
දිනපතා සත්ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
OceanGate සමාගමට අයත් ‘ටයිටන්’ සබ්මැරීනය අනතුරට පත් වී එම යාත්රාවේ නියමුවා ලෙස කටයුතු කළ සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඇතුළු පස්දෙනෙකු ජීවිතය අහිමි වී එම ඛේදවාචකයේ උණුසුම වියැකෙන්නටත් පෙර එම සමාගම විසින් සබ්මර්සිබල් යාත්රා නියමුවෙකු සඳහා රැකියා පළ කිරීමක් සිදු කළ ඇති බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ විවේචනයට ලක් වූ සටහන් වල නිරවද්යතාව සොයා Fact Crescendo අප සිදුකළ විමර්ශනයක් පහතින්.
සමාජ මාධ්ය සටහන් :
OceanGate Expeditions එහි වෙබ් අඩවියේ ටයිටන් යාත්රා අනතුරින් පසු දියයට ගිල්වෙන (සබ්මර්සිබල්) යාත්රා නියමුවෙකු සඳහා රැකියා පළ කිරීමක් ලැයිස්තුගත කර ඇති බවට දක්වමින් සටහනක් සමාජ මාධ්ය ඔස්සේ සංසරණය වුණා.
එම සමාගම ‘ටයිටන්’ ඛේදවාචකයේ උණුසුම නිවෙන්නටත් පෙර මෙලෙසින් එම තනතුර සඳහා රැකියා පළ කිරීම සම්බන්ධයෙන් විවේචනයක් පළ කරමින් තිබ්බේ, “මොනා උණත් හද්දවසේ දානෙවත් දෙනකල් ඉන්න තිබ්බා උඹලට” යනුවෙන් සටහන් කරමින්.

එම රැකියා ඇබෑර්තුවේ දක්වා තිබුණේ, “OceanGate, Inc. හි කළමනාකාරිත්වයට අපගේ මිනිසුන් සහිත ගිල්විය හැකි සහ ආධාරක යාත්රා කළමනාකරණය සහ ක්රියාත්මක කිරීම සඳහා උප නියමු/මැරීන් කාර්මික ශිල්පියෙකු සඳහා ක්ෂණිකව බඳවා ගැනීමට රැකියා ඇබෑර්තුවක් ඇති බවයි. සංවේදී සමුද්ර උපකරණ මත වැඩ කළ හැකි, නිතිපතා නඩත්තු කළ හැකි සහ කිමිදුම් මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා සංකීර්ණ පද්ධති ක්රියාත්මක කළ හැකි ශක්තිමත් යාන්ත්රික සහ අන්තර් පුද්ගල කුසලතා සංකලනයක් ඇති කැපවූ සහ දක්ෂ පුද්ගලයෙකු අපි සොයන්නෙමු (මෙය සාගර විද්යාව හෝ සමුද්ර නොවේ) “ යනුවෙනි.
එමෙන් ම ජාත්යන්තරයේ ද, මේ සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබූ අතර සමාජ මාධ්ය තුළ මේ පිළිබඳ විවේචන එල්ල වී තිබුණේ මෙලෙසින්.

Twitter ඔස්සේ ද, මේ පිළිබඳ පළ වූ සටහනක් පහතින්.
OceanGate is already hiring for a new Submersible Pilot/Marine Technician who died this past week.
— Elizabeth Weibel (@elfaddis) June 23, 2023
Don’t work for a job that won’t hesitate to replace you in a second. Prioritize yourself and your health. pic.twitter.com/shZV4dN7cV
මේ හේතුවෙන් මෙහි නිරවද්යතාව සොයා අප විමර්ශනයක් කිරීමට පියවර ගත්තා.
Fact Check (සත්ය තොරතුරු විමර්ශනය කිරීම):
OceanGate හි ‘ටයිටන්’ සබ්මැරීනයේ සුන්බුන් ජුනි 22 වන දින සොයා ගත් අතර, ඉන් පසුව එහි සිටි මගීන් පස් දෙනෙකු සෙවීමේ සහ ගලවා ගැනීමේ මෙහෙයුම් නතර කරන ලදී. මගීන් මිය ගොස් ඇත්තේ සබ්මැරීනය “ඛේදනීය පිපිරීමක” ට ලක් වූ නිසා බවට යැයි විශ්වාස කෙරේ.
ඉහත දක්වා ඇති ලෙස OceanGate සමාගමේ නිල වෙබ් අඩවියේ මෙලෙසින් රැකියා පළ කිරීමක් සිදු කර ඇත්ද යන්න පිළිබඳ අප එම වෙබ් අඩවිය හරහා පරීක්ෂා කිරීමට උත්සහ කළ ත්, වෙබ් අඩවිය තවදුරටත් සජීවී නොවන බව ට දැක ගන්නට ලැබුණා.

මේ හේතුවෙන් අප සංරක්ෂිත අනුවාදයන් ඇති Wayback Machine හරහා OceanGate හි නිල වෙබ් අඩවිය පිළිබඳ පරීක්ෂා කිරීමේදී, අපට දැක ගන්නට ලැබුණේ, ‘ටයිටන්’ සබ්මැරීනයේ සුන්බුන් සොයාගත් දින එනම් ජුනි 22 වන දින වෙබ් අඩවිය අවසන් වරට සජීවීව ඇති බව ට සංරක්ෂිත ප්රතිඵල දැක ගන්නට ලැබෙන බවයි.

Wayback Machine හි වෙබ් අඩවියේ රැකියා ලැයිස්තුගත කිරීම් වල සංරක්ෂිත අනුවාද සෙවූ අතර එම රැකියා ඇබෑර්තුවේ සංරක්ෂිත කර තිබූ අනුවාදය ප්රථම වතාවට 2020 අගෝස්තු සිට 2023 මැයි දක්වා එම රැකියා පළ කිරීම අඩංගු වෙබ් පිටුවේ සංරක්ෂිත අනුවාද කිහිපයක් හමු වූවා. ඉන් පැහැදිලි වන්නේ ද, මෙම රැකියා පළ කිරීම, ටයිටන් ඛේදවාචකයට පසුව සිදු කළ පළ කිරීමක් නොවන බවයි.

1912 වසරේදී මුහුදුබත් වූ ලෝ ප්රකට ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම සඳහා පුද්ගලයන් 05 දෙනෙකු රැගත් OceanGate සමාගමේ ‘ටයිටන්’ නම් සබ්මර්සිබල් යාත්රාව පසුගිය ඉරිදා (ජූනි 18) කැනඩාවේ, Newfoundland හි St. John නගරයෙන් සිය ගමන ආරම්භ කළා. සබ්මැරීනය අනතුරුට ලක්වීමෙන් එහි ගමන් කළ පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් තිබුණා.
අනතුර සම්බන්ධයෙන් සමුද්ර විමර්ශන මණ්ඩලයක සහාය ලබාගනිමින් එම විමර්ශනය සිදුකිරීමට සැලසුම් කර ඇති අතර අදාළ විමර්ශනය සඳහා සබ්මැරීනය අනතුරට ලක්වු ස්ථානය සිතියම් ගත කිරීමට ද ලක්කර ඇති බවත්, ඒ සඳහා ප්රංශය, කැනඩාව, බ්රිතාන්ය යන රටවල්වල සහයෝගය හිමිවීමට නියමිත බවට විදෙස් මාධ්ය වාර්තා පෙන්වා දෙනවා. ඒ සම්බන්ධයෙන් පළ වූ මාධ්ය වාර්තා මෙතනින් සහ මෙතනින්.
අමෙරිකානු වෙරළාරක්ෂක බළකාය සඳහන් කළේ, මෙම පරික්ෂණයෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියමිත අතර අනාගතයේ දී මෙවැනි අනතුරක් සිදුනොවීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට ද පියවර ගන්නා බවයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.
Also Read: ටයිටන් යාත්රාවේ සුන්බුන් ලෙස හුවමාරු වන නොමඟ යවන සුළු ව්යාජ ඡායරූප පෙළක්!
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, OceanGate Expeditions එහි වෙබ් අඩවියේ ටයිටන් යාත්රා අනතුරින් පසු දියයට ගිල්වෙන (සබ්මර්සිබල්) යාත්රා නියමුවෙකු සඳහා රැකියා පළ කිරීමක් සිදු කර ඇති බවට දක්වමින් සමාජ මාධ්ය ඔස්සේ පළ වූ සටහන් අසත්ය බවයි. අප කළ විමර්ශනයේදී දැක ගන්න ට ලැබුණේ, මේ වන විට ක්රියාත්මක තත්ත්වයේ නොමැති එම සමාගමේ නිල වෙබ් අඩවියේ සංරක්ෂිත අනුවාදයන් ඇති Wayback Machine හරහා කළ පරීක්ෂාවේදී අපට දැක ගන්නට ලැබුණේ, ‘ටයිටන්’ සබ්මැරීනයේ සුන්බුන් සොයාගත් දින එනම් ජුනි 22 වන දින වෙබ් අඩවිය අවසන් වරට සජීවීව ඇති බවත්, එම රැකියා ඇබෑර්තුව 2020 අගෝස්තු මස ආසන්නයේදී පළ කළ රැකියා ඇබෑර්තුවක් බවයි.



