විමර්ශනයේදී තහවුරු විය.

    ඒ හේතුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කිගේ එම ඡායාරූපය Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා.

    AFP ජාත්‍යන්තර පුවත් ඒජන්සිය මගින් මෙම ඡායාරූඵය සම්බන්ධයෙන් දක්වා තිබුණේ, 2021 පෙබරවාරි 11 වන දින යුක්රේන ජනාධිපති මාධ්‍යය අංශය විසින් මෙම ඡායාරූපය මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවයි. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ, යුක්රේන ජනාධිපති Volodymyr Zelensky,  Donetsk ප්‍රදේශයේ යුක්රේන හමුදාව රඳවා ඇති පෙරටුගාමී ස්ථානයන්හි සෙලෙන්ස්කි සංචාරයේ යෙදෙන ආකාරයයි.

    AFP | Archived Link

    එම අවස්ථාවේ වීඩියෝවක් මෙතනින්. මෙම ඡායාරූපය සහිත ව පළ වූ තවත් පුවත් සහ ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඇතුළත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

    එමෙන්ම ඉහත දෙවන ඡායාරූපයේ දැක්වෙන්නේ මේ වසරේ පෙබරවාරි 17 වන දා එනම් මීට දින කිහිපයකට පෙර යුක්රේන ජනාධිපති  Donetsk ප්‍රදේශයේ යුක්රේන සොල්දාදුවන් හමුවීමට ගිය අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයක් බවයි.

    BILD-Zeitung මාධ්‍ය වාර්තා කරුවෙකු සිය Twitter ගිණුමේ මෙම හමුව සම්බන්ධයෙන් පළ කළ ඡායාරූප අතර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ දෙවන ඡායාරූපය ද දැකගන්නට ලැබිණි.

    Archived Link

    Link 

    එම ඡායාරූපයේ පසුබිම දැක්වෙන සහ යුක්රේන ජනාධිපති සිටින එම අවස්ථාවෙම වෙනත් කෝණයෙන් පළ වූ ඡායාරූපයක් පහතින්.

    AFP Forum | Archived Link

    ඒ අනුව මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් යුක්රේනයේ ප්‍රහාර දියත් කිරීමට පෙර ලබා ගත් යුක්රේන ජනාධිපතිගේ ඡායාරූපයක් බවයි. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින් සහ මෙතනින්.

    රුසියානු ආක්‍රමණයට එරෙහිව තම ජනතාව පෙළගැස්වීම සඳහා යුක්රේන ජනාධිපති කියෙව්හි වීදි බැස තිබෙනවා.

    ඊයේ(25) සවස පළ කරන ලද වීඩියෝවක Volodymyr Zelensky සඳහන් කර තිබුණේ, “අපි හැමෝම මෙහි සිටිමු. අපේ හමුදාව මෙතන ඉන්නවා. සමාජයේ පුරවැසියන් මෙහි සිටිති. අපි සියල්ලෝම මෙහි සිටින්නේ අපගේ ස්වාධීනත්වය, අපේ රට ආරක්ෂා කිරීම සඳහා වන අතර ඔවුන් මේ ආකාරයෙන්ම සිටින බවයි. එම වීඩියෝවේද ඔහු හමුදාව සමගින් සටන් කරන බවට දැක්වීමට ඔප්පු කළ හැකි සාදකයක් නොවීය. එම වීඩියෝව පහතින්.

    Update :

    යුක්රේනයේ ජනාධිපති Volodymyr Zelenskiy 2021 අප්‍රේල් 9 වන දින යුක්‍රේනයේ Donbass කලාපයේ රුසියානු හමුදාව සමග සංචාරයක යෙදුණු ආකාරය බව රොයිටර් වාර්තාවක පළ වූ ඡායාරූපයේ දැක්වුණේ මෙලෙසින්. එ් පිළිබඳ පුවත් වාර්තාව මෙතනින්.

    යුක්රේන ජනාධිපති Zelensky හමුදා භටයින් පිරිසක් සමගින් ආහාර ගන්නා ඡායාරූපයේ දැක්වෙන්නේ යුක්රේන ජනාධිපති විසින් රුසියාවේ යුද මෙහෙයුම් දියත් කිරීමට දවස් ගානකට පෙර 2022 පෙබරවාරි 17 වන දින යුක්රේනයේ ඩොනෙට්ස්ක් හි දේශසීමා නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ දේශසීමාවේ සිටින සෙබළුන් සමගින් ලබා ගත් ඡායාරූපයක් බවයි.

    AFP| Archived Link

    අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

    Facebook | Twitter | Instagram | Google News 

    Conclusion (අවසාන නිගමනය) :

    “යුක්රේනයේ ජනාධිපතිවරයා සිය ජනාධිපති ඇඳුමෙන් ඉවත්ව තම රටේ සොල්දාදුවන් සමඟ සටන් බිමට” යනුවෙන් සඳහන් කරමින්  සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ, පසුගිය වසර වලදී සහ රුසියාව,යුක්රේනයේ මෙහයුම් කටයුතු දියත් කිරීමට පෙර යුක්රේන ජනාධිපති Volodymyr Zelensky විසින් Donetsk ප්‍රදේශයේ සංචාරයේ යෙදෙන ආකාරයයි.

    Also Read : රුසියාවට එරෙහිව ආයුධ අතට ගත් යුක්රේන් දරුවන්ගේ ඡායාරූප පෙළක් ?

    Misleading verdict stamp

    මෙම පුවත නොමඟ යවන සුළුයි ලෙස වර්ගීකරණය කර ඇත.

    අපගේ කරුණු විමර්ශන පිළිබද තොරතුරු දැන ගැනීමට එක්වන්න

    PS

    Pavithra Sandamali

    Research Analyst

    Research analyst specializing in social media misinformation and digital forensics.

    Published: 2022-02-26

    මෙම කරුණු විමර්ශනය ප්‍රයෝජනවත්ද? අන් අය සමඟ බෙදාගන්න.